Sunday, January 29, 2023

අවශේෂ පත්‍ර....

Share it Please

 


සුවඳත් මතකයි මතකය සුවඳයි
දවසත් මතකයි එකමෙක දවසයි
ජීවිතයම එක මොහොතක් වී
ඉර හඳ ගිනිගෙන මිහිකත සසලව
ඔබ මම ඉපදී සුවඳැති මල් වී
පරවී මියැ දී නිසල වුනේ

පියවුනු නෙතු මත දෑඟිලි දිවගිය
සිහිනෙක දේදුණු පැහැ අතුරා
ජීවිතයම ඒ මොහොතයි නිසැකව
මේ ඉර හඳ ලොව තිබෙන තුරා

සමනල තටුවල ඇඳි රූ සටහන්
නොමැකෙයි නිසලව ගිලිහෙන දා
සමනල කන්දේ රෑ හෙවනැල්ලේ
සැනසිලි සිතිවිලි රැඳෙයි සදා

6 දෙසැම්බර් 2020

No comments:

Post a Comment

Blogroll

About