Monday, October 31, 2016

බූන්දි කවි කරන්ට්ස් - ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී? යශෝධා සම්මානි ප්‍රේමරත්න

බූන්දියෙන් (www.boondi.lk) උපුටාගත් යශෝධා සම්මානි ප්‍රේමරත්න ගේ රචනයක්.

අබලි පැතුමක් වැළැපේ
සුව නොවන කැළලක් යළි යළිත් පෑරී
කැබැලි වුන පපුවකින් ගිලිහේ
උණුසුම් සුසුම් බිඳු බේරි බේරී
'ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී'

තටු සිඳුණු නව යොවුන් විහඟුන්
පටු උගුරු පුම්බ පුම්බා
අළුත් තනු හොයන කල්හී
පිටුදකින පිටුවහල් කරවන
කෙටි මගද කියනු මැන මහතුනී,
ළමැද්දට මානා මුදා අත්හල හී?

මුල් ද ලා දළු ද සිඳ
බොල් කඳට ආවඩන දේශයක
වප් අහස ගුගුරුවා ඇද හැලෙන
වැසිදියත් තිත්ත මලකඩ රසකී

පස් අතර හංගා තැබීමෙන්
වසං කල හැකිද වැගිරුණු සීරී
දම් සකක් අලවා උරිස්සේ
උණ්ඩයෙන් නගන, වන්දනා ගාථා හඬ ද,
'ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී'?

ඡායාරූපය-www.onlanka.com

http://www.boondi.lk/article.php?ArtID=5039
Continue Reading...

Saturday, October 29, 2016

කවි බූන්දි - ඒ නිවෙන මග යම් දිනෙක මට ද පවසන්න ! - වින්ද්‍යා ආරියරත්න


බූන්දියෙන් (www.boondi.lk) උපුටාගත් වින්ද්‍යා ආරියරත්න ගේ රචනයක්. 



















"ඔබව ලද , 
මවකගේ හිත නිවෙයි
පියෙකුගේ හිත නිවෙයි
බිරිඳකගේ හිත නිවෙයි"
මම ඉතා දුර සිට සිතට දිරි ගෙන 
එක් දිනෙක ගැයූවෙමි !
ඉනික්බිති,
ඔබ නික්ම ගිය දා සිට
ඔබ එවූ ඔබ පැළඳි
මෙ'මුතුහර වැළඳ වැළපෙමි !
සිත නිවා සැනසූ 
ඒ දිව්‍යමය මුතුහරය
සඳළුතල කවුළුවෙන් දුටු 
ඔබෙ නිවුණු මදහසම පමණෙකි !

ඉර නිවී කතර මග මල් වැහි වෑහෙන්න 
ඈත මහ වන මැදක තනි නොදැනෙන්න 
කටුක කටු කැළෑ තුළ දෙව් විමන් සෑදෙන්න 
ඉතා රහසින් යදිමි මම
සිය දහස් වර කිසිවකුට නොහැඟෙන්න !

ඔබ රළු වස්ත්‍ර දරණා බව අසමි
-මම මෘදු කසී සළු තුළ දැවෙමි
පිළුණු නීරස අහර වළඳන වග අසමි
-රස බොජුන් රත් යවට මම බුදිමි
ශුෂ්ක දුශ්කර මගෙහි ගල් බොරළු වැඳ දෙපා සීරෙන බව දනිමි
-රන් මිරිවැඬි පැළඳ මම ගිනි අඟුරු මත ඇවිදිමි

ඔබ විඳින දුක් එලෙසින්ම විඳගැනුම
ඇයට හිමි දිව්‍යමය සැපයකි -අපාදුක් ඉවසමි !

ඈ ඔබේ අත අත්නෑර
සංසාරයක් දිග මාවතක පියනගන විට
ඇවිද ආවෙමි මම ද
එකදු කවියක් හෝ නොලියවෙන්නට නියමිත
ගොළුව ගිය ප්‍රේමය දරා ගෙන 
ඔබෙ පසුපසින් පියනැගුම නම් වන
සසර බිහිසුණු ගින්න 
තවත් නම් ඉවසිය නොහැක !
හිමියනි, 
ඔබ සොයා ගිය ඒ නිවෙන මග 
යම් දිනෙක මට ද පවසන්න ! 

http://www.boondi.lk/article.php?ArtID=5034
Continue Reading...

කවි බූන්දි - හැම බිම් අඟළක් යට ම හුස්ම ගන්නා මිනිසෙකි! තුෂාරි ප්‍රියංගිකා


බූන්දියෙන් (www.boondi.lk) උපුටාගත් තුෂාරි ප්‍රියංගිකා ගේ රචනයක්.

















බයාදුම ඇස් අගින් එල්ලුණ
දයාර්ද්‍රම හැඟීමකි වසැංගුව
ලෙන්ගතුකමක් නැති හිම පොදත්
හීතලෙන් පවා හිත මිරිකුව

උනුනුන්ට බෙදාගන්නට තිබුණු හුස්මකි
ආකහේ හෙළා දා ගියත් ඒ මේකුළු
කොයිතරම් පිපිරුණත් සිතුවිළි
කිසිවෙකුට වැළඳ ගන්නට බැරි වුණු

ගින්දරම පත්තු වුණු පපුවකින්
ආදරේ විතරමයි ඉල්ලුවේ
ත‍්‍රාසයයි තත්පරෙන් තත්පරේ
සිත්තරෙක් තමයි ඒ - කැන්වසය බොඳ කළේ

එකම හුස්ම බිඳුවක් - කාටත් හොරෙන් තියාගත්
ගැහි ගැහී වධ වින්ද සෝයුරන්
වදකාගාරයක කෙළවරින් බෝ දුරින්
කෙළවරක් වුණි ද විෂවායු කුටියේම අද්දරින්

උතුරු සුළඟට වුණත් - පණ නළක් තිබුණා
නැගෙන ඉර මහ දවල් - සිඳු සළුවෙ ගිලුණා
මරණයේ මල්මාල ගෙල පුරා වැටුණා
අදත් ඈතින් දියඹ ඒ සුසුම් ඇඳුණා

බසක් කියන්නේ බසකටම නෙමේ
නමක් කියන්නේ නමකටම නෙමේ
රටක් කියන්නේ රටකටම නෙමේ
මිනිස් වෙසින් ඉන්නේ මිනිසුන්ම නෙමේ

දිනූවෙකු නැති හිස් බිමෙකි නිහඬ වූ
සොහොන් කොත් පමණක් ම ඉතිරි වූ
ආත්මය පාරවා කඳුළින්ම ඇස් තෙමූ
කුටියකි ඒත් සිය දහසක් මරු කැන්දූ

හිසොසවා නුඹෙ ඇස් දෙස බලනු බැරී
බිමටම හැරෙමි මල් පොඩි පාගන්න බැරී
හිත හරි බරයි ඉතිහාසය මකනු බැරී
ආදරය අලුත් පිටුවක ඇයි ලියනු බැරී?

(සටහන:අවුෂ්විට්ස්(Auschwitz),නියුරන්බර්ග්(Nuremberg/Nuernberg) හෝ ඩඛව්(Dachau) කොහේ වුව ද ඇත්තේ ඉතිහාසය විසින් ඉතිරි කළ​ ​ශෝචනීය මිනිස් සංහාරයක නටඹුන් ය. මියගිය දහසක් මිනිසුන්ගේ ඇස් වල මොහොතකට පෙර තිබූ භීතිය ද, මරණයේ බියකරු සෙවණැළි ද, කුසගිනි ද මේ මොහොතේ පවා කොහේ හෝ තැනෙක යළි දකින්නට වීම අපේ කරුමය යි.​)​


http://www.boondi.lk/article.php?ArtID=5035
Continue Reading...

ඔක්තෝම්බර විසි නවය

අපේ පවුලේ දෙවෙනියා වූ නිසාවෙන්ම ඒකත් අවුරුද්දක් විතර පහුව දෙවෙනියා වූ නිසාවෙන්ම දෙවෙනියා කියන්නේ පළවෙනියා නොවෙන බව හොඳින්ම තේරුම් ගන්නට මට පුළුවන් විය. ඉතින් අපේ කූඩුවේ දෙවෙනි පැටවාට එක විදිහකින් අමුතු ලෙන්ගතු කමක් හිතේ ඇතිවෙන එක සාධාරණයයි හිතමි.

මේ කොල්ලා උපන්නේ අද වාගේ ඔක්තෝම්බර විසි නවදාකය. හවස්වරුවකය. එයාගේ දවස් හරි ගිහින් තිවුණත් කිසි කලබලයක් නොකර හිටි නිසා, දින වකවානු මතක්වී දොරට තට්ටු කරන්නට පටන්ගත් වෙලාවේ මම හිටියේ, බබාගේ තොටිල්ලට අඩුපාඩු අරගන්නට තරමක් ඈත වෙළඳ සංකීර්ණයකය. අද වාගේ ජංගම කතා පෙට්ටි නොතිබුණු දවස් බැවින් පාර අයිනේ කෝල් පෙට්ටියකින් ගෙදරට කෝල් එකක් දී විස්තර ඇහුවාමත් කලබලයක් නොතිබුණු හින්දා ගිය වැඩේ කරගෙන බස් එකක් අල්ලාගෙන නිවී හැනහිල්ලේ ගෙදරට ආ පයින්ම ටැක්සියකට කෝල් කරලා ඉස්පිරිතාලයට දුවන්නට අපට සිදුවිය. එහෙම කලබලෙන් ගියත්, ඉස්පිරිතාලයට ඇතුළුවී අම්මා ඇඳට වෙන තුරු ඉන්නට තරම් කල්පනාව තිබුණු මේ කොල්ලා, අතට අරන් මා දිහා බැලූ මානෙල්ට කියවුනේ නම් 'සොරි' කියලායි. ඒ ඉතින් මම නම් කෙලි පොඩ්ඩියක් ලැබේය කියා බලාන හිටි හින්දාය.

සැහැල්ලුවට අඩි තියන සෙල්ලක්කාර හිනාවක් යට හංගාපු සංවේදී හිතක්ය කියා මට නිතරම හිතෙන මියුරු සඳකාන්ත කාලයක් තමුන්ගේ නම මාරියෝ ය කියා වෙනස් කරගන හිටියේ ය. ඒ තාමත් නොසන්සිඳී තියන නින්ටෙන්ඩෝ පිස්සුව නිසාම නොවෙයි. මියුරු කියන මියුරු නම මූරු මීරු වී කියවෙන හින්දා ය.

එක පැත්තකින්, අපි හැදු නිසා උන්ටත් දුක් විඳින්න වෙලා තියනවාය හිතෙන නමුත්, ජීවිතේ කරපු දේවල් මොනවාද හිතුවාම ඒ මුළු හිතුවිල්ලම පිරෙන්නට මේ පුංචි ඉටිපහන් වල එළිය තිබේ. ඒවා කවදාවත් නිවෙන්නේ නැත.

සුබ උපන් දිනයක් මියුරු පුතා...!





Continue Reading...

Thursday, October 27, 2016

Say Something I am Giving up On You

Say something, I'm giving up on you
I'll be the one, if you want me to
Anywhere, I would've followed you
Say something, I'm giving up on you

And I am feeling so small
It was over my head
I know nothing at all

And I will stumble and fall
I'm still learning to love
Just starting to crawl

Say something, I'm giving up on you
I'm sorry that I couldn't get to you
Anywhere, I would've followed you
Say something, I'm giving up on you

And I will swallow my pride
You're the one that I love
And I'm saying goodbye

Say something, I'm giving up on you
And I'm sorry that I couldn't get to you
And anywhere, I would have followed you
Oh, oh, oh, oh say something, I'm giving up on you

Say something, I'm giving up on you
Say something


Written by Chad Vaccarino, Ian Axel, Mike Campbell • Copyright © Sony/ATV Music Publishing LLC, Universal Music Publishing Group, Downtown Music Publishing, Reservoir Media Management Inc
Continue Reading...

Wednesday, October 26, 2016

නොබෙල් තෑග්ග දිනපු සෙල්ලං කාර්

මතක ද, හිස් නූල් රෝදයකට රබර් පටියක් අවුණා හදන ට්‍රැක්ටර‍? අපි බොහෝ දෙනෙක් මුලින්ම හදාපු මුල්ම ස්වංක්‍රීය යන්ත්‍රය ඒකයි. නුල් රෝදයේ කට්ට කැපීම, සබන්, ඉටි, යකඩ තව් ආදී නානා විධ උපාංග එකතු කිරීමෙන්, හා ‘ගියර්’ එකේ දිග වෙනස් කිරීමෙන් බලය හා වේගය වැඩි දියුණු කිරීම පිළිබඳව නොයෙකුත් ඉංජිනේරු පර්යේෂණ නූල් රෝද ට්‍රැක්ටර් ආශ්‍රිතව සිදු වුණා නේ ද? ට්‍රැක්ටර් රේස් වගේම, ට්‍රැක්ටර් ෆයිට් ඉස්කෝලේ කෑම පැයේ දී කොරිඩෝරවලත් මිදුලේ වැලි කඳු උඩත් පැවැත්වුණා මට මතකයි. ඒ අපි තුන්වෙනි හතරවෙනි පංතිවල දී විතර. මෙන්න මේ සෙල්ලං කාර් හිතිවිල්ල අණු පරමාණු පරිමාණයටම කුඩා කරන්නට සමත්වුනු විදුදරයන් තුන්දෙනෙක් පහුගිය ඔක්තෝම්බර පස් වෙනිදා 2016 රසායන විද්‍යා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවා.



ජන්පියා ෂොවාජ්
-ස්ට්‍රාස්බර්ග් විශ්ව විද්‍යාලය, ස්ට්‍රාස්බර්ග්, ප්‍රංශය
උපත - 1944 ඔක්තෝම්බර 21, පැරිසිය, ප්‍රංශය


ශ්‍රීමත් ජේම්ස් ෆ්රේසර් ස්ටොඩාට්
- නෝර්ත්වෙස්ටර්න් විශ්ව විද්‍යාලය, ඉවන්ස්ටන්, ඉලිනොයි, ඇමරිකා එක්සත් ජනපදය
උපත - 1942 මැයි 24, එඩින්බර්ග්, එක්සත් රාජධානිය






බර්නාඩ් ෆෙරින්ගා
- ග්‍රොනින්ගන් විශ්ව විද්‍යාලය, ග්‍රොනින්ගන්, නෙදර්ලන්තය
උපත - 1951 මැයි 18, නෙදර්ලන්තය



සාමාන්‍යයෙන් රසායනික ප්‍රතික්‍රියා පරමාණු හෝ අණු අතර රසායනික බන්ධන සෑදීම හෝ බිඳීම ගැනම පමණක් වන නමුත්, මේ අණුක යන්ත්‍ර බිහිවුනේ, චක්‍රීය අණු දෙකක් එකට අවුණා යාන්ත්‍රික බන්ධනයක් සැදීමට ගත් උත්සාහයන් ගෙන්. එකිනෙක හා දම්වැල් පුරුක් දෙකක් සේ ඇවිණුනු කැටනේන් ව්‍යුහත්, අක්ෂාකාරව රැඳවූ රේඛීය අණුවක් වටා බ්‍රමණය වන චක්‍රීය අණුවකින් සැදුනු රොටැක්සේන් ව්‍යුහත් මේ ආකාරයට අණු දෙකක් නොගැලවෙන සේ යාන්ත්‍රිකව සම්බන්ධ කල රසායනික සංයෝගයන්.

කැටනේන් ව්‍යුහයක් සෑදීමට හැකි පහසුම ක්‍රමය චක්‍රීය අණුවක් හරහා යැවූ (ඉඳිකටුවකට නූලක් දමන්නා සේ) රේඛීය අණුවක දෙකෙලවර එකට ගැට ගැසීම නැතිනම් සහසංයුජ (covalent bond)  එකට සම්බන්ධ කිරීමයි. මහැදුරු ෂොවාජ් ගේ ප්‍රධාන සොයාගැනීමක් වන්නේ, ලෝහ පරමාණුවක් යොදාගෙන මේ ඉඳිකටු සිදුරට නූල දැමීමේ කාර්යය වඩාත් කාර්යක්ෂම හා ස්ථිර ලෙස කරන්නට මාර්ගයක් නිර්මාණය කිරීමයි.


චක්‍රීය අණු දෙකක් එකිනෙකට අවුණා සෑදූ කැටනේන් සංයෝගයක ආකෘතියක්

රේඛීය අණුවක් වටා චක්‍රීය අණුවක් රඳවා සෑදූ රොටැක්සේන් සංයෝගයක ආකෘතියක්
මෙහි රේඛීය අණුව දෙකෙලවර ඇති අණුක ඛණ්ඩ චක්‍රීය අණුව සිරකර රඳවා තබනවා.

මේ අණු අවුණා සෑදූ යාන්ත්‍රික ඇටවුම් යන්ත්‍ර බවට පත්වන්නේ ඒවා සෑදී ඇති එක් අණුවක් වටා අනෙක් අණුව නිදහසේ චලනය කරවන්නට පුළුවන් නිසායි. එසේ කරන්නට නිදහස තිබෙන්නේ ඒ අණු අතර රසායනික බන්ධන නොමැති බැවින්. උදාහරණයකට රොටැක්සේන් ව්‍යුහය ඇක්සලයක් සවිකල රෝදයක් ලෙස සිතන්නට පුළුවනි. රෝදය සේ ක්‍රියාකරන චක්‍රීය අණුවට රේඛීය කොටස් එකතු කලොත් අපට පංකාවක් හදන්නට පුළුවනි. ඉතින් මේ මූලික හැඩතල එකිනෙකට එකතු කර, නොයෙක් ආකාර යාන්ත්‍රික කොටස් සාදන්නට පුළුවනි. 

එසේ වුණත් යන්ත්‍රයක් යන්ත්‍රයක් වන්නේ, පාලනය කල හැකි දිශානත චලනයන් කරන්නට පුළුවන් කම නිසයි. අපේ නූල් රෝද ට්‍රැක්ටරය, දඟකවා වැලි කන්දක් දිගේ ඉහලට ගමන් කරවන්නට අපට පුළුවන් වුන නිසා තමයි ඒක යන්ත්‍රයක් වුනේ.

මේ අණුක යන්ත්‍ර වලින් මුලින්ම වාගේ කරන්නට උත්සාහ කලේ ඒවා අණුක යතුරු (switches) ලෙස යොදා ගැනීමයි. එසේ කළ හැකි නම්, එවැනි අණු කණ්ඩ රාශියක එකතුවක් පරිගණක දත්ත ගබඩාවක් (memory) සඳහා යොදාගන්නට පුළුවනි. බාහිර රසායනික තත්වයන් එහා මෙහා කර රොටැක්සේන් ව්‍යුහයක 'රෝදය' ඇක්සලය දිගේ එහා මෙහා කරන්නට පුළුවන් කම මුලින්ම වාගේ ප්‍රායෝගිකව අත්හදා බැලූ එවැනි චලනයක්.

මේ සබැඳිය ඒ ක්‍රියාකාරකම රූපණය කෙරෙන චලන චිත්‍රයකට.





අද වනවිට මේ ක්ෂේත්‍රයේ පර්යේෂණ තුලින් ආලෝක තරංග වැනි බාහිර බලයන් මගින්  මෙන්ම, ආම්ලිකතාව වැනි රසායනික තත්වයන් පාලනය මගින් ස්ථිර දිශානත චලනයන් සිදුකල හැකි අණුක යන්ත්‍ර සෑහෙන ප්‍රමාණයක් නිර්මාණය කර, ක්‍රියාකරවා පෙන්වා තිබෙනවා. මේ වර්ධනය මුල් කාලයේ විද්‍යුතය හා චුම්බක බලයන් ආශ්‍රිතව විදුලි මෝටරය, ඩයිනමෝව ආදිය පියවරෙන් පියවර ගොඩනැගුණු ක්‍රියා දාමයට සමාන්තරව දකින්නට පුළුවන්ය යන්න විද්වතුන්ගේ සිතිවිල්ලයි. 

පහත වීඩියෝව, රොටැක්සේන් ව්‍යුහ එකට අවුණා සෑදූ අණුක මෝටර් රථයක චලිතය ඉලකේට්‍රොනික අන්වීක්ෂයක් තුලින් දිස්වන ආකාරයයි.





එම අණුක ව්‍යුහයේ ආකෘතියක් මෙහි දැක්වෙනවා.



මේ නිර්මාණ මහැදුරු ෆෙරින්ගා ගේ පර්යේෂණ කණ්ඩායමේ නිමවුම්. 

මේ අණුක යන්ත්‍ර  හුදු කුතුහලය තුලින් ඇරඹුන, රසායන විද්‍යාව නවතම මානයකට රැගෙන යාමක් බව නම් ඉතාමත් පැහැදිලියි.  මෙතෙක් රසායනික බන්ධන පිළිබඳවම සිතන්නට පුරුදු පුහුණු ව, ස්වභාවයෙන් පවතින්නාවූ අණුවල ව්‍යුහයන් හැදෑරීම හා ඒ ආශ්‍රයෙන් ඒ හා සමාන ව්‍යුහයන් ඇති අණු නිර්මාණය කිරීම පිළිබඳව වැඩිමනත්  සිතන්නට යොමුවූ රසායන විද්‍යාඥයින් ඒ සිතිවිලි වලින් ඔබ්බට ගොස් යාන්ත්‍රිකව ක්‍රියාකරවිය හැකි පැහැදිලි සහසංයුජ බන්ධනයන්ගෙන් තොරව එකට අවුණා ඇති සංයෝග ව්‍යුහයන් නිර්මාණය කිරීමට යොමුවීම, නවක නිපයුම් සොයාගැනීම් රැසකට මුල පිරීමක් වනවා ඇති.

මේ ක්ෂේත්‍රය පිළිබඳ වැඩි විස්තර ඉහත සඳහන් නොබෙල් ත්‍යාග ලද විදුදරයන්ගේ ජාල අඩවි තුලිනුත්, පහත දැක්වෙන නොබෙල් ආයතනයේ ජාල අඩවි සටහන් තුලිනුත් සොයා ගන්නට පුළුවන්.


Continue Reading...

Tuesday, October 25, 2016

කෝප්පයේ කුණාටුව....!


2015 අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිව සිටියදී සිදුවුනු 'බොන්ඩ්... ජේම්ස් බොන්ඩ්' සිද්ධිය ගැන ඊයෙ පෙරේදා කෝප්පයේ (ලංකා පාර්ලිමේන්තුවේ පොදු ආයතන පිළිබඳ කමිටුව) කුණාටුවක් ඇතිවී තිබේ. මේ පක්ෂ දේශපාලන කුණාටුවල අවසාන ප්‍රතිඵලය මෙන්ම අරමුණ ද වන්නේ හොරා ගිනි තැප තැප කෙහෙල් කැනම කාලා ඉවර වන තුරු, හොරු අල්ලන්න එන අයව කපාපු කෙහෙල් කොට ලඟ හෙට්ටු කර වීමය.

කෝප් කමිටුවේ සභාපතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති වුව ද, අද දිණමින කියන හැටියට නම්, කෝප්පය අජිත් හා සුජීව ගේ ය.

"මහ බැංකු බැදුම්කර ගනු-දෙනුව සම්බන්ධව පරීක්ෂණ කටයුතු ඊයේ(24) වන විට අවසන් වී ඇති අතර, එම සිද්ධියට අදාළව යමෙකු වැරැදි කර ඇත්නම් ඔවුන්ට එරෙහිව අපරාධ නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට කමිටුව නිර්දේශ කළ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පි පෙරේරා මහතා පැවැසීය.
මහ බැංකු බැදුම්කර ගනු-දෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටු පරීක්ෂණය සඳහා අවසන් වාර්තාව සකස් කිරීම ඊයේ (24)දින පෙරවරු 10.00 සිට පස්වරු 6.30 දක්වා පාර්ලිමේන්තුවේ දී සිදු කෙරිණි.
මෙම කෝප් කමිටු වාර්තාව අද (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් කරන ලද විමසුමකට පිළිතුරු දුන් නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා කියා සිටියේ, බැදුම්කර ගනු-දෙනුවට සම්බන්ධ අවසන් කෝප් කමිටුවේ වාර්තාව සකස් කිරීම පිළිබඳ කමිටුව රැස්වූ බවත් එයින් සැලකිය යුතු ප්‍රමාණයක වැඩකටයුතු අවසන් වූ බවත් කියා සිටියේය.
මෙම බැදුම්කර සම්බන්ධයෙන් රටේ නීතිය තිබුණේ එය වෙන්දේසිය මඟින් ලබාගත යුතු බවටය. 1997 සිට එය ක්‍රියාත්මක වූවත් 2008 වන විට එම තත්ත්වය වෙනස්වී තිබිණි. පැවැති යුදමය තත්ත්වය සහ අවශ්‍ය මූල්‍ය අවශ්‍යතාවන් පදනම් කරගෙන එවකට රටේ යුදමය වාර්තාව හමුවේ රටේ උද්ධමනය සියයට 300කට වඩා පැවැති හෙයින් එම නීතිය වෙනස් කර බැදුම්කර භාවිත කිරීමට කටයුතු කර ඇති බවත් එය 2015 දක්වා එලෙසම පැවැති බවත් කියා සිටි සුජීව සේනසිංහ මහතා 2015 දී එය නිවැරැදි කිරීමට රජය කටයුතු කර ඇති බවත් පැවැසීය."

බැඳුම්කර ගනු-දෙනුවේ පරීක්ෂණ අවසන් 


බැංකු කර්මාන්තයට ඉත සිතින්ම සම්බන්ධ මගේ මිත්‍රයකු පවසන ආකාරයට නම් මේ සිද්ධිය 'ලංකා ඉතිහාසයේ සිදුවී ඇති මහ දවල් රාජ්‍ය මංකොල්ල (මදරාම) අතුරින් නොම්මර එක ය. අතිශය ශෝකාකූල දෙය නම් මේ හයේ පාර ගහන්නේ, අළුත් යහපාලන ආණ්ඩුවේ කටේ ටිං කිරි සුවඳ ඉවත්වෙන්නටත් කලින් ම වීමයි.
වචන වලට අර්ථ තිබේ. වචන දිග කොට කර කීමත් අඹරවා කරකවා කීමත්, ආලවට්ටම් පෙර වදන් පසු වදන් දමා කීමත් වශයෙන් එකම වචනයේ අර්ථය සීනි මිරිස් රස අතර දෝලනය කරවීමේ හැකියාව කථිකත්වය ලෙස හැඳින්වීමටත්, ඒ මුග්ධ හැකියාව පාවිච්චි කර ජාං බේරා ගැනීම හා ජාං බේරා දීම නොම්මර එකේ නායකත්වයේ සංකේතයක් ලෙස දැකීමටත් අපි උපන් දා හිටම පුරුදු පුහුණු වී සිටිමු.
මේ ජිල්බෝල සෙල්ලමේ කෙල පැමිණියෝ නම් පෙරකදෝරුවෝය.... නීති විශාරදයෝ ය. අත්‍යන්ත කාලයක සිට දේශපාලන පිට්ටනියේ ගුග්ලි දාන්නේ ද ඒ ගොල්ලමය. ඉතින්, මහ බැංකු අධිපතිගේ බෑණා ගේ කොම්පැණිය ක්ෂේත්‍රයේ කාටත් හොරා මහ බැංකුවේ හිතුම් පැතුම් ටක්කෙටම අනුමාන කර ඇද්ද තුරුම්පු ආසියා, ඒ කොම්පැණියේ වැරැද්දක් මිසක්කා, බැංකු මාමාගේ ආනුභාවයෙන් බෑණාට පහලවූ හිටිවන නුවණක් නොවේ කියා තර්ක කරන අජිත් ගේත් සුජීව ගේත් අතට කෝප්පයේ අණ්ඩ අහුවෙන්නේත්, අවුරුද්දකුත් මාස අටකට පස්සේත්, 'වැරදි කරලා තියන අයට දඬුවම් දෙන්න' කියනවා වගේ කුරුඳු පොල්ලට වැස්ලින් ගාලා දික් කරන කතාවක් ඒ දෙන්නාම කියන්නේත් මොකද කියා අපි කවුරුත් හිතිය යුතුය.
පහත ඇවිනෙන්නේ මගේ මිත්‍රයා මට එවූ බැංකු දූෂණයේ සී.සී.ටී.වී වීඩියෝ එකකි.
Irregularities in the 30 Year Treasury Bonds issue on 27th February 2015

1. As per existed Monetary Policy Excess funds of Commercial Banks could be deposited at the Standing Deposit Facility of the Central Bank at the Policy rate of 6.50% for 3 days of a month and for the rest of the days of the month at a penal rate of 5.00%. This kept the over night Repo rates of the money market around 5.50%.
2. Under the new Government this policy was maintained without change considering the low inflation. In the last two Monetary Policy announcements also this policy was reiterated sighting low inflation. Last Monetary Policy announcement was on 24th February 2015.
3. Secondary market Treasury bond rates were trading at low yields due to above market sentiments and the monetary policy directions. 30 year bonds also traded around 9.35% and 9.75% range and the Central Bank private placements were also done at above rates.
4. Central Bank announced an auction for issuing 30 year Treasury Bonds for Rs. 1000 million on 27th February 2015. Public Debt Department of the Central Bank contacted Commercial Banks and Primary Dealers over the phone canvassing bids for the above auction around the market rate of around 9.35% to 9.75% range.
5. At the auction Central Bank accepted bids for Rs. 10,000 million ten times more than the amount offered at a weighted average rate of 11.73%. However bids for Rs.3,000 million from one Primary Dealer was accepted at 12.50%. Most other Banks and Primary Dealers bid at low rates below 11.00% due to above directions of the Public Debt Department and the market sentiments prevailed on above mentioned Monetary Policy of maintaining low overnight money market rates.
6. Just after the conclusion of the above auction on 27th February 2015 Central Bank announced a policy change removing restrictions to place excess funds of Commercial Banks at the Standing Deposit Facility of the Central Bank and effectively increasing the overnight money market rates by around 1.00%. This policy change was done only 3 days after the previous monetary policy announcement where monetary board stated that there was no need to change the monetary policy after careful consideration of market and economic situation of the country.
7. It is unethical for Central Bank to keep the market in the dark of such an important monetary policy change and accept bids submitted by participants based on the prevailed monetary policy and also after canvassing such bids from participants indicating there will not be a policy change. The fact of collecting 10 times more bids than offered is also highly unethical in this context.
8. At the next treasury bills auction yields of all maturities of treasury bills went up by almost 1.00%. Instead of taking measures to avoid market volatility which is their duty this action of the Central Bank created volatility.
9. Central Bank could have collected 30 year funds at a much lower rate if the auction was conducted properly and also avoided the increase in the Treasury bill rates at the next auction to such a magnitude. Therefore this has resulted in Government paying more for long term as well as short term funds. The volume of Bills and Bonds issued by the Central Bank since then up to now is very much higher than for the same period last year and at a very much higher rate due to above action by the Governor pushing the borrowing cost of Government high.
10. The activities of the Primary Dealer ( Perpetual Treasuries Ltd.) who successfully bid Rs. 3,000 million at 12.50% and another Rs. 2,000 million at around 12.00% at the auction and their activity in the secondary market prior to auction indicates prior knowledge of impending monetary policy changes and the auction results and therefore financial market is very disturbed about this type of misdeeds. Central Bank has clearly lost its credibility in the market and not to mention good governance!
11. To conceal the identity and to avoid detection this Primary Dealer Company has submitted the bid for Rs. 3,000 million at 12.50% through Bank of Ceylon Primary Dealer unit. Since this Company as a primary dealer can submit it’s own bids at the auction submitting bids through BOC itself shows their guilt and bad intentions.
12. Perpetual treasuries has altogether submitted bids amounting to Rs. 2,000 million in its name and another Rs. 13,000 million in the name of BOC. Therefore out of the Rs. 20 billion bids received Rs. 15 billion was from this Company. Market feels this was done purposely to inflate the volume of bids to justify the Governors decision to accept bids for Rs. 10 billion.
13. This Primary Dealer Company is owned by the Son in Law of the present Governor of the Central Bank. The profit this Primary Dealer could have made from this single transaction could be more than Rs. 200 million and its gain is a loss to the Government. EPF managed by the Central Bank also gives preferential treatment to this Primary Dealer for transactions and that has happened even under the previous regime.
14. Perpetual Treasuries Ltd. sold their low yielding Treasury Bond portfolio consisting of several other maturities in the market the day prior to the 30year Bond auction for settlement on a forward day after the auction ( 6th March 2015) and bought these bonds at a higher rate after the auction to settle on the 6th March to make substantial profits. Market feels Perpetual Treasuries Ltd did these transactions as they had prior knowledge of the auction results and the subsequent policy change to increase the interest rates. Market feels they may have sold Bonds not in their possession ( short sell ) in this manner which is a transaction not allowed by the Central Bank to make undue profits. Central Bank can investigate these things as the regulator.
15. It will be interesting to investigate the number and the volume of secondary market Treasury Bond/Bill deals including Repurchase transactions EPF has done with this company in the last two years compared to with all the other Primary Dealers.

ලංකා ත්රුත් පළකල මහ බැංකුවෙන් ලීක්ස් වුණු වාර්තාව මෙතන
http://www.lankatruth.com/site/index.php/2014-08-09-14-28-31/item/2806

නිව්ස් ලයින් වාර්තා:
http://tv1.lk/news-line-06-10-16/

සිරස පැතිකඩ:
https://www.youtube.com/watch?v=U58Qf0Nzeqg

Daily FT:
http://www.ft.lk/article/572608/Whistle-blowing-on-Perpetual-Treasuries--Embarrassing-but-vindication-of-CB-s-supervisory-staff

ඔක්තෝම්බර 28 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල වාර්තාව:


පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් බාගත කරගැනීමට සබැඳිය
http://www.parliament.lk/uploads/comreports/1477651535015855.pdf

Continue Reading...

Wednesday, October 19, 2016

පාළුයි ද තවමත්... ගාලු මුවදොර...!

කටක් මිස දිවක් නැති
කාල තුවක්කු බඳ උඩ
කපුටන් හලනවා නේ ද
තවමත් වසුරු සුදු පාටට

හෝ හෝ ව ඇහෙනවා
ඇති නේද තවමත්
ගල් උඩට හිස ගසා
දුක කියන මුහුදු රැළිවල

ගෝලයක් වුණත් පෘතුවිය
ඉර හඳ ග්‍රහලෝක සේරම
පැතලියි සෞර ග්‍රහ මණ්ඩලය
පිඟානක අතුරාපු ජිල් බෝ


වතාවක් දෙකක් තෙවරක්
ඔක්කොම හය පාරක්
ගියා අපි ගැලවිලා පොලවෙන්
ලඟම දැවටෙන හඳට

ගියත් කොයිතරං නම් ඈතට
කූඹි අපි බොකු පිඟානක හිරවුන
ලෙස්සන ගැට්ට පැන ගන්නට බැරුව
ආයෙ ආයෙත් ඇවිත් එක තැනම කැරකෙන

හිටියත් කොයි තරම් සෙනග ගැවසෙන
කඩල කන වඩේ කන පාට සරුංගල් යවන
බලං ඇති ඈත... ඈත රැළි හැදෙන තැන
පාළුයි නේ ද තවමත්.... ගාලු මුවදොර....!





Continue Reading...

Tuesday, October 18, 2016

රෝස පෙති

"දන්නව ද....? 
පිකාසොග‍ෙ බ්ලූ රූම් චිත්‍රය.... 
ඒක ඇඳලා තියෙන්නෙත් 
පරණ කැන්වස් එකක් උඩ...!"

මල් මේස රෙද්දට යටින් 
මේසයේ වැහුනු කඩතොළු 
දැනෙනවා නේද අතැඟිලි අගට 

ඔය රෝස මල් පෙත්ත යට
තියනවා ගලවන්න බැරි 
හිස කැඩුණු ඇණයක්...! 

නෑ 
කමක් නෑ  
අතගෑවාට 
හෙමිහිට 
ඒක පරණයි 
හොඳටෝම 
ගෙවිලා දැන්... 

පාට 
ලස්සණ 
තිබුණට 
රෝස පෑ නූල්වල
නෑ නේද මුදු ගතිය 
යාන්තං තැවරෙන සුවඳ 
අැත්තම අැත්ත 
රෝස පෙතිවල තියෙන... 






Continue Reading...

Saturday, October 15, 2016

සරතයේ ගිනිදළු

සසලවා ගෙන
ගිනි ගැණුනු මේපල්
විසිරුවා  ගිනි දළු දසත
කේඬෑරි ඇඟිලි විහිදාගෙන
හමා එයි සරතයේ
නපුරු සීතල සුළඟ

අමතකව
මල් වරන්නට
හිනැහි හිනැහී
හිටි කපුරු පැල
හිටිවනම නවතා
සීතලෙන් ගල් කර
සූස් ගාගෙන දුවයි
හඹාගෙන වසන්තය....!


Continue Reading...

Thursday, October 13, 2016

Mr. Tambourine Man - Bob Dylan

Mr. Tambourine Man - Bob Dylan

Hey, Mr. Tambourine Man, play a song for me
I'm not sleepy and there ain't no place I'm going to
Hey, Mr. Tambourine Man, play a song for me
In the jingle jangle morning I'll come following you

Though I know that evenings empire has returned into sand
Vanished from my hand
Left me blindly here to stand but still not sleeping
My weariness amazes me, I'm branded on my feet
I have no one to meet
And the ancient empty street's too dead for dreaming

Hey, Mr. Tambourine Man, play a song for me
I'm not sleepy and there ain't no place I'm going to
Hey, Mr. Tambourine Man, play a song for me
In the jingle jangle morning I'll come following you
Take me on a trip upon your magic swirling ship
My senses have been stripped
My hands can't feel to grip
My toes too numb to step
Wait only for my boot heels to be wandering
I'm ready to go anywhere, I'm ready for to fade
Into my own parade
Cast your dancing spell my way, I promise to go under it
Hey, Mr. Tambourine Man, play a song for me
I'm not sleepy and there ain't no place I'm going to
Hey, Mr. Tambourine Man, play a song for me
In the jingle jangle morning I'll come following you

Hey, Mr. Tambourine Man, play a song for me
I'm not sleepy and there ain't no place I'm going to
Hey, Mr. Tambourine Man, play a song for me
In the jingle jangle morning I'll come following you

And take me disappearing through the smoke rings of my mind
Down the foggy ruins of time
Far past the frozen leaves
The haunted frightened trees
Out to the windy beach
Far from the twisted reach of crazy sorrow
Yes, to dance beneath the diamond sky
With one hand waving free
Silhouetted by the sea
Circled by the circus sands
With all memory and fate
Driven deep beneath the waves
Let me forget about today until tomorrow

Hey, Mr. Tambourine Man, play a song for me
I'm not sleepy and there ain't no place I'm going to
Hey, Mr. Tambourine Man, play a song for me
In the jingle jangle morning I'll come following you
Continue Reading...

බේබි මහත්තයාගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය

ගමේ ගොඩේ බේබිලා ලොකු මහත් වුනාම බේබි මහත්තුරු වෙති. අපේ තාත්තාත් නමින් බර්නාඩ් වුනත්, එයාගේ උපන් ගම වූ නයිනාමඩමේ දී නම් මෝනි ගම මහත්තයාගේ ලොකු පුතා වූ බේබි මහත්තයාම විය. ගෙදරට නම් නිකම්ම බේබි විය. නැන්දාටත් බාප්පලාටත් බේබි අයියා විය. එයා කාට බේබි වුනත් අම්මා නම් හැමදාම කිව්වේ බර්නාඩි කියාලාමයි.

බේබි මහත්තයා  මම අසා පුරුදු තරමින් කොළඹ කොටහේනේ සෙන්ට් බෙනඩික් කොලීජියටත්, නුවර කටුගස්තොට සෙන්ට් ඇන්තනීස් කොලීජියටත් අධ්‍යාපනික සම්බන්ධතා තිබුණු අයෙකි. ඉගෙන ගත්තා නොලියා මෙහෙම ලියවුනේ නම් තාත්තාගේ අධ්‍යාපනයක් ගැන හරියාකාර තොරතුරක් නොදන්නාකම නිසාමය. ඔය ඉස්කෝල වලින් අරගත්තු සහතිකයක්, අඩුම ගානේ අස්වීමේ සහතිකයවත් දැකලා නැති නමුත් කොටහේනේ සිට ට්‍රයම්ප් පුෂ් බයිසිකලය පැදගෙන නයිනාමඩමට ගෙදර එන කතාන්දරත්
නුවර කටුගස්තොට බෝඩිමේ කට්ටියම එකතු වෙලා කරාපු හොරමැර කම් ගැන කතාන්දරත් නම් අසා තිබේ.

මං ඉපදෙන කාලයේ තාත්තාගේ රස්සාව වී තිබුණේ කොළඹ ටකර් කොම්පැණියේ කාර් විකිණීමය. ඒ කාලයේ සිරිමත් චිත්තම්පලම් ගාඩිනර් (ගෝල්ෆේස් හෝටලය, සිලෝන් තියටර්ස් ආදි මුල්පෙලේ ව්‍යාපාරිකයකු වු) ගේ කොම්පැණියක් වූ මේ සමාගම ඔටෝඩ්‍රෝම් නමින් තවමත් ශේෂවී තිබේ.

ඔටෝඩ්‍රෝම් සමාගමේ ජාල අඩවිය -  http://www.autodrome.lk/history.php

විදේශ විනිමය හිඟ පරතරය පියවාගන්නට නොහැකියාවෙන් අළුත් වාහන ආනයන කර විකිණීමට 1960 දී තිත තැබූ නිසා, අපේ තාත්තාටත් රස්සාව වෙනස් කරන්නට සිදුවූ අතර එයාගේ මනාපය වූයේ ගමට ඇවිත් එයාගේ තාත්තාත්, අම්මාගේ තාත්තාත් දෙන්නාම වගේ කොහුමෝලක් හයි කරලා මෝල් කාරයෙක් වෙන එකය. තාත්තා ගේ ජීවිතයටම නොකල එකම දේත් නම් ඒකය.

මට මතක හැටියට බිස්නස් කියා තාත්තා කල කී දේවල් දෙකකි. එකක් නයිනාමඩමේ රා තැබෑරුම ය. අනික සීයාගෙන් ලැබුණු චවලට් ලොරිය හයර් කර වීමය. මේ දෙකම අතේ රෝල් බිස්නස් මිස වගතුවක් වුණු දේවල් නොවෙයි. එහෙම වුනා නම් හැම ජනේරුවේම ඉස්කෝලේ යන්න පොත් ගන්න පොත් ලැයිස්තුවත් අරන් සීයලාගේ ගෙදර යන්නට පුංචි අපට සිද්ධ වෙන්නේ නැත. කොටින්ම තාත්තා බිස්නස් කාරයෙක් නොවීය. තැබෑරුම් රේන්දය නැතිවුනාට පස්සේ තැබෑරුමේ ඉතුරු වුනු රා විනාකිරි කර බෝතල වල පුරවා බෝතල හය හත කඩවලට දැම්මාත් මට මතකය. ඒවායේ පිරිසිඳු පොල් විනාකිරි කියා ලේබල අැලෙව්වේ අපිය.

එව්වා එහෙම වුණත්, තාත්තා මං දන්නා කාලයේ හිටම වෙන්නප්පුව නගර සභාවේ මැම්බර්ය. යූ. ඇන්. පී. තරුණ සංවිධාන සංවිධායකය. ගොවිකාරක සභා ලේකම් ය. ඡන්ද රැස්වීම් වල කථාකාරයාය. සංවිධායක යාය. සෙනග රැස්කරන්නා ය. තරුණ සමාජයේ රැස්වීම් තිබුණේත්, අපේ ගෙදරය. තරුණ කාන්ඩයට ගෘහ කර්මාන්ත උගන්නන්නට පංති තිබුණේත් අපේ ගෙදරය. උඩහට වැහැලා කුඹුරු යට වුනාම ගිං ඔයේ මෝය කප්පවා වතුර බස්සවන්නට කියන්නට මිනිස්සු ආවේත් අපේ ගෙදරටය. ගඟේ ඉවුර දිගටම කොහුමෝල් වලින් කොහුබත් දාන සංගදිය බලන්නට ආපු ගිය  කච්චේරි නිලධාරින් ඔරු පාරු වල දමාගන ගඟ දිගේ ගෙනිච්චේත් අපේ තාත්තාය. එයාලා දවාලට කෑවේ හවසට තේ බිව්වේ අපේ ගෙදරය.

එහෙව් තාත්තා කෙනෙකුගේ පුතෙක් වීම හින් දා අපි කාටවත් කොළඹ ඉස්කෝලවල ඉගෙන ගන්න යන්න ලැබුණේ නැත. හතරවෙනිය  වෙනතුරු වෙන්නප්පුවේ හෝලි ෆැමිලි කොන්වන්ට් එකට අනුබද්ධව තිබුණු සාන්ත මරියා ප්‍රාථමිකයේ ඉගෙන ගත් අපේ අයියා ඊළඟට ගියේ පල්ලිය ලඟ ශාන්ත ජෝශප් පිරිමි පාසැල නැත්තං ඒ කාලේ කට වහරට කියාපු විදිහට සිංහල ඉස්කෝලෙට ය.

සිංහල ඉස්කෝලේ ආණ්ඩුවේ ඉස්කෝලයයි. හැටේ සිරිමා ආණ්ඩුව ඉස්කෝල ආණ්ඩුවට ගන්නා විට ආණ්ඩුවට ගිය පල්ලිය ලඟ සිංහල ඉස්කෝලයත්, මීගමුවේ මාරිස්ටෙල්ලාව තියාගන මාරිස්ට් සහෝදරවරු ආණ්ඩුවට දුන්නු වෙන්නප්පුවේ ජෝශප් වාස් විද්‍යාලයත්, කොන්වන්ට් එකේ කොටු තාප්පය ඇතුලේම තිබුණත් වෙනම ඉස්කෝලයක් හැටියට පවත්වාගන ගිය බාලිකා පාසැලත් වෙන්නප්පුවේ තිබුණු ආණ්ඩුවේ ඉස්කෝල විය. මේවා ගමේ ගොඩේ සාමාන්‍ය මිනිස්සුන්ගේ දරුවන් යන ඉස්කෝලය. ඉංග්‍රිසි ඉස්කෝල හැටියට ඒ වෙද්දී වෙන්නප්පුවේ ඉතුරුව තිබුණේ, හෝලි ෆැමිලි කොන්වන්ට් එක විතරය. කොල්ලන්ගේ ඉස්කෝලවලින් ලඟම තිබුණු ඉංග්‍රීසි ඉස්කෝලේ මීගමුවේ මාරිස්ටෙල්ලාවය. එතනින් එහා තුඩැල්ලේ ක්‍රයිස්ට් කින්ග්,  කඳානේ ඩි මැසනඩ්, මෝදර  සෙන්ට් බෙනඩික්, මරදානේ සෙන්ට් ජෝශප්, වැල්ලවත්තේ සෙන්ට් පීටර්ස් ආදි වශයෙන් තවමත් කතෝලික සභාව අත තිබුණු බාලක ඉංග්‍රීසි ඉස්කෝල සෙට් එකක් තිබුණි.

පොතේ හැටියට නයිනමඩමේ මෝනි ගම මහත්තයාගේ පුතාත්, බෙරං ගම මහත්තයාගේ බෑණාත් වූ අපේ තාත්තා, තමුන්ගේ දරුවන් යැවිය යුත්තේ නම් ඔය කියාපු සෙට් එකේ ඉස්කෝලයකට ය. ඒ වෙන කොට ශාන්ත මරියාවේ හතරවෙනි පංතියේ හිටපු මට නං ආසාව තිබුණේ අයියා යන පල්ලිය ලඟ ඉස්කෝලෙට යන්නටය. ඒ වෙද්දීත් අයියා පංතියේ යාළුවන් එක්ක පොළට යන එකත්, එක එක තොරොම්බල් සෙල්ලම් බඩු ගෙදර ගේන එකත් ඉවසන්න බැරි වදයක් වී තිබුණි. දහයියා පුරවා හදාපු බෝලයකට රබර් පටියක් අවුනා හදාපු කොටන බෝලය මට තාම මතකය. මේකෙන් සෙල්ලං කරන්නේ රබර් පටිය කෙලවර ඇඟිල්ලක දවටා ගෙන් බිමට කොටා ආයෙත් උඩට එද්දී ආයෙත් බිමට යන්නට කොටා නමුත්, අයියාගේ පංතියේ කොල්ලෝ රබර් පටිය අතේ දවටාගෙන බෝලය ඔළුව වටේට කරකවපුවාම මහා භයානක හඬකින් මුළු පලාතම දෙදරන බව හොයාගෙන සිටියෝය. අයියා එක හවසක මේක කලේ අපේ ගෙදර සාලය මැද්දෑවේ හිටගනය.
මුළු ගේම දෙදරුම් කවාපු එදා හවස, කොච්චර ඉල්ලුවත් මට නම් ඒ ගැජට් එකෙන් සෙල්ලං කරන්න ලැබුණේ නැත.

බේබි මහත්තයාගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය මට අහන්නට ලැබුණේ  ඔවැනි කාලයක එක ඉරිදාවක වෙන්නප්පුව පල්ලියේ තෙළඹු ගස් දෙක යට දීය. අපේ පවුලේ ලඟම මිත්‍රයන් වූ ඩග්ලස් අංකල්ගේත් ක්‍රිස්ටබල් ඇන්ටිගේත් කට්ටිය එක්ක ඉරිදා පූජාවට ගිහින් තෙළඹු ගස් යට නවත්තාපු කාර් ලඟ සාමිචි කතා කරමින් ඉඳිද්දී,

"මොකක් ද බර්නාඩ්.....? මේ ළමයින්ව කොළඹ හොඳ ඉස්කෝලෙක බෝඩ් කරලා උගන්නන්නේ නැත්තේ ඇයි?" කියා ඩග්ලස් අංකල් ඇහූ ප්‍රශ්නයට අපේ තාත්තා කිව්වේ

"ගමේ යමක් කරන්න පුළුවන් කට්ටිය සේරමත් ළමයින්ව පිට ඉස්කෝල වලට යැව්වාම ගමේ ඉස්කෝල හැදෙන්නේ නෑ නේද ඩග්ලස්"  කියලාය.

හතරේ පංතියේ හිටි මට එදා ඒ කතාව හරියටම තේරෙන්නට ඇතිය මට හිතන්නට අමාරු නමුත්, ඒක වැදගත් දෙයක් හැටියට අද වෙනතුරු මතක තියෙන්නේ යමක් තේරුණු නිසාම විය යුතුයි.

තාත්තා හිතාපු කියාපු විදිහටම අයියාත් මමත් හයේ පංතිය පටන් ගත්තේ ගමේ ආණ්ඩුවේ ඉස්කෝලය වුනු ජෝශප් වාස් විද්‍යාලයේයි. ඒ නවසිය හැට හයේ දී විතරය. එතකොට ජේවීසි ප්‍රින්සිපල්ව හිටියේ මාරිස්ට් නිකායේ සහෝදර තුමකු වූ බ්‍රදර් ස්ටැන්ලි ගුණවර්ධනය. කොල්ලන්ගේ වචන වලින් නම් චිම්පා ය. වයිස් ප්‍රින්සිපල් මිස්ටර් පීටර් ය.  මේ දෙන්නාගෙන් එක්කෙනෙක් වත් වේවැල අතේ නැතුව ඇවිදිනවා දකින්නට පුළුවන් වුනේ එහෙමත් වෙලාවකයි. දවල් ඉන්ටවල් එකට ඇලන්කන් බේකරියෙන් එන බනිස් ලොකු බෙලෙක් බින් දෙකක පිරවෙයි. මේ බින් දෙක මැද දිග වේවැලත් අතේ තියාගන චිම්පා හිටගෙන සිටී. අපි කොල්ලො පෝලිම් දෙකේ ගිහින් බනිස් ගන්නෙමු. මේ බනිස් කනවාට වඩා ප්‍රයෝජනවත් වුනේ ගුලි හදා එක එකාට ටකර ගහන්නටය. බනිස් ගුලියක් හරියට වැදුනොත් එතන දවසක් විතර පුපුරු ගහයි. හැබැයි මේ සෙල්ලම චිම්පාට නොපෙනෙන්ට කළ යුතු ගේමකි. නැත්තම් බනිස් ගුලි මාත්තුව වෙනුවට අල්ල හරහට රතුපාට වේවැල් පාර පුපුරු ගහයි.

බ්‍රදර් ප්‍රින්සිපල්ට පාලනය කරගත නොහැකි තරමට කෝපාවිෂ්ඨ වීමේ රෝගයක් තිබුණි. එහෙම පුපුරා ගිය විට කාට හෝ අතේ හිරි යන තුරු ගහන එක බ්‍රදර් ගේ සිරිතය. අපේ පංතියේ එක කාලයක මොනිටර් කම කලේ පංතියේ හිටි එකම කණ්ණාඩි දාන ළමයා වූ ලක්ෂ්මන් ය. මිනිහා මට මතක හැටියට මූදු කටුව පැත්තේ සල්ලිකාර පවුලක පුතෙකි. අවාසනාවකට ගුරුවරයෙක් නැති පීරියඩ් එකක, පංතියේ කොල්ලන්ගේ සංවාද මණ්ඩප වල ස්වර පරාසය ගංගා ඉවුරු බිඳගෙන ගලා ගිය මොහොතක, කයිය දීමේ ඔස්තාද් කෙනෙකු වූ ලක්ෂමන්ට ද සීමාව අමතක වී ගියේය. එදා පංති දෙකකට එහායින් පංතියක ක්‍රිස්තු ධර්මය උගන්මින් හිටියේ බ්‍රදර් ප්‍රින්සිපල් ය. එයා ගේ ප්‍රාදූර්භූත වීම ගුරු මේසය හරහා වැදුණු වේවැල් පාරේ සධ්ධය ඇහෙන තුරුම එක කොල්ලෙක් වත් දැක්කේ නැත.

පීරියඩ් දෙකක් එහා පන්තිය ඉස්සරහ කොරිඩෝර් එක දිගේ අපේ මුළු පන්තියම හිටියේ දණ ගසා ගෙනයි. දණ පෝලිම ඉස්සරහින්ම පංතියේ මොනිටර් ලක්ෂමන් ය. චිම්පා, ඒ පන්තියේ ගුරු මේසයේ වාඩිවී විනාඩි පහක් පාඩම් කියා දෙයි. ඊළඟ විනාඩි පහ කොරිඩෝව දිගටම කොල්ලන් පේලියටම වේවැල් පහර දෙමින් දෙපැත්තට යයි. අපි කාට කාටත් තට්ටම් දෙදරන්නට කීස් කැවෙන අතර "පංතියේ මොනිටරයා" වන "පොට්ට ධනපති බූරුවා" ට ලැබෙන්නේ සර්වාංග වේවැල් සාත්තුවකි.

අපේ තාත්තා තමුන්ගේ දරුවන් යවාලා හදන්නට ඕනෑය කිව් ගමේ ඉස්කෝලේ එදා පාලනය වුනේ එහෙමය. බ්‍රදර් ප්‍රින්සිපල් යකා වැහුණාම එහෙම නමුත්, සිය දුර්වලකම් දන්නා මනුස්සයෙක් වූයේයි මම හිතමි. හැත්තෑ ගණන් වලදී බ්‍රදර් නිර්මල මරිය නිකායේ පූජාත්වරය ලැබුවා මට මතකය. ඉන් පස්සේත් දෙතුන් තැනක දී ෆාදර් ස්ටැන්ලි හා කතා බහ කලාත් මට මතකය.

වෙන්නප්පුවේ ජෝශප් වාස් විද්‍යාලයේ පරිවර්තන යුගය ඇරඹුනේ හැත්තෑව අග හැත්තෑ එක මුලය. බ්‍රදර් ප්‍රින්සිපල් ගෙන් පසුව ආ 'ගිහි විදුහල්පති' වූ පැන්ටලියන් කුරුකුලආරච්චිගේ ආගමනයත් සමගය. ඒ ආරම්භයේ මුල් කෙලවරේ හිටි විදුහලේ ගුරු දෙගුරු සමිතියේ මෙන්ම, හැත්තෑවේ ආණ්ඩු පෙරලියේ  ද බේබි මහත්තයා ඉස්සරහින් හිට්යේය. ඒ තාක් යූ. එන්. පී. කාරයකු වූ අපේ තාත්තා, හැත්තෑවේ දී පුරුදු දිග කලිසම, කැඳ දා මැදපු කෝට් එක අත හැර, සුරුට්ටු සූට් එක සේ හැඳින්වුනු ජාතික ඇඳුමට බැස, හැට පහේ දී දිනවා පාර්ලිමේන්තු යැවූ ෆෙස්ටස් පෙරේරාට එරෙහිව අගුස්තීනු ෆොන්සේකා ගේ ඡන්ද රැස්වීම් වල කතා කරන්නට ගියේය.

හැත්තෑවේ පෙරලියෙන් වෙන මොනවා වුනත් නූනත්, වෙන්නප්පුවේ ජෝශප් වාස් විද්‍යාලය විද්‍යාලයක් බවට පරිවර්තනය වීමත්, ඒ තාක් කල් කොන්වන්ට් එකේ තාප්ප කූඩුව ඇතුලේම පැවැත්වුනු සෙකන්ඩ් ක්ලාස් සිංහල බාලිකා විද්‍යාලය විසින් කොන්වන්ට් එකේ වරප්‍රසාද ලාභී හයි කලාස් ස්කෝලය ගිල ගැනීමත් අපේ ඇස් පනා පිට සිදුවූ සමාජ පරිවර්තන ලෙස අපේ හිත්වල සටහන් වී ඇත්තේය.

කොන්වන්ට් එක ඇතුලේ සිංහල බාලිකා පාසලට වෙන්වී තිබුනේ උතුරු පැත්තේ තාප්පයේ ප්‍රධාන ගේට්ටුවෙන් නැගෙනහිර පැත්තේ තීරුව විතරය. මේ තාප්පය දිගටම එක දිගට හදාපු ශාළාවක අතුරු සිදුරු නැතුව පුංචිම පංතිවල හිඳ උසස්පෙල පන්ති දක්වා කෙල්ලෝ ගාල් කර සිටියහ. ඒ ඉස්කෝලයත්, කොන්වන්ට් එකේ ඉංග්‍රීසි, ප්‍රයිවට් ගෙවන ඉස්කෝලයත් අතර තිබුණේ සෙල්ලං පිට්ටනියකි. අර ඉස්කෝලේ පංතිවල ළමයින්ට වඩා ඩෙස්ක පුටු තිබුණි. ඉඩකඩ තිබුණි. පාළු පංතිත් තිබුණි. ඉස්කෝල දෙකේම ඉගැන්නු සෑහෙන පිරිසක් කොන්වන්ට් එකේම සිස්ටර්ලා ය. පංති භේදය කියන වචනයට නිර්වචනයක් දෙන්නට පින්තූරයක් මතක් කලොත් හැම වෙලේම මගේ මතකයට එන්නේ ඔය ඉස්කෝල දෙකේ පින්තූරයයි. මට මතක හැටියට සිංහල බාලිකාවේ ටයි එක ඒ කාලේ කොලපාට එකකි. කොන්වන්ට් එකේ එක රතු හරස් ඉරි ටයි එකකි.

හැත්තෑ හතේ මැතිවරණ කාලයේ වෙන්නප්පුව ගංගොඩ මාටින් ද පොරස් පල්ලිය කිට්ටුව රැස්වීමක දී අගුස්තීනු ෆොන්සේකා කොන්වන්ට් එකේ පෙරළියේ පසුබිම් කතාව කියනවා මමත් අසා හිටියෙමි.

"කන්‍යාරාමේ පාසල රජයට අත්පත් කරගන්න සියල්ල සුදානම් කෙරුවා අපි. ඒක බලහත්කාරයෙන් නොකර ආණ්ඩුවට සාවධානයෙන් අරගන්න අපි කතා කෙරුවා ඒ ඉස්කෝලේ ගුරු දෙගුරු සංගමය එක්කා. දෙන්නේ නැත්තං ගැසට් කරලා ගන්නවා කියන එක වැටහුණාම, ඒකේ සභාපතියා.... දොස්තර XXX ඇවිත් කියනවා..... ඉස්කෝලේ අරගන්න එකට අපේ විරුද්ධත්වයක් නෑ... ඒකට කමක් නැහැ... හැබැයි අපේ ළමයින්ට දැන් තියන විදිහටම වෙනම පංති තියාගන්න දෙනවා නම්....."

අගුස්තීනු ෆොන්සේකා ලොකු ඉස්කෝල මහත්තයකු වුණත් වෙන්නප්පුව වැල්ලේ මනුස්සයෙකි. ඉතින් ඔය කතාව එදා වේදිකාව උඩ කියවුනේ ඔයිට වඩා හොඳට ලුණු ඇඹුල් ඇතුවය....

කොන්වන්ට් එක අර දොස්තර මහත්මයලාටම ආණ්ඩුවට දෙන්නට සිද්ධ විය. ඒ අණ ඇත්තටම ආවේ ඒ දවස්වලම ලංකාවේ සංචාරයකට ආ හෝලි ෆැමිලි කන්‍යා සහෝදර නිකායේ මදර් සුපීරියර් ගෙනි. ඒ නිසා ඒක බලෙන් අරගන්නට සිද්ධ වූයේ නැත.

ජෝශප් වාස් විද්‍යාලයට පැන්ටලියන් සර් නම් ගිහි විදුහල්පතිවරයා ආ දවසේ නම් උද්ඝෝෂණයක් තිබුණි. ඒකත් අධ්‍යාපනයට වඩා දේශපාලන උද්ඝෝෂණයකි. ඒ කතාව වෙනම ලියා තැබිය යුතු කතාවකි. මොකද අද මේ ටික ලිව්වේ බේබි මහත්තයා ගැනය. මේ කතාව මෙහෙම ලියන්නට මට වාසනාව තියෙන්නේත් බේබි මහත්තයාගේ අර නොසැලුනු අධ්‍යාපන ප්‍රතිපත්තිය නිසායි මම විශ්වාස කරමි. ඒ අධ්‍යාපනය පොත පතේ උගත් කමේ දැනුමේ අධ්‍යාපනයකට වඩා හදවතේ අධ්‍යාපනයකි. මොළය කොතරම් උගත් නමුත් හදවත මෝඩ නම් ඒ පුද්ගලයා ව්‍යසනයක් මිස කාටවත් ආශිර්වාදයක් වෙන්නේ නැත.

තාත්තා මට ලියා ඇත්තේ එකම එක ලියුමකි. මතක හැටියට ඒ ලියුම ලියද්දී එයා අද මගේ වයස ආසන්නයේ සිටින්නට ඕනෑය.

"ජීවිතේ සැපක් කියන්නත් නැහැ. දුකක් කියන්නත් නැහැ. එක් එක්කෙනාගෙ දුක් කරදර තව කෙනෙකුට කියල වැඩකුත් නැහැ. පලකුත් නැහැ. තම තමුන්ට පැමිණෙන දුක හෝ සැප හොඳ හිතින් ඉවසා දරාගෙන ජීවිතය සතුටින් ගෙවන්නට තමුන් ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කරනවා විනා"

තාත්තා අද හිටියා නම් ගිය සැප්තැම්බරයට අවුරුදු අනූවක් වන්නට තිබුණි.



          
Continue Reading...

Saturday, October 1, 2016

ආදරණීය ගස - බූන්දියේ ළමා දින තිළිණය

The Giving Tree, ෂෙල් සිල්වස්ටයින් විසින් ලියා සිත්තමට නැගූ ලෝ පුරා දරුවන් සහ වැඩිහිටියන් අතර ඉමහත් ප්‍රතිචාරයට බඳුන් වූ අපූරු ළමා කතන්දරයක්. 1964 දී මේ කෘතිය මුල් වරට පළ වූ තැන් පටන්, එය භාෂා 30කට පමණ පරිවර්තනය වී ඇති අතර එය බොහෝ සහෘදයන් අතර ඉමක් නැති සංවාද අවුලවන්නට හේතු පාදක වූවා. මෙම වියමනෙන් ලබා දෙන්නට උත්සාහ ගන්නා නිවැරදිම පණිවුඩය කුමක්ද යන්න තේරුම් ගැනීමට වෑයම් කිරීමෙන් මෙබඳු බොහෝ සංවාද පැන නැගුනා. සමහරු නගන පැනය නම් ඒ සා විසල් පරිත්‍යාගයක් කරන සිය හිත මිතුරු ගස ගැන දරුවා දක්වන ආත්මාර්ථකාමී ආකල්පය ළමා කතන්දරයකට සුදුසු ද යන්නයි. 

කෙසේ නමුත්, කතන්දරය ගැන හොඳම අරුත් දැක්වීම නම් එය දෙමාපියන් තුළ දරුවන් කෙරෙහි ඇති පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවෙන අප්‍රමාණ ආදරය සංකේතාත්මකව දැක්වීමක් බවයි. එක්තරා අන්දමකට ඒක පාර්ශ්වික වූ මේ පුදුම ආදර අන්දරය තුළ, ගස සතුටු වන්නේ දරුවා සතුටු වනු දැකීමෙන්. ගස දුක් වන්නේ තමා සතුව දරුවාට දීමට කිසිදු දෙයක් නැති බව වටහා ගත් විටයි.

අකුරු කතාව

වීඩියෝ කතාව



Continue Reading...

Blogroll

About