Sunday, January 29, 2023

කහ රතු නිල්....!

Share it Please


 


"ඔයා පාට තුනක් කියන්ඩ"

"මේ කහ මේ රතු මේ නිල්"

"මේ පේලියට තියන ඒවා...?"

"නෑ.....
මේ කහ
එයින් එකයි දෙකයි තුනක් යට රතු,
එයිනුත් තුනක් යට නිල්"


පතුරු ගිය හදවතක
ඉතුරු ටික අරගත්
රිදුණු අතකින් ඇඳෙන
ජීවිතේ සම්පත්

මහල් නිවසක උඩම
බැල්කනියෙ හිඳගත්
හිතක් ඉපිලී නටයි
ජීවිතේ මොහොතක්....!

11 නොවැම්බර් 2021

No comments:

Post a Comment

Blogroll

About