Monday, December 5, 2016

බිඳුණු මුතු...!

Share it Please


"වැලි කැටයක් නැතුව මුතු කැටයක් හැදෙන්නෙ කොහොම ද?"

ගැහෙන හදවත් මස් වැදැල්ලේ
හිරව හැංගී ස්නායූ සූරා කපා තෙරපා
ඉස් මොළය පුපුරවා අකුණු සැර ඉගිලවූ
තියුණු කඩු තුඩු වැලිකැට වහන්නට
ඔතා දවටා මුදවා කඳුළු
ඔප දමා මම සැදුව මුතු කැට.....

අවිශ්වාස ද තවම?

තබා කිණිහිරය මත
තලා කුළු ගෙඩියෙන්
ඇඟිලි තුඩු අගිසිවල
හෙමි හෙමින් පිරිමැද
සොයන්නේ වැලි කැට?

- දෙසැම්බර 4, 2016

2 comments:

  1. "මුතු බෙල්ලෙකු මුතු රකින ලෙසින් කුස තුල සඟවා" කිව්වෙ ඒකනේ.
    K

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙමත් කතාවක් තියනව තමයි.

      Delete

Blogroll

About