Thursday, January 26, 2023

වීදුරු

Share it Please

 



සුදුපාට වැලිකැට 
ගින්දරෙන් දියවී 
ඝනීභවනය වී හැදෙන 
අරුම පුදුම ද්‍රවයකි...
වීදුරු

පැතැලි,
සුදු,
වීදුරු ලෑලි 
පාර දෘශ්‍යයය...
ආලෝකයට... 
තාපයට...

එහෙත් නවතයි හඬ... 
සිනා හඬ 
හැඬුම් හඬ 
හෙමින්... 
ඉකි බිඳිනා හඬ

එහෙත් නවතයි සුවඳ... 
මල් සුවඳ 
පරමල් සුවඳ 
කුණුව ජරාවට යන 
සියලු දේවල ගඳ

එහෙත් නවතයි පහස 
පහස අතැඟිලි වෙලෙන 
තෙතමනය දෙතොලක 
උණුහුම පපුතුරක රැඳවුණු හිසක

මගේ වීදුරු බෝතලය තුළ හිඳ
බලමි මම 
බලමි මම ඔබ දෙස...
 
දෙතොල රැඳි සිනහව 
දෙනෙත් ගැඹරේ හීන...
දිනමිණ | වසත් සුළඟ | 2015 පෙබරවාරි 10 අඟහරුවාදා http://www.dinamina.lk/epaper/?id=24&tday=2015/02/10

No comments:

Post a Comment

Blogroll

About