අවුරුදු දෙකකට කලින් 2015 ජනවාරි හයවෙනි දා, මූණු පොතේ ලියූ පහත සටහන අද මෙතැන එල්ලන්නට හිතුණේ අහම්බෙනි. අහම්බෙන් සිදුවන දේවලටත් අනාගතය නොවැරදීම අර්ථ කථන සපයන බව දන්නා නිසා, එයිට වඩා යමක් ලියන්නට උවමනා නැත.
සීත මිටියාවතේයි නම්කර ඇති මේ සී. ඩී. කවරයේ රශ්මි සංගීතාව චුට්ටක් කෙට්ටු කර හීන් කණ්නාඩි දෙකක් දැම්මා නම් මිස් වැන්ඩලන් වගේමයැයි මට හිතුණි. ඉහල බාලාංශයේදී අපේ පංතිය බාරව හිටියේ මිස් වැන්ඩලන් ය. මේ වගේ කොටම නැති පර්ම් කොණ්ඩයක් තිබුණු කන්නාඩි පලඳින මිස් වැන්ඩලන් අපේ අම්මාට වඩා ගොඩක් බාලයැයි ඒ කාලයේත් මට හිතුණු ටීචර් කෙනෙකි.
ඔය කාලයේ අවුරුදු පහ පැන්නූ මම ඉස්කෝලෙ ගියේ ආවේ බාප්පලා ගේ මෝටර් රථයකිනි. අයියාත්, නංගීත්, බාප්පලාගේ ළමයිනුත් ආදි සෑහෙන රොත්තක් ඒ කාර් එකේ උදේ හවස ප්‍රවාහනය විය. කාර් එකේ යාමට වඩා ඔය කාලයේත් මගේ හිත තිබුණේ, පාර අයින දිගේ පයින් ඇවිදගෙන යන්නට ය. එහෙම යන මගේ වයසේ ළමයින්, කොන්වන්ට් එකේම කෑල්ලක් වූ අපේ ඉස්කෝලේ වැඩිපුර හිටියේ නැත. අපේ පංතියේ නම් හැතැම්ම තුන්කාලක් විතර ඈත අපේ ගෙවල් හරියට එහෙම පයින් එන ළමයෙක් හිටියේම නැත. ඒත් මේ රථවාහන ආධිපත්‍යයෙන් මිදී නිදහසේ පාරේ වැලි පෑගීමේ ළාමක ආසාව එන්න එන්නම ලියලා වැඩී, එක දවසක් උදේ 'අද මම පයින් ගෙදර එනවා යි' අම්මාට කිව්වෙමි. එයා මොනවා වත් කිව්වා මට මතක නැත.
එදා හවස ඉස්කෝලේ අවසන් ව, සේරම ළමයි කාර්, කරත්ත, අම්මලා, තාත්තලා එන තුරු බට්ටෝ පනිමින්, බෝල ගසමින්, කොරිඩෝර් එකේ කණුවෙන් කණුවට ගස් මාරු වෙමින් ඉන්නා අතරේ, මම අද පයින් ගෙදර යනවායි මගේ යාළුවන්ට කියා බෑග් එකත් කරේ එල්ලාගෙන ගේට්ටුවෙන් එළියට ඇවිත්, ඒ දවස් කීපයේම උදේ හවහ කාර් එකේ ජනේලෙන් බලාගෙන ජී. පී. එස්. එකේ රෙකෝඩ් කරගෙන තිබුණු රූට් එකට අවතීර්ණ වුනෙමි.
මේක සිද්ධ වුනේ තිස් අවුරුදු යුද්ධයටත් අවුරුදු විසිපහකට විතර ඉස්සරය. ඒ හින්දා පාරේ බෝම්බ ගැන බයක් තිබුණේ නැත. බෑග් එකක් එල්ලාගෙන පාර අයිනටම වෙලා නුපුරුදු විදිහට ඇවිදින පුංචි කොල්ලා ගැන කවුරුවත් හිත කරදර කර ගත්තේත් නැත. හරස් පාරවලින් හරියට හැරී, කොළඹ පාරට ඇවිත් පොලිසියත් පහු කල පසුව, මගේ මේ කුළුඳුල් ඒකල ගමනේ ඊලඟ නැවතුම වූ රඹසෙවණ පොත් සාප්පුව හමුවිය. ඒ කාලයේ රඹසෙවණ තිබුනේ පොලිසියට මෙහා ජෝශප් වාස් එක ඉස්සරහ, පැට්‍රික් අංකල්ලාගේ කඩ කාමරයකය. අපේ අම්මලාත් ගෙදරට ඇන්ද ඩ්‍රසින් ගවුමකින් සැරසී සිටි නෝනිස් ඉස්කෝල මහත්තයාගේ නෝනා, මට ශත පහක නාරං බික් දෙන ගමන්, 'බබා තනියම ද යන්නෙ යි' ඇසුවාය. 'ඔව් මම පයින් ගෙදර යනවා' යි කිව්වෙමි.
මම දන්නා තරමින් ඉස්කෝල හාමිනේ කෙනෙක් වූ නෝනිස් නෝනාට ඒකේ අමුත්තක් දැනුනේ නැත. ඒකට හේතුව අපි කාර් එකේ ගියත්, ඉස්කෝලේ ඇරිලා ගල්කැට කුරුම්බැට්ටි වලට පයින් ගස ගසා තනියම පයින් ගෙදර යන අවුරුදු පහේ හයේ පුංචි උන් ශත පහක සීනිබෝල ගන්නට රඹසෙවණට ගොඩවීම අමුත්තක් නොවූ නිසා බව මම දැන් දනිමි.
එදා මගේ ගමන කෙළවර වුනේ අපේ ගෙදරට හැරෙන තැන පේන නොපෙනෙන මානයේ අයිවන් අංකල්ලාගේ පැට්‍රල් ෂෙඩ් එක ලඟදී ය. ඒ පැට්‍රල් ගහගෙන පාරට දාපු බාප්පලාගේ කාර් එක මගේ ලඟින් ම නැවතුණු නිසාය. ආපහු කාර් එකේ ඉස්කෝලෙ ගිහින් අනිත් කාණ්ඩයත් එක්කම ගෙදර ආපු මට අම්මා බැන්නා, ගැහුවා කියා මතකක් නැත. තාත්තා කෑ ගැහුවා කියා මතකක් නැත. මම හතරවෙනි පස්වෙනි පංති වෙද්දී නම් කොහොමත් ඉස්කෝලෙ ගියේ ගෙදර ආවේ පයින්ය. ටෙරන්ස් ෂෙල්ටන් එක්කත් රමණී වීරසිංහ එක්කත් කදේ දාගෙන කයිවාරු කිය කියා ආ ගිය ඒ ගමන් වල අනන්තවත් කථා තිබේ. ඒත් මේ හා හපුරා කියා මංම හිතා මංම තනියම පාරට බැස මට ඕනෑ නිසා ආ ගමන එක අතකින් තවමත් යමි.
මේ සේරම ලිව්වේ ආප්පත් කා තනියම එළියට බැස්ස මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ගැන හිතේ උපන් ආඩම්බරයකිනි. උන්නැහේ ව මගදි කාර් එක ඇවිත් නංගා ගන්නත් පුළුවන. නැත්තං දිගටම දිගටම ගිහින් ගෙදරටම යන්නටත් පුළුවන. පහු කාලයක මා එක්ක ගිය ටෙරන්ස්, රමණී වගේ කට්ටියත් උන්නැහේ වටේ සිටිති..... ඒත් මට නම් හිතෙන්නේ උන්නැහේ මේ ගමන යන්නේ තමුන්ගේ හිතට එකඟව තමුන් මේ වෙලාවේ කරන්න ඕනෑ 'හරි' දේ ගැන විශ්වාසයෙන් තනියමම බවයි. අද වෙන කොට තම තමුන්ගේ මඩිස්සල වල රටාවල් අනුව ගැලවීම නම් මේකය, ගැලවීම නම් මේකය කියා පොතේ ලියා කටපාඩම් කරගෙන ගිරව් වගේ මතුර මතුරා හිටි නා නා පාට වල මැකෝ කුරුල්ලන් ට, එකට ඉඳගෙන 'ස' අල්ලන්නට වේදිකාවකට ගන්නට උන්නැහේට පුළුවන් වී තිබේ.
මුන්නැහේ පඹයෙක් ය රූකඩයෙක් ය හය හතර නොතේරෙන නොදරුවෙක් ය කියන අයත් සිටිති. අරයා මෙයා කියන එක කරනවා, රැවුල නෑ, පෞරුෂය නෑ, අරක බෑ, මේක බෑ, මල්ලි හරි නෑ, කියන අයත් සිටිති. ආප්ප කාලා පපුවටම පිහියෙන් ඇන්න, විශ්වාස කරන්න බැරි ද්‍රෝහියා කියලාත් කියති. මේ සියළු කතාවලට උත්තර ලියන සෑහෙන පිරිසකුත් සිටිති. ඒ නිසා ඒ ගැන මාත් ලියන එකේ තේරුමක් නැත.උන්නැහේ ගේ මේ ගමන මට වටින්නේ, මමත් උන්නැහේ ඉන්නා තැන හිටියා නම් මටත් ඔය වාගේම එළියට ඇවිත් දැන් වෙන්න ඕනෑ මෙන්න මේකයි කියා රටේ පාරවල් වල පයින් පාසල් යන පුංචි එවුන් වෙනුවෙන් කතා කරන්නට හිතෙනවා හිතෙනවා මයි කියා හිතෙන නිසාය.
දැන් උන්නැහේ ඉන්නේ මගේ ළපටි ගමනේ හැටියට නම් රඹසෙවණ පොත් හල ගාවය. නෝනිස් ඉස්කෝල නෝනා ගෙන් ශත පහක නාරන් බික් ඉල්ලමින්ය.
ලබන අටවෙනිදාට මගේ රටේ මිනිස්සුන්ට උන්නැහේගේ හංසයාට තල්ලුව දෙන්නට වාසනාව තියේවා...!

No comments:
Post a Comment