Thursday, January 5, 2023

විස්සයි විසි තුන

Share it Please


 

කල් ඉකුත් වූ කලට මල් පිපෙන වසන්තය
මැවී ඉහිරෙයි අරුම පුදුමව සුදුම සුදු හිම
ගලා යන්නට නොදී නවතා
පාෂාණිභූචිතව රැඳවූ මිරිදිය...

පුළුන් මල් විසුරුවා හඳ එළිය පාටට
වසං කරවා ඉඳු දුන්නෙ හත් පෙත්ත
අළුත් නමකුත් මුමුණ මුමුණා
උදාවෙයි මලානික සිසිරය...

උතුරු මාරුතය සිඹ කඳුළු බර මෝසම
මුදා හල දුක් දෝමනස්සයන් හැම
මිදී ගිලිහී තාරකා වී රැඳෙයි
තුරු අගිසි සඳළු තල මත...

සදාහරිතය සථප කල දේවදාරය
මැලවුනු හරිත පැහැ නිය අග
බදා අල්ලා  කඳුළු ගල් කැට
හිඳී නිසලව ශ්වේත තප්තව...

නිම්නයේ කෙළවරක මිදුණු විල අද්දරක
මල් ගොමුව ගුම් නැගුනු මුණු මුණුව
වසාගෙන වැළඳගත් හෙවනැල්ල
අහිමි වූ සෝ බරිත එල්ම් ගස...

සලයි හිම තුහින රැඳි තුංග හිස
නොගිලිහුනු මතකයක අගිසි අග
පත් මෙන්ම අත් නගා ඉගිල ගොස්
නිහඬ වී නිසල වුනු 
සකුන් ගී නද රැඳි වසන්තය...!

ජනවාරි 5, 2023






6 comments:

  1. Replies
    1. එළ විතරක් කිව්වාම ඊළඟ වචනේ මොකක් වෙන්නැද්ද කුකුසක් එනවා නේ ..... ‘කිරි‘ නං මනාපයි, ‘දෙන‘ නොවී.

      Delete

Blogroll

About