![]() |
දැදුරු හද මඬල සිදුරෙහි
මිටි කෙරුව දකුණත හොවමි
සොඳුරු මතකය වසා
ලේ කැටිති අතුරවමි
අඳුරු පෙත් මග දෙපස
විසිරවුනු මල් පෙති දකිමි
අඩ දැණිව පහත් වී
පා ලකුණු සිඹගනිමි
පළුදු වූ අහස එළලා
කළු වලාකුළු අවුණා
හැකි ද සකි නවතන්න
සොමි කිරණ....
රක්ත තප්තව ගලන...!
25 අප්‍රියෙල් 2021

No comments:
Post a Comment