අම්මලා තාත්තලාටයි
===============.
මේ, ඉහත අවුණා ඇත්තේ පහුගිය අවුරුද්දේ දී, කැළණි විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය හා අනුබද්ධිතව පැවැත්වෙන කථන හා ශ්‍රවණ විද්‍යා පාඨමාලාව අවසන් කර උපාධිය ලැබූ, විසිහය හැවිරිදි තක්ෂිලා නුවන්ති, සිය මුහුණු පොතේ තැබූ සටහනකි.
===============.
මේ, ඉහත අවුණා ඇත්තේ පහුගිය අවුරුද්දේ දී, කැළණි විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය හා අනුබද්ධිතව පැවැත්වෙන කථන හා ශ්‍රවණ විද්‍යා පාඨමාලාව අවසන් කර උපාධිය ලැබූ, විසිහය හැවිරිදි තක්ෂිලා නුවන්ති, සිය මුහුණු පොතේ තැබූ සටහනකි.
එය මෙසේ මෙතැන එල්ලන්නේ, නවසිය හතලිස් අටේ, තක්ෂිලා උපදින්නටත් අවුරුදු හතලිස් ගණනකට පෙර දේශපාලන නිදහස ලැබූ, විශේෂයෙන්ම ලේ බිඳක් නොහොල්ලා නිදහස ලැබුවායි උදම් අනන අපේ රට ගැන, එදායින් පසුව එළැඹෙන තුන්වෙනි පරම්පරාවේ සිත් තුල අද නැගෙන සිතිවිල්ලේ ශෝචනීයත්වයත්, පසුගිය පරම්පරා දෙකක් විසින්, මේ තුන්වැනි පරම්පරාවට උරුම කරන්නාවූ උරුමයත් පිලිබඳව සසල වූ සිතැතිවය.
මේ සිතිවිලි මේ පරපුරේම උරුමය බවත්, ඒ තක්ෂිලාට පමණක් සීමාවූ සිතිවිල්ලක් නොවන බවත් ආයේ තකහනියක් ලිවිය යුතු නොවේ.
හුදෙක් බලය ඇල්ලීමේම පටු දේශපාලන අරමුණු ඔස්සේ යමින්, රටේ අනාගතයත්, සම්පතුත්, ඒ මතු නොව, තරුණ ජීවිතත් බිල්ලට ගත් ව්‍යසයනයක් ව පවතින දේශපාලන නායකත්වයක් අපේ උරුමය වී තිබේ. ධර්ම ද්වීපයක් යැයි කෙතෙක් උදම් ඇනුව ද, ධර්මානුකූල හික්මීමක්, ගිහියන් කෙසේ වෙතත්, ධර්මාචාර්යයන් වූ පැවිද්දන් තුලිනුත් ගිලිහී ගිය කාල පරිච්ඡේදයකට අපි අවතීර්ණ වී සිටිමු. එසේ නොමැත්තේ නම්, අද මේ මොහොතේ නැවත හදිසි නීතිය හා අඳුරු නීතිය ක්‍රියාත්මක කරන්නට සිදුවන්නේ නැත.
ජීවිතය ගෙවෙන්නකි. වැඩිම වූවොත්, අවුරුදු හැත්තෑවක් හෝ අසූවක වපසරියක් ඇත්තකි. එහි ඵල ලෙස අප ඉතිරි කර යන්නේ අපේ දරුවන්ය. ලංකාවේ අපි දරුවන් වෙනුවෙන්ම දියවී යන්නට සැදී පැහදී සිටින සංස්කෘතියක උරුමක්කාරයෝ වෙමු. ඒ නිසාවෙන්ම තක්ෂිලාගේ මේ සටහන මගේ සිත සසල කල ලෙසින්ම ඇගේ මව්පිය පරපුරේ බොහෝ දෙනෙකුගේ සිත සසල කරනවා ඇතැයි මම සිතමි.
ඇයටත් ඇගේ පරපුරේ එවුන්ටත්, බැණ අඬගසා, ඔහොම හිතීම වැරදිය කියන්නට අපට පුළුවන. රටක අගය හෝ, සොබා දහමේ අනියත බව හෝ දෙසා වදාරා, උන්ගේ සිත් සනසන්නට අපට පුළුවන. එහෙත් ඒ කිසිවකින්වත්, මේ පසුගිය අවුරුදු හැට ගණන තුල අපේ දරුවන්ට නිදහසේ, ආදරයෙන් හා සාමයෙන් ජීවත්විය හැකි රටක් බවට අපේ රට පත් කරන්නට අපට නොහැකි වූ සත්‍යය වසන්නට අපට නොහැකිය. ඒ කාර්යයේදී අප අසාර්ථක වූ බව අපි පිළිගත යුත්තෝ වෙමු.
අද මේ මොහොතේ දී, ඔවුන් පතනා රට කුමනා කාරද යන්නත්, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් අප කල යුතු දේ කුමක් ද යන්නත්, අපේ දරුවන් ගෙන් ම අසා දැන ඉගෙන ගන්නට අපි බැහැපත් විය යුතු වෙමු. එසේ ඇසුවොත් ඔවුන් ඉල්ලන්නාවූ මුල්ම ඉල්ලීම, මලේච්ඡයන් ලෙස, ගහ මරාගෙන, ලේ හලාගෙන, ගිනි තබාගෙන, ප්‍රශ්න විසඳා ගන්නා වූ සංස්කෘතිය අවසන් කිරීම බව අප කාටත් පැහැදිලි විය යුතුය.
[තක්ෂිලාගේ මුහුණු පොත් පිටුවට මේ ලිපියට අදාල ඇගේ සටහන මෙහි ඇති රූපයේ සම්පූර්ණයෙන් දක්වා ඇත]
ඒ සටහන කොපි කරල දාන්න බැරිද? මුහුණුපොතට යන්න අමාරු නිසා කියවගන්න බැරි අයට.
ReplyDeleteතක්ෂිලා ලියා ඇති ටික සම්පුර්ණයෙන්ම අර පින්තූරයේ තිබෙනවා තරු. අර විදිහෙන් සබැඳියක් දැමීමෙන් එක විදිහක නන්නත්තාර වීමක් වෙනවා තමයි. මම ඒක හදන්න බලන්නම්.
Deleteඒ සටහන මෙපමණයි!
Delete"නැවත මෙවන් රටක ඉපදිමට සිදු නොවේවා !!!"
ස්තුතියි!
Delete++++++++++++++
ReplyDeleteමටත් හිතෙනවා නොයෙක් වර මං සිංහල වෙලා ඉපදුණේ අපරාදෙ කියල. විශේෂයෙන් උතුරු නැගෙනහිර වැඩවලට ගිහින් එන හැමවෙලාවකම හිතෙනවා දෙමළ වුණා නම් හොඳයි කියල. අඩුතරමෙ ඒ මිනිස්සුන්ගෙ වේදනාවට, පීඩාවට සමාන අයිතියක්වත් ලැබෙනවා එතකොට.
ReplyDeleteපහුගිය ඡන්දෙන් පස්සෙ ගොඩක් අහන්න ලැබුණු කතාවක් තමයි ‘තේරුමක් නෑ මේ රටේ ඉඳලා. මේකෙන් යන්න ඕන‘ කියන එක. ඒ අයට මං කිව්වෙ ‘කමක් නෑ යන්න. අඩුතරමෙ දරුවො හරි මීට වඩා දියුණු සමාජයක ජීවත් වෙයි‘ කියල.
දුකයි මට අපේ රට ගැන. මං නවකතාවෙත් ලිව්වා තැනක. ‘‘මට දුකයි ආච්චම්මෙ අපේ රට ගැන. මේ පක්ෂ දේශපාලනේ හින්ද අපේ රට විනාස වෙනවා‘‘ කියල.
තක්ෂිලා නුවන්ති නැවත මෙරටේ ඉපදෙන්ට ඕනෑ නැති හේතුවක් කොහෙවත් නැහැනේ?
ReplyDelete