Wednesday, July 4, 2018

අපේ මේ මන්දාකිණිය ආදරිය...

ක්ෂිර පථය යැයි කීව ද මහා ඝනඳුරක විසුරුණ සියක් බිලියන තාරකා වදුලකිබිඳු බිඳුව බිඳි එළිය බිඳු මිසඅනවරත ආලෝකයක් නම් නැති තවත් මන්දාකිණි තිබේ අර විශ්වයේ සෑම මානයකම ඉමක් කොනක් නොහැඟෙන ඈත පැතිර විසිරුණු අඳුර තුල සියක් බිලියන දස දහස් බිලියන බිඳු බිඳුව බිඳි එළිය බිඳු රොක්වුන සත්‍යයය එසේ වූ කල ආලෝකයම හඹා යනු කිම සොයන්නට පරම සත්‍යයය අඳුරෙන් උපන්...
Continue Reading...

Sunday, June 24, 2018

විශ්වය කාලය හා ඒකාත්මිකතාවය

අද වෙද්දී ප්‍රචලිත විද්‍යාත්මක මති මතාන්තර වලට අනුව, මුළු මහත් විශ්වයේ පැතිරී විසිරී දිදුලන නොදිදුලන පෙනෙන නොපෙනෙන සියල්ල ඇරඹුනේ සියල්ල කැටිකොට සම්පීඩනය කොට දරා සිටි ගැලපෙන වෙනත් වචනයක් නොමැති කමින්ම ඒකාත්මිකතාවක් යැයි මා සිතන, ඉංග්‍රිසියෙන් singularity යැයි ලියැවෙන යමක මහා පිපුරුමකිනි. එසේ ඇරඹුණු විශ්වය, තවමත් තවදුරටත් ප්‍රසාරණය වෙමින්...
Continue Reading...

Wednesday, June 13, 2018

පුංචි කාලේ මොරටු වැල්ලේ....

බැස යන්නට නොහැකිව තතනන ඉර එළියෙන් රත් පෑ වූ හියුරන් විල අහල පුංචි නගරයක සිට ලියමි. හැත්තෑ ගණන් අග හරියේ, කොළඹ සරසවියේ නවකලාගාරයේ දී නැරඹූ බෙංගාලි චිත්‍රපටයක සිතුවම් මාලාවක් නොමැකෙන සේ මගේ සිතේ ඇඳී තිබේ. එය සත්‍යජිත් රායි ගේ යැයි මා අනුමාන කරන නමුදු, නමගම නම් මතකයට නොඑයි. සමහර විට මගේ මතකයේ ඇත්තේ, ඒ සිනමා සිත්තමේ එහෙන් මෙහෙන් අහුලා...
Continue Reading...

Thursday, June 7, 2018

හරි වැඩේ ස්වර්ණා

හරි වැඩේ ස්වර්ණා වෙස් මූණ චූට්ටක් ඉරිලා මේ සතියෙ ආවාම හදා ගන්න ඕනා අල්මාරි තට්ටුවේ ඇති පරණ අච්චුව හීනියට ඉරලා ⁣සුදු සව් කඩදාසි පොඟවලා තියන්න පරණ මැලියම්ම තිබුණා නෑ ලොකුම සිදුරක් නෙවෙයි කම්මුලක් තෙමිලා පුංචි සිදුරක් හැදිලා මෙහෙ තවම වැස්සනෙ කුඩේ අමතක වුනා මාලිනී ඇරලුවා නෑ ගෙදරටම නෙවෙයි බස් එකට විතරයි ඒ කුඩේ හරි පොඩියි ගෙදර...
Continue Reading...

Monday, May 14, 2018

රන් තිලකා... පොඩි සුමනා... සුදු ශීලා... කළු මැණිකා...

මම හයේ හෝ හතේ පංතියේ ඉගෙන ගන්නා කාලයේ අපේ බාප්පා කසාද බැන්දේය.  තාත්තාගේ පවුලේ බාල පුතා වූ බාප්පා ඒ කාලයේ මරදානේ ටෙක්නිකල් කොලීජියේ ඉගෙනුම ලබමින් සිටි අතර ඊට අමතරව සීයාගේ ව්‍යාපාර කලමනාකරණයටද සහය විය. සීයාගේ ඇස් අන්ධය. මහගෙදර ඉදිරිපස ඉස්තෝප්පු කෑල්ලේ පුටුවක වාඩිවී සිටින සීයාගේ ප්‍රධාන කාරිය අසල කනප්පුවක් මත තිබෙන රේඩියෝවට සවන්...
Continue Reading...

Saturday, May 5, 2018

නිදිකුම්බා

කටු ඇනෙයි කියා ඔබ නොපාගා ඈත ඈතින් යන නිදිකුම්බ ඉති අගත් මල් පිපෙයි දම්පාට පෙති නැතත් සිනිදුවට රොන් තිබේ රේණු අග පා පහර ලැබ විසිර ගැබ් වදින කහපාට ඵල දරා මෝරා අව් රසින් පුපුරා විසිරවී තව තවත් කටු පිරුන පැල හදන කටු ඇනෙයි කියා ඔබ නොපාගා ඈත ඈතින් යන නිදිකුම්බ ඉති අගත් මල් පිපෙයි දම්පාට [පින්තූරය - https://www.treknature.com/galle…/...
Continue Reading...

Saturday, March 31, 2018

කල් බලන මරියා...!

මුදුන් වෙයි ආයෙත් බක් මහේ පුරහඳ රැහැයියොත් ගොළුවුන ගොල්ගොතා කන්දේ ලේ වැකුණු කුරිසියට ගල් ගැසී නැවතුන මතකයක් සිතින් ගෙන බලා ඉන්නීය මරියා විවර වන තුරු තවම ලෙන්දොර පින්තූරය - Waruni Anuruddhika Chandrasena ගේය. පින්තූරයට ඈ තබන සටහන: A mother who is waiting for her disappeard son …. for how long can she Wait … The ongoing...
Continue Reading...

සුර ලොවිනේ බැස මෙදිනේ....

වෙන්නප්පුවේ ජෝශප් වාස් විදුහලේ මුල් ගොඩනැගිල්ලේ වම්පැත්ත, බිත්තිවලට කිරිගරුඬ පනේල ඇල්ලූ, දෙව් මැදුරක් වෙයි. එක්තරා පාස්කු කාලයක් කිට්ටුව තට්ටු දෙකක් උස මේ කුඩා පල්ලියේ බැල්කනි කොටසේ ගීතිකා කීපයක් ගායනා කරන්නට පුරුදු පුහුණු වූ දවසක් මගේ මතකයේ තිබෙයි. සංගීත සර් වූ ජස්ටින් සිල්වා සර් ඕගන් එක වාදනය කලාය කියාත්, අපේ ගණිත ගුරුවරයා වූ රොබට්...
Continue Reading...

Thursday, March 8, 2018

නැවත මෙවන් රටක ඉපදිමට සිදු නොවේවා !!! - අම්මලා තාත්තලාටයි

අම්මලා තාත්තලාටයි ===============. මේ, ඉහත අවුණා ඇත්තේ පහුගිය අවුරුද්දේ දී, කැළණි විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය හා අනුබද්ධිතව පැවැත්වෙන කථන හා ශ්‍රවණ විද්‍යා පාඨමාලාව අවසන් කර උපාධිය ලැබූ, විසිහය හැවිරිදි තක්ෂිලා නුවන්ති, සිය මුහුණු පොතේ තැබූ සටහනකි. එය මෙසේ මෙතැන එල්ලන්නේ, නවසිය හතලිස් අටේ, තක්ෂිලා උපදින්නටත් අවුරුදු හතලිස් ගණනකට පෙර...
Continue Reading...

Saturday, February 24, 2018

සම්පන්තන් ගේ නෙළුම් පොහොට්ටුව

උදේ වරුවේ බස් එකේ කීරියන්කල්ලි ගිහින් ආ අපේ තාත්තා ගමේ ගොඩේ කියන විදිහට නම් මොලේ නහරයක් පුපුරා, නැත්නම් ඉංග්‍රිසි වෙදකමේ හැටියට ස්ට්‍රෝක් එකක් හෝ ඒකම සිංහලෙන් ලිව්වොත් ආඝාතයක් හේතුවෙන් ලෙඩවී වැටුනේ, නවසිය අසූ අටේ ජූලි මාසේ විසිහය වෙනිදා රාත්‍රියේය. එදා ඒ දේවල් වෙද්දී, ගෙදර හිටි අපේ අම්මාත්, චූටි නංගීත්, පණිවිඩ යවා ගෙන්නාගත් බාප්පාත්...
Continue Reading...

Sunday, February 11, 2018

එහෙත් ඡන්දෙ .... එහෙත් ඡන්දෙ ... මිලානෝ පැත්තෙද ඉන්නෙ?

මෝදරගේ වාස්ලා, මෝදර ඉඳලා හැමිල්ටන් ඇල දිගේ ඇවිත්, ගිං ඔය දිගේ ඇවිල්ලා, නයිනාමඩමේ හණතොටුපල තොටුපල හරියේ බැහැලා, ඉස් ඉස්සෙල්ලාම මහ ගේ හදාන තිබුණේ, අම්මලාගේ කුඹුරු කෑලි වලට උඩහින් වත්තේ, මහා රූස්ස සියඹලා ගහක් තිබුණු තැනට චුට්ටක් මෙහායින් කියා, අපේ අම්මාගේ ඉතිහාස කතා වල කියවෙනවා මට මතකය. රෑ පාන්දර, ඇහැ පියාගන්ඩ බැරිකමට නැගිටලා ඇවිත් තේ කෝපි...
Continue Reading...

Wednesday, February 7, 2018

අඟහරු වෙත යන ස්ටාර් මෑන් ගේ මොටෝ රථය

පෙබරවාරි හයවෙනිදා, දහවල් සඳ ගමනට ඇපලෝ යානා ගුවන් ගත වූ ඇමරිකාවේ කෙනඩි අභ්‍යවකාශ තොටුපලින්, මොටෝරථයක් අගහරු කරා ගමන් කරන්නට පිටත් විය. මේ රතු පැහැති ටෙස්ලා රෝඩ්ස්ටර් රථය පදවන්නේ ස්ටාර් මෑන් ය. ඉහත ඇත්තේ පෘතුවිය වටා කක්ෂයකට පිවිසි ස්ටාර්මෑන්, සිය මොටෝරියේ සිට අපේ පෘතුවිය දෙස බලා සිටින, සේයාරුවකි. අජටාකාශගාමියකු සේ සැරසී සිටියද, ස්ටාර්මෑන්,...
Continue Reading...

Friday, January 19, 2018

කොළපාට නිල්පාට වීම හා පීටර් මහත්තයාගේ නොමිනේෂන් කතාව

නවසිය අසූ ගණන් වල දී අද තියන ප්‍රාදේශීය සභාව එන්නට පෙර වෙන්නප්පුව සුළු නගර සභාවක් ලෙස පැවතුණි. සුළු නගර සභාව නැත්නම් ටවුන් කවුන්සිලයත් පක්ෂ පක්ෂ වල අය ඡන්ද තියා පත්වෙන කොට්ඨාශ කීපයකට බෙදා තිබුණු අතර, එදා ව ඒ ඡන්ද අද වාගේ වේදිකා අටවා, පක්ෂ නායකයින් ඇවිත් පච හලන හෝ අඩුම ගානේ පෝස්ටර් කටවුට් තාප්ප පොල්ගස් ලැයිට් කණුවල අලවන තරමටවත් දියුණු...
Continue Reading...

Sunday, January 14, 2018

ඊ. එන්. එකසිය අසූ හත

ඉස්සරම ඉස්සර ලංකාවේ වාහන අංක පටන් ගෙන තියෙන්නේ ඉංග්‍රිසි කිව් අකුරත් අංකයකුත් යොදාය. ඉන් පස්සේ ඒ, බී, සී, ඩී, අංක තහඩු කාලයක් තිබී ඇති අතර ඊළඟ රවුම සිලෝන් කියන ඉංග්‍රිසි අකුරු වලින් ජෝඩුව බැගින් ගෙන අංකයක් අවුණා තහඩු නිකුත් කල කාලයයි. සී.ඊ, සී.එල්, සී.එන්. ආදි වශයෙන් ගිය මේ ක්‍රමය, ඊ.එන්. කිට්ටුකර තියෙද්දී, ඉංග්‍රිසිය හැලී ශ්‍රී උදාවිය. ශ්‍රී...
Continue Reading...

Tuesday, January 9, 2018

ගනු කඩුව... එනු සටනට...!

ඉස් ඉස්සෙල්ලාම කියලා ඉස්කෝල කොන්සට් එකක මං රඟපෑවේ කාකවණ්න තිස්සගේ පාට් එකය. මේකත් මිස් වැන්ඩලන්ගේම වැඩකි. අපි පුංචිම පුංචි උන්ව හිටි නිසා දෝ අපි පෙන්නුවේ ඒ මෙගා ඩ්‍රාමා එකේ ඉන්ටරෙස්ටින් ම සීන් දෙකක් විතරය. මහරජ තිස්ස නාඹර පුත්තු දෙන්නාට බත්ගුලි කවන හා ලොකු කුමාරයා ඩබල් බෙඩ් එකේ ට්‍රිපල් වී අකුලන් නිදන සීන් දෙකය. දෙවැනි සීන් එක අම්මල...
Continue Reading...

Friday, January 5, 2018

පොල් සම්බෝල

සම්බෝල වර්ග කොච්චර තිබුණත් ජනප්‍රියම සම්බෝලය පොල් සම්බෝලයය. අපේ අම්මා පොල් සම්බෝල හැදුවේ ලුනු කැට දෙක තුනක් එක්ක රතුළූනුත් වියලි මිරිසුත් ගලේ අඹරා ඒකටම පොලුත් දමා අඹරා බත්තලාඳේ එකතු කර දෙහි බෑයක් දෙකක් මිරිකලා අතගාලාය. ඉස්කෝලෙ යන කාලේ යාළුවෙක් එක්ක කට්ටිපැන දවාලට ශත විසිපහක් දීලා කඩේකින් කෑ මුල්ම දවසේ කෑවේත් පාන් කාලක් එක්ක පොල් සම්බෝල...
Continue Reading...

Blogroll

About