මේ වචන ටික මෙතන අවුණන්නට සිහිපත් වුනේ මැති සබයේ කෝප් කමිටුව ජාතික මැණික් හා ස්වර්ණාභරන අධිකාරිය ගෙන්වා කරුණු විමසන සාකච්ඡාව යූබටයෙන් අසමින් දකිමින් ඉන්නා මොහොතේය.
කෝප් වීඩියෝ අඩවිය
මිණිපුර මිනිකෙලිය
- බැකෝ දමා පරිසරය විනාශ කරමින් කපන මැණික් පතලක කම්කරුවෙක්
“මී වදේ ලෙසට ඉල්ලම සොයාගෙන
එම වදේ ලෙසට කටු පණ තියාගෙන
ආයුදේ ලෙසට ඉල්ලම් කටු රැගෙන
මේ සඳේ පතල් වල ඉල්ලම් කපන“
කහම කහ ඇඳුම් ඇඳ ඇවිදින් කහ වත්තේ
නරුම යකඩයෙක් දණ ඇන ගෙන ඉඳගත්තේ
හොඬය උස්සලා ඇන පස්කඳු ඩැහැ ගත්තේ
මහ පොළොව දෙබෑ කර පලලා ලේ ගත්තේ
නැකත දින බලා බයිරව පූජාව පුද පියා
බිමට මල් පුදා මහි දෙවි සනසවා පියා
පතල මැන බලා ඉල්ලම් ලකුණු කර පියා
වැන්ද දණ නවා මේ බිම අපේ නෑසියා
ඇතුලෙ සොල්දරත් නැත කැරකෙන දබර නැත
ගහන පාරවල් දැක නොරිදෙන හිතක් නැත
පතල ඉම කොනක් නැත සාගරයක්ම වෙත
ගැරුම කෙලවරක් නැත වල වැහුමකුත් නැත
එක අඹේ කඩන්නට උඩ අත්තක පල ගත්තු
අඹ ගහේ බෙල්ලටම ඇන බිම පෙරලන සත්තු
මගෙ රුවන් දිවයිනේ හදවත ඇදලා ගත්තු
මරු වලේ ගිනි දමා පලහති මිනිමරු පුත්තු
මිණිපුරේ සොහොන් වල් හාරන මිනිමරුවෝ
යන්තරේ දෙදල දණ ඇන මිහිකත මැරුවෝ
කොක්කණේ පිරෙන හින්දා කටවල් වැසුවෝ
සනුහරේ උගස් කර පැණිබොන රජ දරුවෝ
- රවිඳු වර්ණකුල
2012 ජුනි
No comments:
Post a Comment