Thursday, November 23, 2017

නොමැකෙන ඉරි

Share it Please
අහස හිම වී හඬා වැටුනත්
නොවැසෙනා ඉරි
තැළුම් වේ පොළවේ
සයුර බොඳවී ගලා ආවත්
තිබේ ගල්පර
නොසෙල්වෙන වෙරළේ

පතා ආ සේ නොසිදුවූ දා
කතාවක් නැති
ලෝකයක තනිවී
හිතා ගන්නට නොහැකි ඈතක
පියාඹන්නට
පැතුම් පිබිදේ වී

දයාගුණ පිරි සොඳුරු වදනක
මහාමේරුව
ගිලී සැඟවේවී
අනත නත නා විලස කිමිදී
අමත අමරස
දිවග රඳවාවී



10 comments:

  1. උසස් නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. ඉයන් ගේ අදහසට එකඟයි

      Delete
    2. තුති ඉයන්. කමෙන්ට් කලාට අමතරව යාළුවන්ටත් කිව්වාට.

      Delete
  2. ලස්සන කවියක්!

    ReplyDelete
  3. ඉයන් පෙන්නපු පාරෙන් ආමි... ලස්සනයි... දිගටම එන්නම්කො

    ReplyDelete
  4. ලස්සන නිර්මාණයක්...

    ReplyDelete

Blogroll

About