කලින් මිස්ටර් අනූ දෙක සටහනේ ලියා ඇති විදිහෙන්ම, දැනට අපි දන්නා පමණින් යුරේනියම් ගොඩක්ම අැති, සාන්ද්‍රම නිධි තිබෙන්නේ කැනඩාවේ සස්කච්වාන් ප්‍රාන්තයේ ඉහල කෙළවරට වෙන්නට, කිලෝමීටර භාගයකට වඩා දුර පොළව යටයි.
සස්කච්චවාන් ප්‍රාන්තයේ ඉහලට අඩ පුරාම පැතිර ඇත්තේ විල් හා විල්ලුය. ශීත කාලයේ දී හිම සළුවකින් වැසී යන මුත්, වසන්තය හා ගිම්හානය පුරාම ඉහල අහසේ සිට බලද්දී මේ බිම් තලාව තරමක වැස්සකට පසු අපේ රටේ බස් නැවතුම් පලක් මෙන් දිස්වෙයි.
මේ බිම තුලද බොහෝතැන්වල ඇත්තේ උරාගත් ජලයෙන් සංතෘප්ත වූ වැලි ගල්ය. යුරේනියම් පතලයක් යනු මීටර පන්සියයක හයසියයක් පොළව තුලට සිදුරක් හෑරීමත්, එයින් පසු එහි සිට දිගට හරහට සිදුරු කිරීමත් වන අතර, මේ කාර්යයට ඇති ප්‍රධානම බාධකයත් රත්නපුරේ මැණික් පතල් බැසීමේදී හමුවන පතල පුරා වතුර පිරීමම වෙයි. එක එල්ලේ ඔළුවට එන විසඳුම වතුර පොම්පයක් වුවත්, මැක් ආතර් රිවර් හා සිගා ලේක් පතල් ද්වයේම ජලය නවතන ප්‍රධාන උපක්‍රමය නම් ඒ සඳහාම හිල් විද භූගත කල පයිප්ප ජාලයක් ඔස්සේ, සෙන්ට්ග්‍රේඩ් ඍණ විස්සට පමණ ශීත කල ලුණු වතුර පොම්ම කර, කණින්නාවූ ප්‍රදේශය වටා ඇති භූගත ජලය අයිස් බවට ඝන කිරීමයි. මේ අයිස් පවුරට මුවා වූ ප්‍රදේශයේ කැණීම් කටයුතු අවසන් වූ පසු, ඊළඟට කැණෙන ඉසව්ව වටා අළුත් අයිස් පවුරක් තැනෙයි.
දැනට කැනීම් සිදුකෙරෙන, මැක් ආතර් රිවර් යුරේනියම් පතලයේ යුරේනියම් නිධිය හාරන උපක්‍රම දෙකක් භාවිතා කෙරෙයි. උස්සා විදීම යැයි, සිංහලට හැරවිය හැකි Raise Bore ක්‍රමය මේ පතලයේ මුලින්ම භාවිතා වූ ක්‍රමයයි. මීටර පන්සියයේත් හත් සියයේත් පමණ ගැඹුරක, යුරේනියම් නිධියට උඩිනුත් යටිනුත්, තිරස් අතට කැණි දෝණා දෙකක් මේ කාර්යයේ දී භාවිතා වේ. ඉහල දෝණාවේ සිට යුරේනියම් නිධිය පසාරු කර, පහළ දෝණාව දක්වා හාරන සිදුරක් තුලින් බැස්සූ ඊෂාවකට ඇවිණු කැපුම් හිසක් යොදවාගෙන යුරේනියම් සාන්ද්‍රිත නිධිය කුඩා කැබලි වලට කඩා, පහල දෝණාවට හලන අතර, දුරස්ථ පාලකයකින් පාලනය කෙරෙන යන්ත්‍රයකින් මේ ගල්කැබලි එකතු කර ඇඹරුම් යන්ත්‍ර වෙත ගෙනයනු ලබනවා.
[photograph from www.cameco.com]
මැක් ආතර් රිවර් පතලයේ පහු කාලීනව යොදාගනු ලබන කැණීම් ක්‍රමය මේ උස්සා විදීමම උඩින් ඇවිත් පහලට හිල් කිරීම වෙනුවට, පහල සිට ඉහලට හිල් කිරීමකට අනුවර්තනය කිරීමකි. මේ ක්‍රමය නම් කර ඇත්තේ, Box hole boring (සිංහලට පෙරළුවොත්, පෙට්ටි සිදුරු විදීම) යනුවෙනි. මේ ක්‍රමය යොදා ගැනීමේ ප්‍රධාන හේතුව, යුරේනියම් නිධියට ඉහලින් තිරස් දෝණාවක් කැනීමට අපහසු, ඉතා අධික පීඩනයකින් ජලයෙන් සංතෘප්ත වැලිගල් ස්ථරයන් වැනි, භූ තත්වයන් පිහිටා තිබීමයි.
සස්කච්වාන් හී ඇති දෙවන යුරේනියම් පතලය වන සිගාර් ලේක් හි යොදාගන්නේ ඉහත ක්‍රමවලට හාත්පසින්ම වෙනස්, අධි පීඩන ජල පිහිරකින් (high pressure water jet) යුරේනියම් අඩංගු පාෂාණ ස්ථරය කැබැලි කරන්නාවූ ක්‍රමයකි. ශක්තිමත් පාෂාණ ස්ථරයක් මත පිහිටා ඇති මේ යුරේනියම් නිධියට ඉහලින් ඇති පාෂාණ ස්ථර, සියල්ල තිරස් දෝණා කැපීමට නුසුදුසු තත්වයේ පැවතීම මෙවැනි විශේෂ ක්‍රමයක් නිර්මාණය කිරීමට ප්‍රධාන හේතුවයි.
[photograph from www.cameco.com]
මේ කැණීම් ක්‍රම තුනේදීම, කැණීමෙන් පසුව සෑදෙන විශාල සිදුර, කොන්ක්‍රීට් මිශ්‍රණයකින් පුරවා වසා දමනු ලබයි. සියල්ල අවසානයේ සිදුවන්නේ, යුරේනියම් නිධිය ක්‍රම ක්‍රමයෙන් කොන්ක්‍රීට් නිධියක් බවට පරිවර්තනය වීමයි. මේ විදිහෙන් හිස්තැන් පිරවීම අත්‍යවශ්‍ය කාරණයක් වෙන්නේ, එසේ නොකෙරුවොත්, පතලය ඇතුලත භූ ස්ථරවල ඒකාග්‍රතාව පවත්වාගන්නට නොහැකිවන නිසයි. කොටින්ම කිව්වොත්, පතලයම කිඳා බහින්නට පුළුවන්.
මේ ක්‍රමයේදී වෙන්නේ, නල ලිඳක් විද, පොළව යට පාෂාණ ස්ථරවල ඇති යුරේනියම් සංයෝග ද්‍රාවණය කල හැකි ද්‍රවයක් පොළව යටට විදීමයි. විදින ලිඳ වටකර විදි, තවත් ලිං පන්තියකින්, පොළව යටදී යුරේනියම් වලින් සංතෘප්ත වන මේ ද්‍රවය නැවත පොලව මතුපිටට පොම්ප කරනු ලබනවා. මේ දියකර ගොඩ ගැනීම නිසා, පතලයක් හෑරීමක් නැහැ.
[photograph from www.cameco.com]
මේ ආකාරයට යුරේනියම් ගොඩගන්නට ඇමරිකාවේ ආකර වල අංගාකරිකාම්ල (carbon dioxide) ද්‍රාවණයකුත්, කසාක්ස්ථාන ආකර වල සල්පියුරික් අම්ල ද්‍රාවණයකුත් යොදා ගනු ලබනවා. වැඩි කලබල, හෑරිලි, දැඟලිලි රහිතව කරන්න පුළුවන් කාර්යයක් නිසා වඩාත් උචිතය, පරිසර හිතකාමීය සේ වර්ග කෙරුනත්, මේ ක්‍රමය යොදාගත හැක්කේ, පහසුවෙන් දියවන යුරේනියම් සංයෝග, අඩු සංයුතියකින් පොළව තුල විසිරී ඇති නිධි සඳහායි.
ආශ්‍රිත ජාල සටහන්:
https://en.wikipedia.org/wiki/Abundance_of_elements_in_Earth%27s_crust
https://www.cameco.com/businesses/mining-methods
https://www.cameco.com/businesses/uranium-operations/canada/cigar-lake.
https://www.credit-suisse.com/corporate/en/research/research-institute/global-wealth-report.html
න්‍යශ්ඨික අවි සෑදීම හැරුණු කොට යුරේනියම් වල මහජන හිතකාමී ප්‍රයෝජන තිබෙනවාද?
ReplyDeleteඅද දවසේ නිපදවෙන යුරේනියම් සීයට සීයක්ම පාහේ පාව්ච්චි වෙන්නේ බලාගාර වල විදුලිය ජනනය කරන්නයි.
Deleteමේ ගැන මගේ මුල් සටහනේ ඇති.
උදාහරණයක් ලෙස ඉන්දියාව විදුලි සැපයුමෙන් සියයට තුනක් න්‍යෂ්ඨික බලාගාර වලින් ලබා ගන්නවා. ඔවුන්ගේ ඉලක්කය 2050 වෙද්දී මේ ප්රමාණය 25% දක්වා නැංවීමයි.
තුති.
ReplyDeleteI am too proud to be a vazian and my children
ReplyDelete