Monday, October 31, 2016

බූන්දි කවි කරන්ට්ස් - ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී? යශෝධා සම්මානි ප්‍රේමරත්න

Share it Please
බූන්දියෙන් (www.boondi.lk) උපුටාගත් යශෝධා සම්මානි ප්‍රේමරත්න ගේ රචනයක්.

අබලි පැතුමක් වැළැපේ
සුව නොවන කැළලක් යළි යළිත් පෑරී
කැබැලි වුන පපුවකින් ගිලිහේ
උණුසුම් සුසුම් බිඳු බේරි බේරී
'ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී'

තටු සිඳුණු නව යොවුන් විහඟුන්
පටු උගුරු පුම්බ පුම්බා
අළුත් තනු හොයන කල්හී
පිටුදකින පිටුවහල් කරවන
කෙටි මගද කියනු මැන මහතුනී,
ළමැද්දට මානා මුදා අත්හල හී?

මුල් ද ලා දළු ද සිඳ
බොල් කඳට ආවඩන දේශයක
වප් අහස ගුගුරුවා ඇද හැලෙන
වැසිදියත් තිත්ත මලකඩ රසකී

පස් අතර හංගා තැබීමෙන්
වසං කල හැකිද වැගිරුණු සීරී
දම් සකක් අලවා උරිස්සේ
උණ්ඩයෙන් නගන, වන්දනා ගාථා හඬ ද,
'ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී'?

ඡායාරූපය-www.onlanka.com

http://www.boondi.lk/article.php?ArtID=5039

No comments:

Post a Comment

Blogroll

About