අළුත වට හිම වැස්ස පිරුවටක් සේ අතුල
මිදුල බිම කෙත් යාය මහ මගත් වියපත්ව
සිනාසෙද හඩන්නෙද හෙමින් ඉකි බිඳින්නෙදදිග ඇදී දිගාවී නිසසලව සන්සුන්ව
හිමාලය මුදුන උස සීතලට හාදු දී
හුමාලය වී විලේ දිය රඟයි බොඳ වෙවී
ගිනි නැතිව දුම් නැගෙයි විල් තලාවේ පිරී
හිම තලාවට ගලා කඳුළු හැදෙමින් මිදී
පහන් රුක පහන යට නත්තලට ඇණ ගැසුව
කොල පාට නොගිලහුනු රිකිලි මල් සැරසිල්ල
මලානික විදුලි නෙතු කම්මැලිව පිය සලයි
ජනේරුව ආ වගක් ගිය වගක් අමතකව
පවන් වැල් පටලැවී සසලවී කරකැවෙයි
නිල මැකී අඳුරු වූ අහස දෙස නෙත් හෙලයි
හිම බැඳී සුද මිදුණ වෙවුලනා අගිසි අග
යන්තමට පණ තියෙන රතු රිබන් සැරසිල්ල
හොටින් හොට ගාවමින් පුරුදු කිචි බිචි නැතිව
උණුහුමක ඉඩ හොයන ගේ කුරුළු තුඩගකට
ගී ගයන හඬ ස්වර අහිමි කර සිර කෙරුව
ජනේරුවෙ සුදුම සුදු සීතලේ ගිනි දළුව
ජනවාරි 26, 2011
No comments:
Post a Comment