සුසුමක කැටිකර
කුසුමක සැඟවූ
සිහිනෙක රොන් බිඳු ඉහිර ගලා
ඉරගල පාමුල
ඉඳුදුණු පිපෙනා
මොහොතක අහසම සුවඳ වෙලා
පිහිනන මසෙකිය
නිල්දිය විලකිය
විහඟ රලකි යන පියාසලා
දිදුලන තරුකැට
සඳදිය මුසු වී
විසිරෙයි ගුමු ගුමු නදින් ගලා
මුකුලිත පහනක
වියැකෙන සිළුවක
ජීවනයේ ඔසු පැන් ඉසලා
විකසිත කරවා
හිනැහෙන මලකිය
ආදරයේ පිණි බිඳු සසලා
++++++++
ReplyDeleteතුති
Deleteගීතයකට හොඳ පදරචනයක්
ReplyDeleteඅගය කලාට තුති ඉයන්.
Deleteරස පද ගැළපුමක්.
ReplyDeleteජයවේවා!!!
තුති දුමී.
Deleteමේක මරු ගයන්න
ReplyDeleteආසාව හැකියාව ඇත්නම් ගයන්න. අගය කලාට තුති.
Delete