Wednesday, April 20, 2022

ගාළුමුවදොර මහජන සරසවිය

 රටේ ප්‍රශ්න ගැන කතා කිරීම දේශපාලනය යැයි හංවඩු ගසා, 
"අනේ ඔව්ව කතා කරල වැඩක් ‌නෑ මෙයා...., කොච්චර කිව්වත් ඔච්චරම තමයි..."
කියන්නට පුරුදුව සිටි පරම්පරාවකට පසුව, 
දේශපාලනය කරන්නට නම් මොකක් හෝ පක්ෂයකට සක්කයක් මුක්කුවක් ගසා
පඹයෙක් රූකඩයක් සේ
ඒ පාටටම මුත්‍රා කරන මලපහ කරන මෙන්ම
ඒ ගඳම සුවඳය කියමින්
ඒ තාලයටම ගයන රඟන වයන
පාක්ෂිකයකු වීම
අත්‍යවශ්‍ය කාරණයක්ය
හිතූ පරම්පරා ගණනකට පසුව....
ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාතන්ත්‍රවාදයම මිස
පූජාතන්ත්‍රවාදයක්
නොවන බව
අප හැමට පසක් කරදෙන
ගාලු මුවදොර පොදිකන
ඔබ හැමදෙනාට
මගේ ප්‍රණාමය.

පහත සබැඳිය
අප‌ේ පරම්පරාවල
සම්ප්‍රදායේ වරද
ඉස්මතුකොට පෙන්වා දුන්
උයන්ගොඩ, ගාළුමුවදොර 
මහජන සරසවිය අරඹමින් කල කතාව
අළලා සැකසුනු රූපවාහිනී වැඩසටහනකටයි.






Continue Reading...

Blogroll

About