Monday, January 7, 2019

ස්වර්ණාට.....!

(1) ඔයා දන්නවද ස්වර්ණා....? හඳේ එළිය⁣ට එළිය මැකුනට ඔය පුංචි තරුවත් ස්වර්ණා... මහා ඈතක තියන තවත් ග්‍රහ මණ්ඩලයක ග්‍රහ ලෝක ගොඩකට එළිය දෙන ඉරක්...! එහෙත් ඇති මෙහෙ වගෙම පොළවක් වටේ කැරකෙන හඳක් අපි වගෙම ලංවෙලා ඒ පොළවෙ හඳ බලන අපි වගෙම දෙන්නෙක්...! (2) නෑ ස්වර්ණා... ආලෝකය උපදින්නේත් අන්ධකාරයෙන්මයි නේද? මං අහන්නේ අන්ධකාරය නැත්තං ආලෝකයට පැවැත්මක්...
Continue Reading...

Sunday, January 6, 2019

දොර ඇරපන් අමල් බිසෝ..... (2019)

නිවුණු ගිණි අඟුරුය තැන තැන තවම දැල්වෙන අඳුරු අහසේ විසිර දිදුළු දෙන තරු කැට අවර්ණය ලෝකයම පාට කරනා තුරු ඇතිල්ලී හිරු රළ සුගති උයනේ ඇපල් ගස මුල දිරායයි හැව සර්පයා ඉතිරි කල බිම හෙවුණු තුරු බඳක ඇණ තියා සුසුම් ලයි විටින් විට සූරා නහය වීසීකර සෙම් සොටු පිසදා ලේන්සුවකින් බලාගත් අත බලා ඉන්නා කකුල් ඉදිමුණු දෙවියෝ දිරා ගිය යකඩ ගේට්ටුව ලඟ මුරය කුදු...
Continue Reading...

Wednesday, July 4, 2018

අපේ මේ මන්දාකිණිය ආදරිය...

ක්ෂිර පථය යැයි කීව ද මහා ඝනඳුරක විසුරුණ සියක් බිලියන තාරකා වදුලකිබිඳු බිඳුව බිඳි එළිය බිඳු මිසඅනවරත ආලෝකයක් නම් නැති තවත් මන්දාකිණි තිබේ අර විශ්වයේ සෑම මානයකම ඉමක් කොනක් නොහැඟෙන ඈත පැතිර විසිරුණු අඳුර තුල සියක් බිලියන දස දහස් බිලියන බිඳු බිඳුව බිඳි එළිය බිඳු රොක්වුන සත්‍යයය එසේ වූ කල ආලෝකයම හඹා යනු කිම සොයන්නට පරම සත්‍යයය අඳුරෙන් උපන්...
Continue Reading...

Sunday, June 24, 2018

විශ්වය කාලය හා ඒකාත්මිකතාවය

අද වෙද්දී ප්‍රචලිත විද්‍යාත්මක මති මතාන්තර වලට අනුව, මුළු මහත් විශ්වයේ පැතිරී විසිරී දිදුලන නොදිදුලන පෙනෙන නොපෙනෙන සියල්ල ඇරඹුනේ සියල්ල කැටිකොට සම්පීඩනය කොට දරා සිටි ගැලපෙන වෙනත් වචනයක් නොමැති කමින්ම ඒකාත්මිකතාවක් යැයි මා සිතන, ඉංග්‍රිසියෙන් singularity යැයි ලියැවෙන යමක මහා පිපුරුමකිනි. එසේ ඇරඹුණු විශ්වය, තවමත් තවදුරටත් ප්‍රසාරණය වෙමින්...
Continue Reading...

Wednesday, June 13, 2018

පුංචි කාලේ මොරටු වැල්ලේ....

බැස යන්නට නොහැකිව තතනන ඉර එළියෙන් රත් පෑ වූ හියුරන් විල අහල පුංචි නගරයක සිට ලියමි. හැත්තෑ ගණන් අග හරියේ, කොළඹ සරසවියේ නවකලාගාරයේ දී නැරඹූ බෙංගාලි චිත්‍රපටයක සිතුවම් මාලාවක් නොමැකෙන සේ මගේ සිතේ ඇඳී තිබේ. එය සත්‍යජිත් රායි ගේ යැයි මා අනුමාන කරන නමුදු, නමගම නම් මතකයට නොඑයි. සමහර විට මගේ මතකයේ ඇත්තේ, ඒ සිනමා සිත්තමේ එහෙන් මෙහෙන් අහුලා...
Continue Reading...

Thursday, June 7, 2018

හරි වැඩේ ස්වර්ණා

හරි වැඩේ ස්වර්ණා වෙස් මූණ චූට්ටක් ඉරිලා මේ සතියෙ ආවාම හදා ගන්න ඕනා අල්මාරි තට්ටුවේ ඇති පරණ අච්චුව හීනියට ඉරලා ⁣සුදු සව් කඩදාසි පොඟවලා තියන්න පරණ මැලියම්ම තිබුණා නෑ ලොකුම සිදුරක් නෙවෙයි කම්මුලක් තෙමිලා පුංචි සිදුරක් හැදිලා මෙහෙ තවම වැස්සනෙ කුඩේ අමතක වුනා මාලිනී ඇරලුවා නෑ ගෙදරටම නෙවෙයි බස් එකට විතරයි ඒ කුඩේ හරි පොඩියි ගෙදර...
Continue Reading...

Monday, May 14, 2018

රන් තිලකා... පොඩි සුමනා... සුදු ශීලා... කළු මැණිකා...

මම හයේ හෝ හතේ පංතියේ ඉගෙන ගන්නා කාලයේ අපේ බාප්පා කසාද බැන්දේය.  තාත්තාගේ පවුලේ බාල පුතා වූ බාප්පා ඒ කාලයේ මරදානේ ටෙක්නිකල් කොලීජියේ ඉගෙනුම ලබමින් සිටි අතර ඊට අමතරව සීයාගේ ව්‍යාපාර කලමනාකරණයටද සහය විය. සීයාගේ ඇස් අන්ධය. මහගෙදර ඉදිරිපස ඉස්තෝප්පු කෑල්ලේ පුටුවක වාඩිවී සිටින සීයාගේ ප්‍රධාන කාරිය අසල කනප්පුවක් මත තිබෙන රේඩියෝවට සවන්...
Continue Reading...

Blogroll

About