Thursday, January 5, 2017

හේමන්ත දං පොකුරු (2017)

Share it Please


රතෙන් රත් පෑ වූ
නෙතින් නෙත නෙක දෑ ලිවූ
හේමන්ත දං පොකුරු
හිම කතර තනි වූ
හිමෙන් හිස
මල් ඔටුණු රැඳවූ....

වසන්තය පුරාවට
අතු පතර සඟවාන
පිපුණු මල් පෙති රකින
හේමන්ත සීතලට
පත් හලන ඵල දරන

පත් නොමැති රිකිලි අග
රත් පොකුරු දිලෙන සඳ
උණු හිමෙන් වැසුණු බිම
සැඟව නිදි වසන්තය

මල් පිපුණි දැයි නොදැන
ඈත ගිය විහඟුනට
එන්න එන්නැයි කියා
දුරුත්තේ මොරගසන

විහඟ තුඩගක නොරැඳි
වස්සාන වැස්සට හැලෙන
රත් පෑය ඉගිල ගොස්
නිල් කළුව මැලව යන

ඒත් හිම මල් පැළඳ
රත් වනින් සිනා‍සෙන
අඳුරු හේමන්තයට
හාදු දෙන රත් අදර

හේමන්ත දං පොකුරු
හිම කතර තනි වූ
හිමෙන් හිස
මල් ඔටුණු රැඳවූ....

[ ජනවාරි 5, 2017]

2 comments:

  1. හේමන්ත දං පොකුරු නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. දං දම් වෙලා නේ.
      දැන් හරි.
      තව චුට්ටෙන් දං ගෙඩියට යන්න වෙන වැඩක් නේ ද?

      Delete

Blogroll

About