"නිවාඩුවට එන සෑම විටකම ආච්චි අම්මාට කියවන්නට කුමක් හෝ පොතක්, පත්තරයක් රැගෙන ඒමේ පුරුද්ද මවෙතින් ගිලිහී නොයේ. ඒ මා පෙන්වමින් සිටියේ 'විමුක්ති මග පණ පිදුවෝ' පොතේ මේරි ඇග්නෙටා සිස්ටගේ සේයා රුවය. ඈ මගේ සෝයුරියකැයි කිව හැකි තරමට ඒ සේයා රුව සහ මගේ පියවි රුව අතර සමානකමක් ඇත. මිනිසුන් සමග උරෙනුර ගැටෙමින් ඉටුකළ ඇගේ සේවාවද, ඇගේ ඇවතුම් පැවතුම් ද මගේ සිත් ගති.
"අප්පේ සීදේවි සිස්ට කෙනෙක්. කොහෙද පුතේ ඒ සිස්ට ඉන්නෙ? පුතාගෙ යාළුවෙක් ද?"
ආච්චි අම්මා මගෙන් විමසන්නී ය.
"ඒ සිස්ට දැන් ජීවතුන් අතර නෑ ආච්චම්මේ. එයා මැරිලා."
"සන්තානම් මෑණියනේ! ඒ මොනව වෙලා ද?"
වික්ෂෝප මාතාව ඈ විස්සෝපයට පත්වන්නී ය.
"අසූ තුනේ කළු ජූලිය වෙලාවෙ ලුණුගල කොන්වන්ට් එකකදි සිස්ටව මරාදාල"
"හපොයි, හපොයි, ඒ මොන අහස පොළව නුහුලන වැඩක් ද? ඒ සිස්ට දෙමළ කෙනෙක් ද?"
"නෑ, ආච්චි අම්මේ, ඒ සිස්ට සිංහල. ඒ වුණාට අසූතුනේ කලබල වෙලාවෙ ඒ සිස්ට දෙමළ මිනිස්සුන්ට උදව් කරල තියනවා. එයාලව බේරගන තියනවා. එහෙ ඒ වෙද්දි ඉඳල තියෙන්නෙ දෙමළ ෆාද කෙනෙක්. ඒ ෆාදටත් මරණ තර්ජන තිබිල තියනවා. ඒ ෆාදව බේරගන්නත් සිස්ට මහන්සි වෙලා තියනවා. ඒ හින්ද වෙන්න ඇති සිස්ටවත් වෙඩි තියල මරන්න ඇත්තෙ."
"රටම ගිනි ඇවිළුණානෙ ඔය කාලෙ. මේ ගම්වල නම් ඉතින් දෙමළ මිනිස්සු උන්නෙ නෑ. ටවුමෙත් කඩ කඩල කෝලහාල ඇති වුණා වගේ මතකයි. අනේ පව් .... සීදේවි සිස්ට. සිස්ටර්ල උණාම ඉතින් මිනිස්සුන්ට උදව් කරන්න ඕන නේන්නං"
"අසූ තුනේ ජූලි විසි හත් වෙනිදා රෑ තමයි සිස්ටට වෙඩි තියලා තියෙන්නෙ, ලුණුගල කොන්වන්ට් එකේ ඉද්දිම. බදුලු ගෙනිහින් පස්සෙ කොළඹ මහ ඉස්පිරිතාලෙටත් ගෙනැල්ල දවස් දෙක තුනකට පස්සෙ තමයි සිස්ට නැතිවෙලා තියෙන්නෙ. ආණ්ඩුව කලබල ඇතිවෙච්ච මුල් දවස් ටිකේ මොනවත්ම කළේ නැහැලුනෙ. ඇති තරම් මරන්න කොල්ලකන්න ඉඩ දීලා බලන් උන්නලු නෙ. මැරුණු අය භූමදාන කරන්න ගෙනියන්නත් ඉඩ දීල නෑ. සිස්ටවත් පොලිසිය මුල්වෙලා වලදාන්න හදල තියෙන්නෙ. පස්සෙ සිස්ටගෙ නෑ වෙන හාමුදුරු කෙනෙක් මැදිහත් වෙලා තමයි මිනිය අරන් තියෙන්නේ"
"අපිත් පරම්පරාවෙන්ම යූඑම්පී කාරයො තමයි පුතේ, ඒත් ඒ වෙලාවෙ නම් වැඩ සිද්ද වෙච්ච හැටි අන්තිම නරකයි...."
- දේශද්‍රෝහියා ගේ නිර්මල හෘදය (තරංගනී රෙසිකා ප්‍රනාන්දු - තරුරසී) පිටු 181-183
ලාංකේය කතෝලික ක්‍රිස්තියානි සංස්කෘතිය තුල විශේෂිතව වරනැගෙන්නේයි මා සිතන වචන දෙකක් තිබේ. එකක් බැහැපත්කමය. අනෙක කැපවීමය.
බැහැපත්කම යනු බැගෑපත් කමවත්, ව්‍යාජයෙන් මවා පෙන්වන්නාවූ අසරණකමක්වත් නොවේ. එය තමුන් පහත්ය අසරණය දුගී ය දුප්පත්ය කියා මවා ගන්නා වූ හීනමානයකුත් නොවේ. බැහැපත්කම කිසිවෙක් කිසිවකුට වඩා වැදගත් නොවන්නේය යන සිතිවිල්ල ඔස්සේ සිය මමංකාරය සිඳලීමක් යැයි මම හඟිමි. සමාජයේ අල්පේච්ඡය සැලකෙන්නාවූ ආත්මයක් වුවද සිය හදවතට සමීප කරගන්නට ශක්තිය ඇත්තේ බැහැපත් වූවේ වෙයි.
කැපවීම වර්ණ ගැන්වීම මෙයටත් අසීරුය සිතමි. එය එතරම්ම අධ්‍යාත්මික වූ බැම්මක් සේ මා හඟින හෙයිනි. බාහිරව බලන කල කැපවීම, යම් යම් වරනැගීම් තුල මිත්‍යාවක් යැයි සැලකෙන, අදෘශමාන වූ දෙවි කෙනෙක් වෙනුවෙන් කෙරෙන ජීවිත පරිත්‍යාගයක් යැයි කෙනෙකුට පෙනිය හැකි වුවත්, කැපවීම යන වචනයේ ප්‍රායෝගික අරුත, මානුෂිකත්වයේ උත්තරීතර පිටාර ගැලීමක්ය සැලකිය හැකි තරම් ගැඹුරට විහිදෙන්නේයැයි සිතවන සාධක අතරට ගිනිය හැකි, තරුරසී ගේ කතා පොතේ සඳහන්වන්නා වූ අතුරු කතා අතරින් එකකි මේ.
පේරාදෙණියෙන් ඇරඹී චෙන්කලාඩි දක්වා විහිදෙන A5 ප්‍රධාන මාර්ගය බදුල්ල, පස්සර, හොප්ටන් පසුකර කඳුුුුකරයේ අවසානය සටහන් කරන ආසන්නයේ ලුණුගල නගරයට එළැඹෙයි. ලුණුගල නගරය සනිටුහන් කරන කඩ සාප්පු ද පොලිසියද පසුකර කුඹුක්කන් ඔය පසුකල ඇසිල්ලේම දකුණු පස කුඩා කඳුු ගැටයක් මත ලූර්දු මාතා දෙව් මැදුර පිහිටා තිබෙයි. ඒ අසලින් කන්ද ඉහල ලුණුගල කුඩාමල කන්‍යරාමය ය.
"කලින් ඇතුල්වෙන දොර තිබුණෙ මෙතනින්.... ෆාද ව මරන්නනෙ ඇවිත් තියෙන්නෙ. ෆාද හිටියෙ නැති නිසා කොන්වන්ට් එකට ඇවිත්. දොර ඇරපු තැනම......."
සිස්ටර් තනුෂියා හිස මදක් ඇලකර සුසුමක් හෙලයි. හිරු එළිය දිදුල්දෙන ජනේලය ඒ කුඩා කාමර කැබැල්ල, ස්වර්ගීය දීප්තියකින් පුරවාලයි.
"ඔය සිස්ට ඇග්නෙටාගෙ පින්තූරෙ...."
කණට කොඳුරන නිහඬතාවය කියන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට මම තැත් කරමි. මේ දුරස්තර නගරයක පිහිටි මේ පුංචි කන්‍යාරාම ගොඩනැගිල්ලක් තුල නවසිය අසූතුන තරම් ඈත කාලයක ජාතිවා දී වියරුවෙන් උන්මාද වූවකු ගේ ගිනි අවියකින් පිටවූ මරණ වරෙන්තුව තුරුළු කරගෙන බිම හෙලුනු, තරුණ දේව දාසියකගේ මරණය, තවත් එක සිද්ධියක් ලෙස, 'කී දෙනෙක් මලා ද.... තව එක්කෙනෙක් ඉතින්' වශයෙන් දකින්නට හිතන්නට මගේ සිත ඉඩ නොදෙන්නේ මන්දැයි මම සිතමි.
"සිස්ට.... ඇයි සිස්ට කෙනෙක් වුණේ?"
මම සිස්ට තනුෂියාගෙන් අසමි. ඈ සිනාසෙයි. ටිකක් දිගු කතාවක් අතර ඇගේ පිළිතුර ගොනුවෙයි.
මඩකලපු ප්‍රදේශයේ උපන් ඇයට, උසස්පෙල කාලයේ රට තොට ඇවිදීමටත්, මිනිසුන්ට සේවය කිරීමටත් තිබූ ආශාව හා බලාපොරොත්තුව, ගෙදර පවුලේ දේව භක්තිය හා මුසුව මේ මගට යොමුවීම මේ ගමනේ ආරම්භය බව ඕ කියයි.
මේරි ඇග්නෙටා කන්‍ය සොයුරිය ජීවිතය දුන් කුඩාමල, පෙරපාසලක්, යොවුන් හුරුකම් මධ්‍යස්ථානයක් මෙන්ම, අධ්‍යාපනික උදව් පන්ති පැවැත්වෙන පසු පාසලක් ලෙසත් තවමත් විකසිතව තිබේ. පෙර පාසලේ දරුවන් ගැනත්, වැඩිවන සිසුන් ගණන ගැනත්, ගොඩනැගිල්ල තරමක් විශාල කරන්නට තමන් ගන්නා වෑයම ගැනත් සිස්ටර් තනුෂියා මට කියයි.
අවුරුදු තිස්හයකට පෙර, මෙතැනට ආවා නම්, සිස්ටර් ඇග්නෙටා ගේ මුවින් මේ වචනම මේ ලෙසින්ම වාගේ අසන්නට තිබුණා නේ දැයි මට සිතෙයි.
ලේ වලට මිලක් නැත. එහෙත් බලහත්කාරයෙන් බිම හෙළූ සෑම ලේ බිඳුවක්ම සදාකාලිකව පවත්නා සුවඳක් ඉතිරි කර තබයි. බලහත්කාරයෙන් උදුරාගත් සෑම ජීවිතයක්ම, වෙසෙසින්, සිස්ටර් ඇග්නෙටා වැනි, මනුෂ්‍යත්වය වෙනුවෙන්ම කැපවූ ජීවත, නොමැරෙන, නිහඬ නොවන කතාවක් ඉතිරි කර තබයි.
මේ සටහන කියවන ඔබ කෙදිනක හෝ ලුණුගල හරහා ගමන්කරන්නේ නම්, හැකියාවක් ඇත්නම් මදකට නැවතී, කුඹුක්කන් ඔය අසබඩ, ලූර්දු මාතා දෙව්විමන අසල, කුඩාමල කන්‍යාරාමයට ගොඩවැදී යන්නට මම ආරාධනා කරමි. එපමණකින් නොනැවතී කන්‍යාරාමයෙන් කෙරෙන, විශේෂයෙන් ප්‍රදේශයේ තේ වතු කම්කරු දරුවන් වෙනුවෙන් කෙරෙන සේවාවටත් සම්මාදම් වීමට ඔබට හැකි වේ නම් ඉතාමත් අගනේය.
[ඔබ කිසිවකුට මේ පිළිබඳව වැඩි විස්තර ඇවිසි නම් ලබාදිය හැකිය]
Continue Reading...