වසන්තය ගැන සිතා
නොහැලි පත් පිරිමදින
උස්ම පොප්ලර් ගසක්
ඇහැළ මල් පෙති හලයි
කහ ඇහැළ පෙති රැඳෙන
විල් තෙරක හිම මිදුන
සුදු දෙපෙති පත් විදා
ලිලී පොකුරක් පිපෙයි
රළක් ඇවිදින් වැතිර
නිමක් නැති නිමේෂෙක
නිදා හුන් වෙරළ මත
තෙතක් ඉතිරිව තියෙයි
රළ පතර සැඟව ආ
සුදු කවඩි බෙලිකටුව
ගිලිහි මුතු දසන් පා
උඩු බැලිව දිළුම් දෙයි…!
25 පෙබරවාරි 2021

No comments:
Post a Comment