ඈත්වී දුර යන්න කලියෙන්
පාත්වී සිප ගන්න ආසයි
මෑත්වී දොර කඩට එනවද
මගේ හිත නම් තාම සුවඳයි
පාත්වී සිප ගන්න ආසයි
මෑත්වී දොර කඩට එනවද
මගේ හිත නම් තාම සුවඳයි
ආදරේ බරණැස් පුරේ
මල් විසුණු මාවත් කොනේ
ජීවිතේ දෝතින් දරාගෙන
සිහිනයක අපි හමුවුනේ
සඳවතේ කළුවර එතී
කවුළුවක පියනක් වැසේ
හාදුවක දවටා ඇතී
සෙනෙහසේ පිණි බිඳු ඉසේ
13 නොවැම්බර් 2019

No comments:
Post a Comment