ගයනු මැනවී ඉතින්
ගයනු මැනවී ඔබේ
ප්‍රේම ගීතය
කින්නරාවියනේ...
උච්ච ස්වරයෙන් දැදුරු කර ලය
සිඳී සුන්වී විසිර යන්නට කැබැලිවී
පලිඟු බඳුනේ රැඳුන ජීවය විසිරිලා
ගයනු මැනවී ඉතින්
ප්‍රේම ගීතය ගයනු මැනවී
කින්නරාවියනේ...
ගලා ගිය සඳ වතුර සිඳී ගිය රෑ
අන්ධකාරයේ ස්වර සත ගලගා
කණට නෑසෙන උච්ච සරයෙන්
ගයනු මැනවී ඉතින්
ප්‍රේම ගීතය ගයනු මැනවී
කින්නරාවියනේ...
තාරකා මල් ගෙල සිඳී
ලේ ගලා මියැදුනු රැයේ
වාලුකා තල සැඩ සුලං වැද ගිනි දවා
ගලන්නට ලෝ දිය ගඟක් වී
ගයනු මැනවී ඉතින්
ප්‍රේම ගීතය ගයනු මැනවී
කින්නරාවියනේ...
කණට නෑසෙන උච්ච සරයේ
තියුණු හී යෙන් දැදුරු කර ලය
සිඳී සුන්වී විසිර යන්නට කැබැලිවී
පලිඟු බඳුනේ රැඳුන ජීවය විසිරිලා
ගයනු මැනවී ඉතින්
ගයනු මැනවී ඉතින්...
ප්‍රේම ගීතය ගයනු මැනවී
කින්නරාවියනේ...
December 24, 2009
කණට නෑසෙන උච්ච සරයේ
ReplyDeleteතියුණු හී යෙන් දැදුරු කර ලය
ගයනු මැනවී ඉතින්...
අගෙයි...
ශ්‍රීලාල්
කා ගැනවත් විශේෂයෙන් හිතලා ලියපු එකක් නං නෙවෙයි හැබැයි.
Deleteතුති සටහනට.
තුති
ReplyDeleteතුති
ReplyDelete