Sunday, January 29, 2023

ආදරේ කියන්නේ ඒකට....

Share it Please

 


වෙරළක් මොකට
දැන ගන්න ද
පාවී ඇවිත් රැඳවෙන
සිප්පි කටුවක
ආ ගිය ගමන් ගැන

තරඟ ඉපදෙන දියඹ
හංගාපු ගල් පරවල
නන්වන් කොරල් මල් වල
හැඩ වැඩට ලියවුනු කතන්දර

පාවාඩ අතුරා සිඹ
ඔන්න මං ආවා කියන විට
ඇස් පියා වැළඳගෙන
හාද්දක් දෙනු මිස

වෙරළක් මොකට
දැන ගන්න ද
සිප්පි කටුවක
ආ ගිය ගමන් ගැන

ආදරේ කියන්නේ ඒකට....

පින්තූරය - Yashodha Sammani ගෙනි.

16 නොවැම්බර් 2021

6 comments:

  1. නගරසෝබනියකගේ අත්දැකීමක් කියාත් සිතෙනවා. ලස්සන නිර්මාණයක් රන්සිරිමල්.

    ReplyDelete
    Replies
    1. අගය කලාට තුති. වචන එකතු වුනේ නම්, එහෙම සීමාවක් සලකගෙන නෙවෙයි. මෙහෙම තමුන්ට සමීප කෝණයන්ගෙන් බලලා විඳින්න පුළුවන් වීමත් යම් සාර්ථකත්වයක් ය හිතනවා.

      Delete
  2. ආදරේ කියන්නෙ ඒකට නෙමෙයි මේකට
    මම ආපු ගමන ගැන නොදැන ආදරය කළ හැකි මුත්
    අප එකිනෙකා තේරුම් ගන්නේ කෙසේද අපේ ගමන් මඟ ගැන කතා නොකොට
    සිප්පිකටුවක් කොඳුරයි වෙලරළට

    ReplyDelete
    Replies
    1. සිප්පිකටුවක ආසාවනේ ඉතින්....
      තුති.

      Delete

Blogroll

About