අකාසෙ ඔහේ පියාඹන වළාකුලකට
හැඩයකුත් තියෙන්න ඕන ද?
කොහෙන් ආවා ද නොදැන
කොහේ යනවාද නොදැන
ඉබේ පාවෙන වළාකුලකින්
යන දිහා අහන එක සුදුසු ද?
වළාකුළු ගස් නෙවෙයි
මුල් ඇදන් පොළවට
බදාගෙන නැවතී ඉන්න
මල් පිපෙන කොල හැදෙන
අව්ව වැස්සට හෙවන දෙන
ඉතින්....
ආකාසෙ ඔහේ පියඹන වළාකුලකට
හැඩයකුත් තියෙන්න ඕන ද?
2 සැප්තැම්බර 2021

No comments:
Post a Comment