Thursday, February 16, 2023

පූසා... හරකා සහ ප්‍රංශකාරයා....!


[පින්තූරය - https://lmoore66.livejournal.com/152312.html ]


 මං නං මේ වගේ නල්ල කල්ලෙක් කවදාවත් දැක නැතිය. ඒකාගේ ඔළුවට මොකක් හරි රිංග ගත්තොත්, ඒක වෙනස් කරන එක නම් බොරු. සොලමන් රජ්ජුරුවන් ගැන පහත්ම කොට හිතන මම දැකපු එකම කල්ලා ඒකා ය. ඒ හින්දා මම සොලමන්ව පැත්තකට කරලා වෙන වෙන රජ ගොල්ලා ගැන කතාවල් පටන් ගත්තෙමි. බොහෝ කාලයකට ඉස්සර දාසය වැනි ලුවී රජ්ජුරුවන්ගේ හිස කපා මරපු එකේ විස්තරෙත්; එයාගේ චූටි පුතා, රජ කමේ උරුමක්කාරයා ඩොල්පින් ව හිරගෙට දාලා, එයා හිරගෙදරම මැරුණායි සමහරු කියනවා කියාලාත් කිව්වෙමි.

“පවු.... අහිංසකයා“

“හැබැයි සමාහරු කියනවා එයා හිරෙන් පැනල ඇවිත් ඇමරිකාවට ආවයිත් කියල“

“ඒක හොඳයි. හැබැයි එයා මෙහේ පාළුවේ ඇති? මෙහේ රජවරු නෑ නේ? නැද්ද හක්?“

“නෑ නෙ...“

“ඉතින් එයාට මෙහේ කිසිම තැනක් නෑනේ. මොනාද එයාට කරන්න පුළුවන්?“

“හ්ම්ම්, මං දන්නෙ නෑ. සමහරු පොලිසියට බැඳෙනවා... සමහරු මිනිස්සුන්ට ප්‍රංශ කතා කරන්ඩ උගන්නනවා....“

“ඇයි හක්, ප්‍රංශ මිනිස්සු කතා කරන්නෙ අපි වගේ නෙමෙයි ද?”

“නෑ, ජිම්; ඒ මිනිස්සු කතා කරන එක වචනයක් ඔයාට තේරෙන එකක් නෑ. එකම එක වචනයක් වත්”

“අර... , දැන්, මාව යකාට ගියාවෙ! ඒ කොහොමෙයි ඒ...?”

“ මම දන්නෙ නෑ; ඒත් ඒක එහෙම තමයි. මම කියෙව්ව එයාලගෙ සමහර කච කච පොතක. හිතන්න මිනිහෙක් ඇවිත් කිව්වොත් ‘පාලවූ ප්‍රාන්ශේ‘ කියල මොනවද හිතෙන්නෙ?”

“මට හිතෙන අලබෝලයක් නෑ; සුද්දෙක් නෙවෙයි නං මං පලයි උගෙ තට්ටෙ... කිසි කල්ලෙකුට මට එහෙම කතාකරන්ඩ තියන්නෙ නෑ මම....”

“ෂැහ්.... ඒක ඔයැයිට කිචයක් දානවා නෙවෙයි. ඔයාට ෆ්රෙන්ච් කතා කරන්න පුළුවන් ද අහනවා විතරයි”

“ඉතින් මිනිහාට ඒක එහෙමම කියන්ඩ බැරි ඇයි?”

“ඇයි අප්පා, එයා ඒක කියනවා ඒ. ප්‍රංශකාරයෙක් ඒක කියන හැටි තමයි ඒ......”

“හ්ම්ම්.... යකාගෙ අපබ්‍රංස විදිහක් නෙ. එහෙම නං මට ඒ ගැන මුකුත්ම අහන්න ඕන නෑ.... කිසිම තේරුමක් නැති එව්වා....”

“ජිම්... මේක අහන්න; දැන් පූසෙක් කතා කරනව ද අපි වගේ?”

“නෑ, පූසෙක් එහෙම නෑ”

“හොඳයි, හරකෙක්?”

“ නෑ හරකුනුත් නෑ”

“පූසෙක් හරකෙක් වගේ කතා කරනව ද? නැත්තං හරකෙක් පූසෙක් වගේ කතා කරනව ද?”

“නෑ නෙ. උන් එහෙම කරන්නෙ නෑ”

“අන්න.... ඒක ස්වාභාවියකයි නෙ. හරියි නෙ..! උන් එක එකා වෙනස් වෙනස් විදිහ වලට කතා කරන එක.... නැද්ද?”

“සහතිකෙන්ම”

“දැන් ඒ වගෙම පූසො හරක් අපි කතා කරන විදිහට වෙනස් විදියට කතා කරන එකත් හරි නේ ද? ස්වභාවිකයි නේ ද?”

“ඉතින් ඒක එහෙම නේන් නං”

“අන්න..., ඇයි එතකොට, ප්‍රංශකාරයෙක් අපි කතාකරනවට වෙනස් විදිහට කතා කරන එක ස්වභාවික නොවෙන්නෙ.... හරි නොවෙන්නෙ?  බලන්ඩ ඒක කියන්ඩ මට?”

“හක්.... පුසා මනුස්සයෙක් ද හක්?”

“නෑ....”

“හොඳයි. ඒ නිසා පූසෙක් මනුස්සයෙක් වගේ කතා කරන එකේ තේරුමක් නෑ. දැන් හරකා මිනිහෙක් ද? නැත්තං හරකා පූසෙක් ද?”

“නෑ නෙ. එයා ඒ එක්කෙනෙක්වත් නෙවෙයි”

“හරි. ඉතින් එයාට අරයා වගේවත් අනෙක් එක්කෙනා වගේවත් කතා කරන්ඩ හේතුවක් නෑ නෙ.... දැන් ප්‍රංශකාරයා මිනිහෙක් ද?”

“ඔව්....”

“ඉතින්.....???  අප්පච්චිටම ඔප්පු වෙච්චාවෙ.... ඒකාට මනුස්සයෙක් වගේ කතා කරන්ඩ බැරි ඇයි...? මට කියනවාකෝ ඒක...”

කල්ලෙකුට තර්ක කරන්නට උගන්නන්ඩ වචන නාස්ති කරන එකින් කිසි පලක් ලැබෙන්නෙ නෑ කියා තේරුම් ගෙන ඒ කතාව එතැනින් නැවතුවෙමි.


ගටෙන්බර්ග් වෙඩ් අඩවියේ පල කර ඇති මාක් ට්වේන් (සැමුවෙල් ක්ලෙමන්ස්) විසින් රචිත, හකල්බෙරි ෆින්ගේ ගවේෂණ කෘතියේ, ඊ-පොත් පිටපතින් උපුටාගත් කොටසක සිංහල අනුවාදයකි. මුල් උපුටනය හා සබැඳිය පහත.


I never see such a nigger.  If he got a notion in his head once, there warn't no getting it out again.  He was the most down on Solomon of any nigger I ever see.  So I went to talking about other kings, and let Solomon slide.  I told about Louis Sixteenth that got his head cut off in France long time ago; and about his little boy the dolphin, that would a been a king, but they took and shut him up in jail, and some say he died there.

"Po' little chap."

"But some says he got out and got away, and come to America."

"Dat's good!  But he'll be pooty lonesome--dey ain' no kings here, is dey, Huck?"

"No."

"Den he cain't git no situation.  What he gwyne to do?"

"Well, I don't know.  Some of them gets on the police, and some of them learns people how to talk French."

"Why, Huck, doan' de French people talk de same way we does?"

"_No_, Jim; you couldn't understand a word they said--not a single word."

"Well, now, I be ding-busted!  How do dat come?"

"I don't know; but it's so.  I got some of their jabber out of a book. S'pose a man was to come to you and say Polly-voo-franzy--what would you think?"

"I wouldn' think nuff'n; I'd take en bust him over de head--dat is, if he warn't white.  I wouldn't 'low no nigger to call me dat."

"Shucks, it ain't calling you anything.  It's only saying, do you know how to talk French?"

"Well, den, why couldn't he _say_ it?"

"Why, he _is_ a-saying it.  That's a Frenchman's _way_ of saying it."

"Well, it's a blame ridicklous way, en I doan' want to hear no mo' 'bout it.  Dey ain' no sense in it."

"Looky here, Jim; does a cat talk like we do?"

"No, a cat don't."

"Well, does a cow?"

"No, a cow don't, nuther."

"Does a cat talk like a cow, or a cow talk like a cat?"

"No, dey don't."

"It's natural and right for 'em to talk different from each other, ain't it?"

"Course."

"And ain't it natural and right for a cat and a cow to talk different from _us_?"

"Why, mos' sholy it is."

"Well, then, why ain't it natural and right for a _Frenchman_ to talk different from us?  You answer me that."

"Is a cat a man, Huck?"

"No."

"Well, den, dey ain't no sense in a cat talkin' like a man.  Is a cow a man?--er is a cow a cat?"

"No, she ain't either of them."

"Well, den, she ain't got no business to talk like either one er the yuther of 'em.  Is a Frenchman a man?"

"Yes."

"_Well_, den!  Dad blame it, why doan' he _talk_ like a man?  You answer me _dat_!"

I see it warn't no use wasting words--you can't learn a nigger to argue. So I quit.


Adventures of Huckleberry Finn by Mark Twain (Samuel Clemens)
Excerpt from the e-book posted in Project Gutenberg Website
http://www.gutenberg.org/cache/epub/76/pg76.txt
 
Continue Reading...

Tuesday, February 14, 2023

සිරි සුබ වැලෙන්තීනු දිනයක් වේවා....!

 



නයිනාමඩමේ පරණ පවුල් අතර වැලෙන්තීනු ගමරාලගේ නොහොත් වැලෙන්තීනු දල්පතාදු ගේ පවුල ගැන මා දන්නේ, එයාගේ දූ ආනමරියා දල්පතාදු, අපේ තාත්තාගේ අම්මා නිසා ය. ආච්චිගේ අයියා වූ දල්පතාදු අපේ තාත්තලා, බාප්පලාට අංකල් වූ නිසාවෙන්ම අප අතරත් හැඳින්වුනේ අංකල් ලෙසින්මය.

මේ අංකල් කීම එක අතකින් සාධාරණ වූයේ, හැම නත්තලකටම පාහේ, පවුලේ හැම ගෙදරකම පොඩ්ඩන්ට තෑගි බෝග එවීමත්, මොනයම්ම දේකට, ‌ඉස්කෝලේ පොත් ගන්න හෝ, විභාගයක් සමත් වෙලා හෝ,  ගියවිට යම් විදිහක මුදලක් තෑග්ගක් ලැබීමත් ආදි වශයෙන්, අංකල් පවුලේ ප්‍රධාන සම්පත් දායකයා ලෙස වචනයේ පරිසමාප්ථාර්තයෙන්ම අපි හැමෝටම අංකල් කෙනෙක් වී සිටිය එකය.

නයිනාමඩමේ දකුණු කෙළවර, ගිං ඔයේ පාලම පැන්නාම රංගම්මුල්ලේ, සිංහයා උළු මෝල හා සබැඳි ව්‍යාපාර හිමිකරු වූ අංකල් එයාගේ තාත්තාගේ නම තබා, බුජ්ජම්පල පිහිටවූ පොල් මෝල අදටත් ශාන්ත වැලන්ටයින් කොකනට් මිල්ස් ‌ලෙස ක්‍රියාත්මක වෙයි.

බුජ්ජම්පොල වැලන්ටයින්  ගැන වැඩි විස්තර විස්තර සහිතව දැන ගන්නට කිතියක් දැනෙනවා නම්, ඔන්න සබැඳිය මේ පින්තූරයට පහලින්.




මේ ටික ලිව්වේ වැලන්ටයින් එක්කලා අපේ තියන නෑදෑ සුහදතාවයන් ගැන පොඩි පහේ හැඳින්වීමක් හැටියට වගේම, ඇල්පෙනිත්තක්වත් නොහදනවායි ආඩපාලි කියන අපේ රටේත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලවන පරිදි බඩු බාණ්ඩ නිපදවන කර්මාන්තශාලා නොහොත් ගමේ භාෂාවෙන්ම කියනවා නම් ‘මෝල්‘ කවුරුත් වැඩිපුර නොදන්නා අහුමුළු වලත් තියනවාය කියන කයිවාරුව කියන්නටත් එක්කය.

ඉතින් වැලන්ටයින් මතක් වෙනවාත් සමගම මොන හේතුවක් හෝ හින්දා මතක් වුනේ සන්ධ්‍යා කුමාරිව ය. 

සන්ධ්‍යා කුමාරි මුලින්ම තිරයට ආවේ තාත්තලා එක්ක මට මතක හැටියට වත්තල ගැමුණු පැලස් එකේ නැරඹූ, අදට වැඩිය හෙට හොඳයි චිත්‍රපටයෙන් වුව ද, එයාගේ බියුටි ස්පොට් එක සහිත මූණ හොඳටම මතක, මීගමුවේ රාජ් එකේ බැළුව, අල්ලපු ‌ගෙදර චිත්‍රපටය පටන් ගන්නා, ක්ලැරිස් හා සන්ධ්‍යා, වෙස්පා ස්කූටරයක නැගී, සාගර රැජිනට ආදරේ කියා ගය ගයා යන සවාරියෙනි. ඔය බයස්කෝප් එක එද්දී, එනම් 1965 දී විතර මගේ වයස අවුරුදු අටක් විතරය. සන්ධ්‍යා අවුරුදු විස්සක විතර ළමිස්සියක්ව සිටි බව විකිපීඩියාවේ එයා ගැන තියන ඕපා දූප විස්තරය කියයි.


අල්ලපු ගෙදර සිංදු අතරින් මට නම් හිතෙන හැටියට, වැඩිම පදමාලා විස්ථාපනය සිද්ද වූ සිංදුව මේ සන්ධ්‍යා, ක්ලැරිස්, ගේ ස්කූටර් සිංදුව වූ, 'සාගර රැජිනට ආදරේ කියා සීතල මදනල ගී ගයා ගිය' එකය. ඒ අතින් ‌‌ප්‍රේක්ෂකයින්ගේ සහජ නිර්මාණ කුසලතාවයන් අවදිකරවා ඔප් නැංවීමටත් දායක වූ සිංදුවක් වූ බවත් නම් ලියා තැබිය යුතුය.

ඒ වෙද්දීත් පටාචාරා චිත්‍රපටයේ පටාචාරා හැටියටත්, ධීවරයෝ චිත්‍රපටයේ‍  මං හිතන හැටියට සිංහල සිනමාවේ පළවැනිම වෙන්නට පුළුවන් බිළාල ඝට්ඨනයේත්  (cat fight)  රඟ පෑ සන්ධ්‍යා කුමාරි, එක්තරා විදිහකට සිංහල සිනමාවේ ගිනි පෙනෙල්ල බවට පත්වී තිබුණි. එයාගෙන් පස්සේ හදවත් හොරාගත් නිළිය වූ මාලනී ‌ෆොන්සේකා, සන්ධ්‍යා කුමාරි ගැන,

”රුක්මණී දේවියගෙන් පස්සේ සිංහල සිනමාවට පායා ආ සඳවතිය ඇයයි. කොටින්ම ඒ යුගයේ රන් තාරකාව (glamor star) සන්ධ්‍යා කුමාරි කිව්වොත් මම වඩාත් නිවැරදියි.”

කියා කියූ බව ‌අන්තර් ජංජාලයේ පරණ දිණමින පුවත්පතක ලියැවී තිබේ.

චිත්‍රපටියේ සන්ධ්‍යා, ක්ලැරිස් ජෝඩු දමා වෙස්පා ස්කූටරයක සවාරි ගියාට, ඔය වයසේ කෙල්ලන්ට ඔයා කාරයෙන් ජෝඩු දමා හෝ නොදමා හෝ, සිංදු කිය කියා හෝ නොකිිියා හෝ, දාංගලේ යන්නට අපේ ගම් පැතිවල ඒ කාලයේ නම් කිසිම ඉඩක් තිබුණේ නැති අතර, ලොකු මහත් වුනාට පස්සේ, තනියෙන් පුෂ් බයිසිකලය පදින කෙල්ලක දිහා වුනත් චුට්ටක් ඇහැ අමුතු කර බලන ගතියක් තිබුණු බව මතකය.  ඒ දවස්වල මං දන්න වෙස්පා ස්කූටරය තිබුණේ අපේ ගෙදරට ඉස්සරහ පාරෙන් එහා පැත්තේ ගෙදර, කැනියුට් රාළහාමිටය. රාළහාමි කිව්වාට එයා ගමේ ග්‍රාමසේවක මහත්තයාය. කැනියුට් අංකල්ගේ නෝනා, ගෑණු ඉස්කෝලේ ගුරිවරියක්ව සිටිය අතර, උදේට නෝනාවත් පස්ස සීට් එකේ වාඩි කරගෙන කැනියුට් අංකල් රාජකාරියට පිටත්ව යනවා මතකය. එයාලගේ ගෙදර දරුවන් දෙන්නෙක් වූ අතර, සමහර දවසට, එයාලගේ දූ කමනීත් ස්කූටරයේ  යනවා දැකලා ඇතැයි ඇතැයි හිතෙන නමුත්, මේ වෙද්දී කොයි කොයි තරම් නානාප්‍රකාර දේවල් දැකලා ඇද්දයි හිතුවාම, ඒවා මතකයන් ද, මවා පෑම් ද කියලා තෝරා බේරා ගැනීමේ අපහසුතාවයකුත් තිබේ.

ස්කූටරයේ ආගිය අනිත් එක්කෙනා, අපට ඉංග්‍රිසි ඉගැන්වූ මිස්ට ෂෙල්ටන්ය කියා මට යන්තම් මතකයක් තිබේ. ඉතින් ඒ කාලයේත් අද කාලයේ වගේම, රේස් පදින සවාරි යන අය කාණ්ඩයක් ඉන්නට ඇති නමුත්, අපේ පැත්තේ ස්කූටර් වනාහි, අජානේය ඒවා නොව, පවුල් පිටින් ඉස්කෝලෙට වැඩට ගෙනියන්න, සිමෙන්ති, හෙවිලි තහඩු මතු නොව, බැරල්, බෝතල්, බෑග් පැකේජ් ආදී  වශයෙන්, බර ඇද්ද වඩක්ක ගොනුන්ම වුවායි අද හැරී බලද්දී සිතෙයි.

මවා පෙන්වීම් ගැන හිතුවාම නම්, අල්ලපු ගෙදර බයස්කෝප් එකම, මවා පෑමේ කතාවක් වටාම ගෙතී තිබේ. සිංදු කියන්නට හිත තිබුණත් මං වගේම ලොකුවට පතක් නොතිබූ, මතක හැටියට පරණ සොල්දාදුවෙක් වූ, ජෝ අබේවික්‍රමට, ක්ලැරිස්ට වැලන්ටයින් දැමීම සඳහා,  පසුබිම් ගීත කියන්නට ගිය ඇන්තනි සී පෙරේරාව, සන්ධ්‍යා කුමාරිට මාට්ටු වීමේ කතන්දරය වටේ කැරකෙන අල්ලපු ගෙදර, එක අතකින් වැඩ බැරිකම වහගන්නට ඇඩ් ලිබ් කිරීමේ අවධානම වගේම අනපේක්ෂිත ප්‍රතිඵල ගැනද කියා පානා කතාවකි.



 මේ වකවානුවේ ලංකාවේ අයට නම්, මවා පෙන්වීම් හා රඟපෑම්, ආදී නාට්ටිය කලා, මැජික්කාදිය ගැන උදාහරණ ගන්නට පරණ බයස්කෝප් බලන්නට කාලය නාස්ති කිරීමේ උවමනාවක් නැති බවත් ඒ අස්සේ සිහිපත් වෙයි.




ඉතින් මේ වැලන්ටයින් දවසේ, ඈතක අම්මා එක්ක ඉන්නා, මගේ සන්ධ්‍යා කුමාරිට සුබ වැලන්ටයින් දිනයක පැතුමුත් එක්ක මේ සිංදුව මෙතන අවුණමි.

ඇන්තනි සී ගේ මූණ තිබුණත් සිංදුව කියන්නේ නම් මිල්ටන් ය. ජේ. ඒ. මිල්ටන් පෙරේරාය.


[සන්ධ්‍යා කුමාරි ගැන බොහෝ විස්තර අන්තර්ජාලයට එකතු කර අපේ මතකවල හිස්තැන් පුරවන්නට දායක වූ සියළු දෙනාටම අපේ ප්‍රණාමය. මෙතන ඇවුණූ ගීත වීඩියෝ යූබටයේ සන්ධ්‍යා නමින් වෙන්වූ චැනලය පවත්වාගෙන යන ආදරණීයයන්ට පින්සිදු වන්නට ය.]

Continue Reading...

Wednesday, February 8, 2023

කුලය, අනන්‍යතාව, මානුශීයත්වය සහ "ගාඩි"

 



"හිරු දරුවෝ" (Children of the Sun) යැයි ඉංග්‍රිසි උප සිරැසියක් සහිතව 2019 දී බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ දී දොරට වැඩි ප්‍රසන්න  විතානගේ ගේ 'ගාඩි'  සිනමා සිත්තම, මේ ජනවාරියේ සිට ලාංකීය සිනමා තිර මත තිරගත වෙයි.

පහත වීඩියෝව, මේ වෙනුවෙන්  Youth for CHEnge සංවිධානය කරන ලද සංවාදශීලී කතික‌ාවට ශේනු දැක්වූ අදහස්ය.





Continue Reading...

Monday, February 6, 2023

නිදහස් උදෑසන - පර්මිට් නැති කොස් බයියා

 



කතාව ලියූ කීර්ති වැලිසරගේ....


කතාව කියවන සන්නාගේ කතාව...
අහලා හිතන්න.




Continue Reading...

Saturday, February 4, 2023

දේශයේ පාන් ටැඹ

 


කෝටියක් වියදං කරලාය කිව්වේ ඩයපර් වලට ය?

Continue Reading...

Wednesday, February 1, 2023

නිදහසේ මාංචු....

 


වසන්තට
ආණ්ඩුවත්
රටේ නීතිය ක්‍රියාත්මක කරනවාය කියන
ආයතනත්
රෙදි හෝදා වේලා මැද
ඇඳ පැළඳගන්නා තාක් කල්
‌‌මාංචු පැළඳීමේත්
බන්ධනාගාර ගත වීමේත්
නිදහස හිමි වී තිබේ.

භාරත ගේ විශ්ලේෂණය පහත වීඩියෝ වේ.


පසු සටහන




Continue Reading...

Blogroll

About