Thursday, July 4, 2024

සම්පන්තන් ගේ නෙළුම් පොහොට්ටුව

Share it Please

 


රාජවරෝතියම් සම්පන්තන් අවුරුදු අනූ ගණනකට පසුව හුස්ම ගැනීම නතරකර තිබේ. දැන් ඉතින් ගුණ කථන වලට මෙන්ම, ගුණ කථන කරන්නට වලිකා ගැනීම් වලට කාලයයි. මැරුණාට පස්සේ මිනිසුන් ජීවත් වෙන්න පටන් ගන්නවාය කියන බොරුව මම ඇති තරම් අසා ඇත්තෙමි.

වෙඩි කා මියගිය සොලමන් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක පහන් පූජා පවත්වා දේවත්වයෙන් පුදන්නට තරම් අපේ රටේ කට්ටිය ගුණවත් වූ සමයකුත් මට මතකය. සම්පන්තන් මහත්මයාටත් බොහෝවිට ඒ වාගේ ඉරණමක් ලැබෙන්නට අවස්ථාව තියෙන්නට පුළුවන. මේකේ රහස තියෙන්නේ, කෙනෙක් මළාට පසුව ඒ පුද්ගලයාට ආයේ කට හොල්ලන්නට ඉඩක් නොතිබීම තුලය. ඔයා ඔය මං කලාය කිිියා, මං කිව්වාය කියා පට්ට ගහන එක ප්‍රලාපයක් කියා හෝ, මං ඔය කිව්ව දෙයින් අදහස් කලේ ඕක නෙවේය කියා හෝ කියන්නටවත්.... අයිසේ තමුන්ලා එදා මං ඔය අදහස් කියන කොට  කොහේද හිටියේ මොනවාද කිව්වේ කියා අහන්නටවත් මළ ගිය පරාණ කාරයාට හැකියාවක් නැත.

ඉතින් මට නම් එතුමාට මොනම සුවයක්වත් පතන්නට හිත හදාගන්නට බැරිය.

ඒ වෙනුවෙන්, සම්පන්තන් මයා ගැන 2018 මා ලියු ‌සටහනේ  සබැඳිය මෙතන අවුණමි.

කියවන්නැයි ආරාධනා කරමි.

සම්පන්තන්ගේ නෙළුම් පොහොට්ටුව

4 comments:

  1. සිංහලයෙක් විදියට යම් පුද්ගලයෙක් ඊලාම් දේශපාලනයක් නොකල පමණින්ම ඔහු හොඳයි කියලා පිලිගන්න බෑ.
    මනෝ ගනේෂන් පවා ඊලාම් විරෝධියෙක්.

    ReplyDelete
    Replies
    1. කෙනෙකුගේ දේශපාලනික මති මතාන්තර මත එයා හොඳද නරකද තීරණය කරන විදිහ ගැන නම් මට අවබෝධයක් නැහැ.

      Delete
  2. හොඳ නරක කියන දේ සාපේක්ෂයි. ඒක මනින විදියත් සාපේක්ෂයි. මට ඔබේ ලිපිය කියවපුවාම හිතුනේ මහින්ද රාජපක්ෂ කියන (නරක) දේශපාලකයා, සම්බන්ධන් කියන (හොඳ) දේශපාලකයාට බොරු චෝදනා කලා කියලා වගේ අදහසක්.

    සම්බන්ධන්ට චන්දේ අතරතුර මහින්ද බොරු කියන්නේ,අපිට ඊලාම් රාජ්‍යයක් අවශ්‍ය නෑ තියලා දෙමලෙන්ම කියන්න තිබුනනේ. ඌත් හොරා. චන්දේ ඉවර වෙනකම් ඉඳලා තමා බයිලා කියන්නේ.

    රටවල් දෙකක් හදාගන්න අකමැතින්ම එක රටක් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. සම්බන්ධන් කියන විදියට ඌ 1.5හේ රටක් බලාපොරොත්තුවන කෙනෙක්.
    ඒක රටවල් දෙකකට වඩා නරක තත්වයක්. සම්බන්ධන්ලා වගේ එවුන් නිසා තමයි ප්‍රභාකරන්ලා බිහිවන්නේ.

    ReplyDelete
  3. සම්පන්දන් කපටි දේශපාලනඥයෙක්. මහින්ද එක්ක අත යටින් වැඩ කරපු දේශපාලනඥයෙක්

    ReplyDelete

Blogroll

About