Thursday, January 12, 2023

නයගරා ඇල්ල ලඟ ලිහිණියා

Share it Please

 

පස් මහා විල් පුරා උතුරා
ඇවිත් ඇවිදන් සම බිමේ
ආගාධයකට විහින් පනිනා
තුංග දියකඳ මායිමේ
බෙල්ල මානා ඉන්නවා උඹ
ඇල්ල ලඟ ගල්  බැමි වැටේ

යන්නෙපා යැයි සන් කරන්නද
ඇල්ල පනිනා අගාධය ගැන
කියා නවතා නවත්තන්න ද
රැවුම් මුහුණින් අපි දිහාවම
බලන්නේ උඹ ඔය වගේ

කන්ද මුදුනේ උල්පතක හිඳ
ගලන ගඟකට අළුත් නෑ මග
ගලින් ගලකට හිස ගසාගෙන
දියළුමක් වී ඇද හැලෙන රඟ

ඒත් එහෙමද තැනි බිමක මැද
නිසොල්මන් වී ගලපු ජලකඳ
අගාධයකට නගා අඬහැර
මහා වේගෙන් ගිලී යන එක....?

අමුතු දේකුත් නෙවෙයි බං....

ඈත දුර ඉඳු සයුර මැද්දේ
අපේ දේසේ මුතු ඇටේ
එහෙත්  මේමම ණය ගරාවකි
ණය වෙලා ලොව දහ අතේ
කන්න බොන්නත් හිඟම හිඟවී
පුංචි එවුනුත් හාමතේ......







No comments:

Post a Comment

Blogroll

About