Monday, December 26, 2016

අම්මේ, එකම එක වරක්...!

Share it Please


අහස් නිල්ල මුහුද සිඹින
ඈත ඈත කෙළවරේ
ඉන්නවාද නුඹ තවමත්
හැංගිලා බලන්
මට කෑ ගසා කියන්...

රැල්ල බිදී පිපෙනා පෙණ
දෝතට ගෙන නුඹව සොයමි
හඬා වැටෙන මාරුතයේ
නුඹේ සුවද ඇද්ද බලමි

වැලි කැට යට කවඩි අතර
දිවා රැයේ නුඹව සොයමි
ගල් කුළු මත දිය රැලි තුල
නුඹේ මුහුණ ඇද්ද බලමි

විහාර මහ දේවි වගේ
රත්තරනෙන් කල ඔරුවක
පාවෙලා ඇවිත්
මුහුණ මගෙ සිඹින්
ආයෙත් එකම එක වරක්...

අම්මේ, එකම එක වරක්...!

(2004)


No comments:

Post a Comment

Blogroll

About