Sunday, January 29, 2023

පුංචි පොඩි මල්....!

Share it Please

 


මලක් ඇතුලෙත් 
දහස් ගණනක් 
පුංචි පොඩි මල් තියෙනවා 

එකක් පරවෙන 
වරක් පාසා 
තව මලක පෙති ඇරෙනවා 

අපිත් එහෙමයි 
අපිත් එහෙමයි 
කියා අපටත් හිතෙනවා 

දවස ගානේ 
අළුත් සුවඳට 
අළුත් පොඩි මල් පිපෙනවා 

6 අගෝස්තු 2020

No comments:

Post a Comment

Blogroll

About