Saturday, January 28, 2023

මග සලකුණු

Share it Please

 



සිතියම් කිසිත් නැති බිමක
තනියෙන්ම ඇවිද යන සකි
ගීයක් හෙමින් මුමුණන්න
ඇහෙන හිත් අහුමුළු වලත් ඇති
උත්ථානයය කියන්නේම මරණය
හුස්ම හිරවී මැරෙන දවසකි
ගල්ලෙනක හංගා තියේ යැයි
හිතන්නටවත් හිතෙන් නැති
අන්ධකාරය වුනත් එහෙමයි
එළිය දල්වා හොයන්නට බැරි
ඒත් පියවුනු ඇහි පියන් යට
දහක් සිතුවම් මවන්නට හැකි
කඩා කුඩු කුඩු
කරපු සිරසක
පෙති පෙතිව
විසිරවුනු කවඳක
තියෙනවා හිත්
කිසිම දවසක
හැව ඇරී යලි
යලි උපදින්නෙ නැති....! 23 අප්‍රියෙල් 2021

2 comments:

  1. ලොකු මල්ලියා මොනාද මේ ලියන භයානක කවි

    ReplyDelete

Blogroll

About