මල් නොපිපි ගස-01 ට දිගුව
මෙසේ වසරින් වසර ගෙවී යද්දී, එක් අවුරුද්දක මල් සමය ලඟාවන්නා හාම, උතුරු සුළඟ දක්ෂිණ දේශයෙහි බුර බුරා නැගුනු ලැව් ගින්නක් සොයා කඩිමුඩියේ ඇදෙන්නට පටන් ගත්තේය. ඉවක් බවක් නැතිව දුවන උතුරු සුළඟේ පාවී ආ අඳුරු පැහැ වලාකුළු එක් රොක්වී කැලතී, මහා වැස්සක් බවට පෙරළුණේය.
දොඹගෙඩි තරමින් පටන් ගෙන වැටුණු වැහි බිංදු ටිකින් ටික...
Sunday, December 31, 2017
Friday, December 29, 2017
සිහින විතරයි
සුදු සීත මීදුම ගලයි
ඔබ වගේමයි
මුලු ලොවම වහලා වසංගා
සිත ඈත ඈතට අරන් යයි
මල් පිපෙනවා නිල්
තුරු මුදුන් වල
පියා සලමින්
ගයනවා විහඟුන්
අත් ඇඟිලි පටලා
නොපෙනෙනා ලොව
ඇවිද යමු අපි
පුංචි දරුවන් මෙන්
සුව සිහින පුබුදන
සිහින විතරයි
මීදුමේ දුර
අපේ සිත් ලතැවෙයි
සුදු සීත මීදුම ගලයි
ඔබ වගේමයි
මුලු ලොවම වහලා වසංගා
සිත ඈත ඈතට අරන් යයි
...
තංගමනී
දිය ලුණු රහ රන් දහදිය බිඳු පිපී
මැලවුණු වත නැත හසරැලි රැලි නැගී
තංගමනී...
දළු පොකුරක් ඇගෙ දෝතේ දසැඟිලි මැද ලෙලදෙනවා
මනාලියක් මල් පොකුරක් අරගෙන ඉන්නා වාගේ
සුසිනිඳු තේ දළු අතරින් දෑත ඇගේ දිවයනවා
පුංචි පුතුගෙ හිස අතගා නිදි කරවන්නා වාගේ
රතැඟිලි අග කළුවෙලා - දැළි කුණු පොතු තැවරිලා
රූබර රුව වැහැරිලා - කාලයෙ රැළි මතුවෙලා
"තංගවේළු හිනැහුණු...
නිමා නොවන මෙහෙවරක්
නන්දනී ශ්‍රියාලතා ඉස් ඉස්සෙල්ලාම මට හමුවූයේ කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ කාන්තා පොදුකාමරයේ දීය. නවසිය හැත්තෑ හතේ නැව අපේ නොවුනත්, දවාලට කාලා රස්තියාදු වෙන අස්සේ, පහල බැච් එකේ උන් එක්ක කොමන් රූම් වල සැරි සැරූ වෙලාවක, බිත්ති දිගේ පුටු තියාන වාඩිවී දවාලට කෑම කන කෙල්ලන් එක එකාගෙන් තරමක් බැරෑරුම් විදිහට නම ගම විස්තර අහාගන අහාගන යන වෙලාවක...
Thursday, December 14, 2017
මගේ සිහිනය
පුළුන් වලා කුලින් මිදීසඳේ රැස් ඇවිත්
ඔබේ නෙතේ කැළුම් අඳියි
මගේ කවුළුවේහීන් අඬින් වහන් වෙවීහමන මදනලේමිහිරි තොඳොල් සිනා තෙපුල්ලතැව කිතිකැවේපහන් දොරට ලහිරු කිරණනික්මෙනා පැයෙත්ඔබයි තවම හිනැහෙන්නේමගේ සිහිනයේ...!
...
Wednesday, December 13, 2017
නොපෙනෙන සඳ
[හැම පුර පෝයටම පිරී හිනැහුනත් මිහිතලයට පෙනෙන්නේ සඳේ එක් අඩක්ම පමණකි.]
මේ වගෙම සොඳුරුද
කළුවරද අඳුරුද
නොපෙනෙනා මුහුණත්
සා රුවක් නැතිවද
ලප කැලැල් ඇතිවද
නොපෙන්වූයේ කවම කවදාවත්
කිරි සුදට දිලිහෙන
පුරා සඳ ඔබ
මගෙයි හැම දවසේ
ඇයි ද මට නොපෙන්වා
වසන් කරගෙන
සිටින්නේ එක මුහුණතක් අහසේ
වැහි වලාකුළු පෙති
රිදී ඉරි ඇඳ
අඬන රෑ යාමේ
එක එකම...
Friday, December 8, 2017
මලක් ඔබ මලක්....!
සුසුමක කැටිකර
කුසුමක සැඟවූ
සිහිනෙක රොන් බිඳු ඉහිර ගලා
ඉරගල පාමුල
ඉඳුදුණු පිපෙනා
මොහොතක අහසම සුවඳ වෙලා
පිහිනන මසෙකිය
නිල්දිය විලකිය
විහඟ රලකි යන පියාසලා
දිදුලන තරුකැට
සඳදිය මුසු වී
විසිරෙයි ගුමු ගුමු නදින් ගලා
මුකුලිත පහනක
වියැකෙන සිළුවක
ජීවනයේ ඔසු පැන් ඉසලා
විකසිත කරවා
හිනැහෙන මලකිය
ආදරයේ පිණි බිඳු සස...
Monday, November 27, 2017
පියාපත් - ධනුෂ්කා නිෂාදි කුලරත්න [කවි බූන්දි]
දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්නොගැලවී ඉන්න වෙර දරනවා
බත්කූරු යාළුවේ!ගමනමයි ගැලවුමනැවතුනොත්උගුලකට බැඳෙනවා
අන්ධකාරේ අතුරුදන් වෙනසතුටු දුවිලි, මතක අළුක්ෂුද්‍ර වැටකඩුළු වී අතරමගඅතරමංවෙන පාර කියනවා
නවතින්න හැකිසැබැයිවිඩාවට ඉනාවක් දෙයිසැබැයිපරිස්සම් කරගත්තොතින්
යාළුවේ!පියාපත් ජීවිතේ රකිනවා
- ධනුෂ්කා නිෂාදි කුලරත්න
htt...
Friday, November 24, 2017
නොමැකෙන ඉරි
අහස හිම වී හඬා වැටුනත්
නොවැසෙනා ඉරි
තැළුම් වේ පොළවේ
සයුර බොඳවී ගලා ආවත්
තිබේ ගල්පර
නොසෙල්වෙන වෙරළේ
පතා ආ සේ නොසිදුවූ දා
කතාවක් නැති ලෝකයක තනිවී
හිතා ගන්නට නොහැකි ඈතක
පියාඹන්නටපැතුම් පිබිදේ වී
දයාගුණ පිරි සොඳුරු වදනක
මහාමේරුවගිලී සැඟවේවී
අනත නත නා විලස කිමිදී
අමත අමරසදිවග රඳවාවී
...
Monday, November 20, 2017
මිස්ටර් අනූ දෙක (දෙක) - බිං ඌර් වල් හාර්
සාමාන්‍ය සුලභතාවය (abundance) සලකා බලන විට, යුරේනියම් මිහිතලය මත දුර්ලභ මූල ද්‍රව්‍යයක් නොවේ. පෘතුවි පෘෂ්ඨය මත රත්තරන් සුලභතාවය කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 0.004 පමණ වන විට යුරේනියම් සුලභතාවය කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 2.7 පමණ වෙයි. එසේ වුනත් මේ ඉලක්කම්, ලියා ඇති විදිහෙන්ම සාමාන්‍ය අගයයන්ය. සාමාන්‍ය අගයයන් ගැන කියනවා නම් හැම එකාගේම වගතුග හොයන...
Saturday, November 11, 2017
ජෝශප් වාස් විද්‍යාලය උපැවදි වීම
ලංකාවේ බටහිර වෙරල තීරය දිග කතෝලික පල්ලියක් මුණ නොගැසී ගමන් කිරීම උගහටය. එයිනුත් කතෝලික දේවස්ථාන ඝනත්වය නිසාම පුංචි රෝමය කියා කියැවුනු මීගමුවේ සිට හලාවත දක්වා ඕනෑම ඉරිදා දවසක ගමනක් යන කෙනෙකුට අඩුම ගණනේ මංගල්ලයක් පැවැත්වෙන එක කතෝලික දේවස්ථානයක් හෝ හමුවෙතැයි මට සිතෙයි. ගිං ඔය පාලම පැන්නාම පටන් ගන්නා අපේ අම්මා තාත්තාගේ ගම වූ නයිනමඩමේ...
Thursday, November 9, 2017
වෙල්ලස්සේ සැරිසරන ප්‍රේමයේ ආත්මය... [තරුරසී ගේ ‘‘තරු ඇස් රහස්‘‘ ]
වෙල්ලස්සේ සැරිසරන ප්‍රේමයේ ආත්මය... මයිකල් රුද්‍රිගු පිය මතකය
බුත්තල, අළුකලවිට ගම්මානයේ කුඩා පැලක දිවි ගෙවමින්, ජනතාව සමඟ එක්ව වැඩකරමින් උන් මයිකල් රුද්‍රිගු පියතුමා මරා දමා මේ ඉල් මහේ 10 වන දිනට වසර 30 කි. අළුකලවිට මයිකල් පියතුමාගේ ගෙපැල සුබසෙත් ගෙදර නම් විය. අදත් එය හැඳින්වෙන්නේ එනමිනි.2004 - 2010 කාලය තුළ බුත්තල කතරගම පාරේ...
Friday, November 3, 2017
සපත්තුව බිඳුණා සින්ඩරෙල්ලා...
සපත්තුව බිඳුණා සින්ඩරෙල්ලා
මගෙ ඇඟිල්ලත් කැපුණා
මේ ගල්පඩි පෙලේ දිගටම
වීදුරු කෑලි තිබුණා
තාත්තාට කියලා මං
ආයෙත් බාල් නැටුමක් නටවන්නම්
ඔයා කොහොම හරි එන්න ඕනා
එදා වගෙම මා එක්ක නටන්න ඕනා
මං නවත්තනවා ඔරලෝසු
මකනවා දොලහෙ ඉලක්කම
ඒක එලිනොවන රැයක් වෙයි
නොනවතින බාලක් වෙයි
මට ඒත් විශ්වාස නෑ
මේ මාලිගාවේ මං නොදන්න
කාමර තියනවා
අවිශ්වාස කට්ට්ය ඉන්නවා
ඔරලෝසු...
නොපිපි මල්...!
දම් පැහැ අහසක - පඬු පැහැ සඳ යට
නිදිමත පහනක ඇස් මානේ
අප හමුවුදා නොපිපුනු මල් පෙති
නොපිපෙනු ඇත කවදාවත් ආයේ
අළු දැරියයි ඔබ මහ රෑ මැදියම
මායාවෙන් නිදිගැට දුරලූ
පලිඟු පා වැසුම
මග ඉහිරී ගිය
සී සී කඩ විසිරී බිඳුණු
සෙව්වන්දිය පෙති තවරා වැසුවත්
සුව වෙද සීරුම් කැලැල් මැකී
මල සිඹි දා හිත
පාරා රිද වූ
නටු අග රැඳවුණු වියරු කටු
...
Wednesday, November 1, 2017
‘සැතපෙන්න සාමයෙන්...!’
අම්මාත් තාත්තාත්
ලොකු නංගීත් අයියාත්
වල දැමූ වල ඉහත්තාවේ
ඉටි පහන් දැල් වූ චූටි නංගී
මා අසල සිටගෙන මුමුණයි“ඔන්න අපි ආවගෙදර කට්ටියව බලල යන්න...”යන්තමින් මුදුනෙන් මෑත් වූ ඉරඅප පසු පසින් පැමිණඅපි දෙන්නාගේ ම හෙවනැලිමිනී වල වැහෙන්නටසළකුණු කර බලා සිටීදැල්වෙන ඉටි පන්දම් සිළුනිවෙන්නට ද නොනිවෙන්නට දහිත හදා ගන්නට නොහැක්කාක් මෙන්සුළඟ සමග ඔට්ටු වෙයිලොකු...
චාර්ල්ස් වගේ ලිවීම
අපේ බාප්පා සිංහල පත්තර සඟරා හැම එකම මිලදී ගත්තේය. ඒ කාලයේ මාසිකව පළවූ රසවාහිනි, ශ්‍රී, නවයුගය ආදී හැම සඟරාවකම අළුත්ම පිටපත සීයලාගේ ගෙදර තිබේ. එයිට අමතරව සතිපතා පුවත්පත් සේරමත්, ඉරිදා පත්තර සේරමත් එහේ තිබුණි. ඉරිදා පත්තර නම් අපේ ගෙදරත් තිබුණත්, සඟරා කියවන්නට නම් සීයලාගේ ගෙදරම යා යුතු විය. මේ වායේ පරණ කොපි, පාළු කාමරයක පරණ අල්මාරියක යට...
Tuesday, October 31, 2017
පියාඹන හඳ
පියාපත් නැත්තං හඳට
අර වාගෙ ඉගිලෙන්නෙ කොහොම ද?
ඉර බහින හැන්දෑවෙ ඇවිල්ලා
හිත ගාව හිනැහෙන්නෙ කොහොම ද?
රතු පාට කහපාට
මල් පිපෙණ දවාලේ
හැංගිලා හොරකමට
වහං වී ඉන්නවා...
ගොම්මනේ පාට හත
දියවෙද්දි ලුණු වතුරෙ
මෙන්න ඇවිදන් ඇවිත්
සුදුම සුදු මල් පොකුරු
මගෙ අතේ තියනවා...
පියාපත් නැත්තං හඳට
අර වාගෙ ඉගිලෙන්නෙ කොහොම ද?
ඉර...
Monday, October 30, 2017
කින්නර ගීතය
ගයනු මැනවී ඉතින්
ගයනු මැනවී ඔබේ
ප්‍රේම ගීතය
කින්නරාවියනේ...
උච්ච ස්වරයෙන් දැදුරු කර ලය
සිඳී සුන්වී විසිර යන්නට කැබැලිවී
පලිඟු බඳුනේ රැඳුන ජීවය විසිරිලා
ගයනු මැනවී ඉතින්
ප්‍රේම ගීතය ගයනු මැනවී
කින්නරාවියනේ...
ගලා ගිය සඳ වතුර සිඳී ගිය රෑ
අන්ධකාරයේ ස්වර සත ගලගා
කණට නෑසෙන උච්ච සරයෙන්
ගයනු මැනවී ඉතින්
ප්‍රේම ගීතය ගයනු මැනවී
කින්නරාවියනේ...
තාරකා...
Sunday, October 29, 2017
තාත්තා....
"උදාසන හදිසියේම වාගේ මම අවදිවීමි. ජනේල වීදුරු සඳ එළියෙන් බබලයි. අඳුර කාමරයේ අහුමුළුවල සැඟවී සිටී. කාලාන්තරයක් යැයි හැඟෙන කාලයකට පසුව මම කල්පාන්තරයක් තිස්සේ හුරු පුරුදු වූ ස්ථානයක සිටින්නේ ය යන හැඟීම දිය බුබුලකින් මතුවන ජලය සේ ගලාවිත් සිත පුරවා ගනී. ඒ සිතිවිල්ල සිසිලසක් සැනසීමක් සමගම අව්‍යාජ වූ සතුටක් සිතට ගෙනෙයි.
කණ්ණාඩි...
සුබ උපන්දිනයක්.....!
තාත්තලා දැකීම තාත්තලාට සතුටකි.
සුබ උපන් දිනයක් මියුරු පුතා.
...
Friday, October 27, 2017
රතු සේද....!
දණ ගගා ලපැටි දඬු මත
ලෑටි ගා මල් බෙරි කොල
තැනූ දා සුසිනිදු නූල් ඇද
සංක්‍රාන්ති කෝෂය
තටුගසා ඉගිලෙන
දවස ගැන හිතිවිලි
පණ ගසා පිපෙන්නට ඇති
පට පණු සිතේ පතුලක....
පියාඹන ජීවිතයසොයා තැනු සේද නූලම
ලියා ඇත මරණයේඅවසාන සහතිකය
බුබුළුලන දඟලනඋණු දිය කටාරම තුල
දියව ගිය නිදහසේඅවසාන මුණු මුණුව
තටු සලන කොඩියක
රතු සේද නූලක්වනැගි නැගී අහසට
ගයයි...
Wednesday, October 25, 2017
මගේ සිහිනය
මගේ සිහිනය
POSTED BY KOOMBIYA 4.16.2008
මගේ මිතුරන්ට බොහෝ බරැති හීන පෙනේ. ඒ හීන වල තිබූ කාර්, ලොරි, ගෙවල් සහ ඉඩම් වල බරට උන්ගේ ඇඳන් නිතර ජර-බර ගා හඬ නැගුවා. දහදියෙන් නැහැවී ගිය උන්ගේ ඇහි දාර ද නළල් තල ද පෙනෙන හීනයේ් බරින් ඇකිලී ගොස් තිබූ හැටි මට මතකයට නැගේ. කිසිදු හීනයක් නොපෙනීම ගැන මට තිබුණේ මහා මදිකමක්, ලැජ්ජාවක්...
Sunday, October 22, 2017
හිත ඇත්නම් පත කුඩා ද?
කවුරු කොහොම කිව්වත් ලිව්වත්, හිත තිබ්බ පමණින්ම පත ලොකු වෙන්නේ නැත. අනික් අතට කොච්චර ලොකු පතක් තිබ්බත් කෝඳුරු බෙට්ටක් තරංවත් හිතක් නැති එකෙකුට ඒ පත පතෙන් වැඩක් වෙන්නේත් නැත. වැඩක් වෙනවාට වඩා තවත් පරාණ රාසියකට අවැඩක් වෙන එකත් සිද්ධ වූ තැන් ඕනෑ තරම් තිබේ.
මේ හිතත් පතත් අතර ගණුදෙනුවේ අපට හරියාකාරව නූගැන්වෙන කොටසක් තිබේ. මෙතැන හිත කියන්නේ...
Friday, October 20, 2017
අන්දර කැලේ දර ලීයේ කුරුමිණියා
අපි පුංචි කාලේ පී.ජී. මාටින්ස් සමාගමේ, ඩී.අයි. ලෙදර් සපත්තු ජෝඩුවක් ගත්තාම තරමක කාඩ්බෝඩ් පෙට්ටියක් ලැබුණි. මේ පෙට්ටියකින් මං හදාපු රේඩියෝවක් අපේ ගෙදර ජනෙල් උළුවස්සක් උඩ සෑහෙන කාලයක් තිබුණා මට මතකය. අපේ අම්මාට මං කරාපු ඔය වගේ දේවල් ඉතාම අගේ විය. මේ රේඩියෝවේ, ඩයල් එක, ස්විච් යතුරු ආදී අංගෝපාංග සේරම ලස්සණට අමුණා තිබුණ ද, ඒක වැඩ කරන්නේ නැත....
Subscribe to:
Posts (Atom)
Blogroll
About
Designed By Templateism | Seo Blogger Templates