කටක් මිස දිවක් නැති
කාල තුවක්කු බඳ උඩ
කපුටන් හලනවා නේ ද
තවමත් වසුරු සුදු පාටට
හෝ හෝ ව ඇහෙනවා
ඇති නේද තවමත්
ගල් උඩට හිස ගසා
දුක කියන මුහුදු රැළිවල
ගෝලයක් වුණත් පෘතුවිය
ඉර හඳ ග්‍රහලෝක සේරම
පැතලියි සෞර ග්‍රහ මණ්ඩලය
පිඟානක අතුරාපු ජිල් බෝල
වතාවක් දෙකක් තෙවරක්
ඔක්කොම හය පාරක්
ගියා අපි ගැලවිලා පොලවෙන්
ලඟම දැවටෙන හඳට
ගියත් කොයිතරං නම් ඈතට
කූඹි අපි බොකු පිඟානක හිරවුන
ලෙස්සන ගැට්ට පැන ගන්නට බැරුව
ආයෙ ආයෙත් ඇවිත් එක තැනම කැරකෙන
හිටියත් කොයි තරම් සෙනග ගැවසෙන
කඩල කන වඩේ කන පාට සරුංගල් යවන
බලං ඇති ඈත... ඈත රැළි හැදෙන තැන
පාළුයි නේ ද තවමත්.... ගාලු මුවදොර....!
No comments:
Post a Comment