Sunday, April 30, 2023
Friday, April 21, 2023
උත්ථානයේ බලාපොරොත්තුව
Wednesday, April 19, 2023
මුහුදක් හංගන් නොදන්නවා වගේ ඉන්න හෙනහුරාගේ හඳ...!
එන්සිලඩස්... එන්සිලඩස්...
ගලා ආ රුහිරින්..
මහ පොළව ගැබ් ගෙන
වැදූ දරුවාය නුඹ....
බුද්ධියේ පහර ලැබ
සිහිසුන්ව ඇද වැටුනු
මහා යෝධයාය නුඹ...
ගල්වූ හිම පොරෝණාවක
ඔතා සඟවා ළමැදට
තුරුළු කරගෙන නිදන
දිළිඳු අසරණයාය නුඹ...
වෑස්සෙන සුසුමකට
සැප්තැම්බර් 18, 2015
[ග්‍රීක මිථ්‍යාවන්ට අනුව ක්‍රොනස් අතින් කරඇඹුනු ඔහුගේ පියා යුරේනස් (අහස) ගෙන් ගැළූ ලෙයින් ගැබ්ගත් ගයා (පෘතුවිය) බිහිකල යෝධයෙකි එන්සිලඩස්. ග්‍රීක කාව්‍යයන්හි එන පරිදි එන්සිලඩස්ගේ ඉරණම බුද්ධියේ සංකේතාත්මය ඇතීනා අතින් හෝ මධුවිතට අධිපති ඩයොනිසස් ගේ සහචර සයිලිනස් අතින් මැරුම් කෑමයි. එන්සිලඩස් ගිනිකඳු පතුලක මිහිදන් වූවායි සැලකෙන අතර, එන්සිලඩස් ගේ මව් ගයා ඔහු මුහුදේ දෙවියාය සැලකූ බවත් සඳහන් වෙයි.
එන්සිලඩස් නමින් නම් කල සෙනසුරු ගේ චන්ද්‍රයා පාෂාණමය අරටුවක් වසා පැතිරුනු ගෝලීය සාගරයක් වටා බැඳී ඇති ඝණ අයිස් පෘෂ්ඨයකින් සමන්විත යැයි, සෙනසුරු නිරීක්ෂණයට ගිය ඇමරිකන් කැසිනි යානයෙන් ලද තොරතුරු අනුව, තීරණය කර තිබේ]
ටික්.. ටික්.. ටික්.. ටික්…
ජූනි තුන, අප්පච්චි ගිහින් ඊයේ ට අවුරුදු දාසයක්.
ඒ අවසන් හමුවීම ගැන තියෙන්නෙ බොඳ වෙලා ගිය මතකයක්. සමහර විට කල්පයක් වගේ කියලා මිනිස්සු හඳුන්වනවා ඇත්තේ එදා ඉඳන් අද වෙනකල් ගෙවුණ පැය, විනාඩි, තත්පර වාගේ කාලයකට වෙන්න ඇති කියලා මට හිතෙනවා.
අප්පච්චි ළඟ තිබුණා පූජනීයත්වයෙන් වාගේ අදහාපු අත් ඔරලෝසුවක්. “ජීවිත කාලයට ම එකක් ඇති” ඔරලෝසුව ගැන එයා හරි ආඩම්බරෙන් කියැව්වේ එහෙමයි. ඇත්ත, අසූ ගණන්වල අග ජපානයේ හිටපු කාලයේ දී අප්පච්චි ගත්ත ඒ ඔරලෝසුව, එයාට ජීවිත කාලය ම ඇති වුණා තමයි… ගොඩක් ඔරලෝසු වගේ නෙවෙයි, ඒකේ තත්පර කටුව එක එල්ලේ තත්පරයෙන් තත්පරයට පනින්නේ නෑ. තත්පර කටුව හරි සීරුවට ඒක එක එල්ලේ ම ඔරලෝසු මුහුණත වටේ යනවා, කිසිම නැවතීමක් නැතිව. සීකෝ ෆයිව්, ඔටෝමැටික් අත්ඔරලෝසුවක්; දැනුම් තේරුම් ඇති වයසට ආවා ම මම දැනගත්තේ ඒක. පුංචිම කාලේ අතට නොදුන්නත්, පසු කාලයේ මම ඉඳහිට ඒක ඉස්කෝලෙට බැඳගෙන යනවා.
ඔය ඔරලෝසුව අතුරුදහන් වෙන්නේ 2006 මැයි මාසයේ අන්තිම සතියක, අප්පච්චි ජීවත් වුණ අන්තිම සතියේ ගෙදර සිදු වුණ කලබල අතරේ. ඇත්තට ම ඔරලෝසුව නැති වුණා නෙවෙයි. ඒක මම දැනගෙන හිටියා. මොකද ඉන් අවුරුදු තුනකට පස්සේ ගන්න ඇති කියලා මම සැක කරපු කෙනා මට හම්බෙනවා. අතේ බැඳපු ඔරලෝසුව විතරක් නෙවෙයි, පුංචි කාලේ මං ඔරලෝසු ගාංචුවේ අම්මාගේ ආයකට්ටකින් කපලා තිබුණ කැටයමත් එක්ක ම. මම වචනයක් කියන්නේ නෑ, “නැති වුණ දේවල් එක්ක ඕවා මොනව ද” මම හිත හදාගන්නවා.
මම අප්පච්චිට වඩා හාත්පසින් ම වෙනස් බව මං දන්නව, හැබැයි අත් ඔරලෝසු ගැන තිබ්බ “ලව් එක” ඒ විදියටම පිහිටලා තියෙනව. කොටින් ම, පහු ගිය අවුරුදු දොලහේ ආදර සම්බන්ධතා අටක් අතරේ මගේ ජීවිතය දෝලනය වෙනකොට, ඒ මුලු කාලයට ම මට තිබුණේ එක ම එක අත් ඔරලෝසුවයි. ඒක පෙනුමින් අප්පච්චිගෙ ඔරලෝසුවට තරමක් ආසන්න, වෙනස් මාදිලියක සාමාන්‍ය ඔරලෝසුවක්. මට කොච්චර පිස්සු ද කියනවා නම්, මම අන්තිමට යාලුවෙලා උන්න කෙල්ලව පෙන්නන්න ඔරලෝසුව සාක්කුවේ දාගෙන එක්කන් ගිහින් තියෙනව. ඔව්, ඔබ කියෙව්වා හරි. මම ඔරලෝසුව එක්කගෙන ගියෙ කෙල්ලව පෙන්නන්න. මට දැනුනේ ජීවිතයේ බොහෝ දේවල්වල සාක්ෂ්‍යකරුවෙක් වුණ ඒ ඔරලෝසුවට සමහර දේවල් මග ඇරෙන්න දෙන්න ම බැහැ කියලයි. ඒ මොහොත වෙනකොට දොලොස් අවුරුද්දක් මගේ අතේ ඉඳගෙන මගේ ජීවිතය දිහා බලාගෙන හිටපු ඔරලෝසුවට, මගේ ජීවිතයේ පහුගිය කාලයේ සමහර සිදුවීම් පෙන්නන්න එක්කගෙන ගියේ සාක්කුවෙ දාගෙන තමයි. මොකද, අන්තිම අවුරුදු තුනේදී කරගත්ත අනතුරු එක්ක, ඔරලෝසුව තිබුණේ අතේ බඳින්න පුලුවන් තත්ත්වයක නෙවෙයි.
ඊයේ; ජූනි තුන හැන්දෑවේ මම යනවා ඔරලෝසුවක් ගන්න. ඔව්, ඔබ අනුමාන කරන්න ඇති. මම අර වාගේම හීන් සීරුවේ තත්පර කට්ට නොනවත්වා දිවයන සීකෝ ඔටෝමැටික් ඔරලෝසුවක් ගන්නවා. ඒක ගත්ත වෙලාවේ ඉඳන් තවම අතේ, මේ සටහන ලියන මොහොතේදිත් මම විනාඩි පහෙන් පහට වෙලාව බලනවා.
ඒ වෙලාව බලන වාරයක් පාසා අප්පච්චිව මතක් වෙනවා. මතක් කරලා මම ම මගේ හිත රිද්දගන්නවා. “ජීවිත කාලෙටම මේක ඇති”, හෙට දිහාට මමත් කාට ම හරි කියලා දානවා.
-බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න-
ජුනි 9, 2022
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ සටහන මෙහෙම මෙතැන එල්ලීම ගැන බුද්ධි අමනාප නොවනු ඇතිය සිතමි.
බුද්ධිගේ බ්ලොග් අඩවියට සබැඳිය:
https://escapistrider.wordpress.com/
ඉන්ස්ටග්‍රෑම් සේ රූ එකතුව
https://www.instagram.com/p/Bx9XsbnAB-O/
Monday, April 17, 2023
ක්වන්ටම් හා සංස්කෘතික එන්ටැන්ගල්මන්ට්ස්
නවීන විද්‍යාත්මක චින්තනයේ යුග පෙරලියක් සනිටුහන් වූ අවස්ථාවක් යැයි ගිණිය හැකි, ක්වන්ටම් භෞතික විද්‍යාවෙහි අපැහැදිලි අන්තයක් ලෙස සටහන් ව තිබූ, පටලැවුනු (entangled) ඉලෙක්ට්‍රෝනවල බැමුම් (spin) අතර සබැඳියාව පර්යේෂණාත්මකව ඔප්පු කරන්නට සමත්වීම, පසුගිය 2022 භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගයෙන් සම්මානයට බඳුන් වුනි.
ඇලෙයි ඇස්පෙක්ට්, ජෝන් ක්ලවුසර් සහ ඇන්ටන් ෂ්යිලින්ගර්, ගේ පර්යේෂණාත්මක ඔප්පු කිරීම් පිළිබඳව පිරිනැමුණු මේ ත්‍යාගයත් සමග ක්වන්ටම් භෞතික විද්‍යාව හා ආසියාතික දර්ශනවාදී සංකල්ප අතර සබඳතාවය පිළිබඳව පිරික්සීම නව මානයකින් ඇරඹී තිබේ. හින්දු වේදාන්ත හා භගවත් ගීතා ලියවිලි මෙන්ම, කර්ම සංකල්පය ද මේ නව දැනුම ඇසුරින් විග්‍රහ කෙරෙනු, අන්තර්ජාල සටහන් තුල දැකිය හැකිය.
පහත සබැඳිය, 2022 නොබෙල් ත්‍යාගය සහ කර්මය විද්‍යාත්මකව ඔප්පු කිරීම මැයින් රුචිර විජේසේන, සිය 'Science with Ruchira' යූබට චැනලයේ පලකල වීඩියෝ සටහනයි.
මේ විද්‍යාත්මක තොරතුරු කියවාගෙන යද්දී මතුව ආ එක් ආකාරයකින් ක්වන්ටම් භෞතික පටලැවිල්ලක්ම යැයි විග්‍රහ කරන්නටත් පුළුවන්, සන්නස්ගලයන්ගේ වීඩියෝවක් මෙතන අවුණන්නටම හිත කියයි.
පහත සබැඳි අතරින් මුල් ත්‍රිත්වය, නොබෙල් ලාභීන් සිය ත්‍යාගය භාරගනිමින් කල කථා තුනෙහි, වීඩියෝ සටහන්ය. ඉතිරිවා වෙබ් අඩවි වලටය.
නොබෙල් වෙඩ් අඩවියට සබැඳි:
https://www.nobelprize.org/prizes/physics/2022/press-release/
https://www.nobelprize.org/uploads/2022/10/popular-physicsprize2022-3.pdf
https://www.nobelprize.org/uploads/2022/10/advanced-physicsprize2022-3.pdf
Friday, April 14, 2023
ලයිලැක් වූ ලිලැක් නොහොත් පර්පලී
Thursday, April 13, 2023
න්‍යෂ්ඨික විකල්පය
සයිමන් නවගත්තේගම මයා ලියලා කරලා රඟපාලා පෙන්නාපු විදිහටම සුබ සහ යස ටීටර් එක වේදිකාගත වෙන අතරේ බොක්ක දොට්ට පැන්න ජනතාවට ඉටිපන්දමකට රුපියල් දෙදාස් එකසීයක් නොගෙවා ඉන්න අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සඳහා රුසියාවෙන් ආ මේ න්‍යෂ්ඨික විකල්පය එක්තරා විදිහකට කොහොමටවත් අහක දාන්න බැරි උණු කැඳ කෝප්පයක් බවට පත්වීමට කොතෙකුත් සාධක හිතාගන්නට පුළුවන.
මං කියන්නේ ඔයි පුටිංලන්තේ වොඩ්කා කාරයින් නැවක අටෝලා ගෙනැල්ලා, මන්නාරමේ නැංගුරන් දාන්ඩ කතා කරන න්‍යෂ්ඨික බලාගාරේ පුපුරලා හතු වලාකුළ මතුවෙලා මුතු ඇටේ අන්තර්දාන වෙලාම ගිහින්, මැරෙන්ඩ හරි... අපි අද දවසේ ජීවත්වෙලා ඉන්ඩෙපැයි අප්පා..!
මේ හිතිවිල්ලට පදනම් වන්නාවූ කාරණා කීපයක් ඇති නමුත්, ප්‍රධානම කරුණ නම්, ශක්ති ප්‍රභවයක් ලෙස, ගින්දර මෙල්ල කර ගැනීමෙන් පසුව, ඒ ක්ෂේත්‍රයේ, මිනිසා විසින් පැන්න උසම පිම්ම; මහා පිපුරුමෙන් ශේෂව, විකිරණශීලී න්‍යෂ්ඨීන් තුල සඟවනු ලැබූ අපරිමිත ශක්තිය, පාලිතව මුදවා ගන්නට හැකිබව සාක්ෂාත් කරවූ ද, මෑන්හැටන් ව්‍යාපෘතියේ අග්‍ර ඵලය වූ ද; චිකාගෝ විශ්ව විද්‍යාලයේ, ස්කොෂ් ක්‍රීඩාගාරයක ඇටවූ, "චිකාගෝ ෆයිල්1", න්‍යෂ්ඨික ප්‍රතික්‍රීයකය වීමයි.
ඒ නවසිය හතලිස් දෙකේ, දෙසැම්බර දෙවෙනිදා ය. අවුරුදු අසූවකට කලින් ය.
ව්‍යාපෘතියක් ලෙස මේ කාර්යය, දෙවෙනි ලෝක යුද්ධය දිනා ගැනීම සඳහා, පර්යවසාන අවිය නිර්මාණය කිරීමේ, මිලිටරි මෙහෙයුමක් වූ නමුත්, (නිකමට හිතුවොත්, අද ලංකාව බේරා ගැනීමේ මිලිටරි මෙහෙයුමේ පර්යාවසාන අවිය, අයි.එම්.එෆ්ෆෙකේ, බිලියන 2.9 අතමාරුවව තියෙන්නා වගේමයි නේහ්..), මේ සොයාගැනීම, අනාවරණය, ඔප්පු කිරීම, එතෙක් මෙතෙක්, අප අනුදැකැති නවීන විද්‍යාවේ අගතැනෙහි තැබෙන ව්‍යාපෘතියද වන්නේය.
මා දකිනාකාරයට, විද්‍යාව යනු, චිරාත් කාලයක් තිස්සේ, මනුෂ්‍යයා ව්‍යවහාර කල, තමුන් නිරීක්ෂණය කල ස්වභාවික සංසිද්ධීන් විශ්ලේෂණය කර, ඒ ක්‍රියාවලීන්, සවිස්තරව, අර්ථ දැක්විය හැකි, පහදා දිය හැකි, ආකෘතියක් ගොඩනැගීමම නමුත්, විද්‍යාව නවීන වන්නේ, මේ කාර්යය කිරීමට යෝග්‍යතම භාෂාව, ගණිතය බව හඳුනා ගැනීමත්, මේ ආකෘති හා සංකල්ප, ඕනෑම විටක, අකාමකා කඩා බිඳ නැවත, ගොඩනැගිය යුතු, ආකෘති හා සංකල්පම පමණක් බව පිළිගැනීමත් සමගය.
අණුව, පරමාණුව හා පරමාණුක න්‍යෂ්ඨිය යනු, අතින් අතගා තියා, යම් ආකාර මෙවලමකින් තවමත් ඇසින් දැකගත නොහැකි දේ වන නමුදු, පරමාණුව හා එහි සංඝඨක ලෙස මනැසින් දැක, ගණිතයෙන් අර්ථ නිරූපණය කල ආකෘතීන් පදනම් කර ගනිමින්, කෙරුණු පුරෝකථනයන් ඔස්සේ මෙහෙයවුනු මෑන්හැටන් ව්‍යාපෘතිය, සුවිශේෂ, වන්නේ, න්‍යෂ්ඨික ශක්තිය, පාලිතව යොදාගැනීමේ ප්‍රථම අවස්ථාව වීමටත් වඩා, එය නවීන විද්‍යා චින්තනය සාධාරණීකරනය කල සංධිස්ථානයක් වන නිසාය.
බොහෝ අවස්ථාවල, ගැටළුව සංකීර්ණ මුත්, විසඳුම සොයා, අතදරුවෙකුත් කරපින්නාන, පතුල නොපෙනෙන හෙලක් හරහා වැල්පාලමක, පා නැගිය යුත්තේ මුත්, අවසාන ප්‍රතිඵලය වනාහී, සරල සුගම, ඕක කරන්ඩ මොන ගොනාට බැයිදප්පා, විසඳුමක් විය හැකිය.
අවසාන විශ්ලේෂණයේදී "චිකාගෝ1" ත්, එදා මෙදාතුර නිමවුනු, න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරක (nuclear reactor) හැමෙකත්, න්‍යෂ්ඨික විඛණ්ඩනයේදී නිපදවෙන නියුට්‍රෝන, නැවත න්‍යෂ්ඨින් වෙතම යොමුකර, පාලිත, දාම-ප්‍රතික්‍රියාවක් පවත්වාගෙන යා හැකි අයුරින්, ස්වභාවිකව විඛණ්ඩනය සමස්ථානික එකතුවක්, යම් ජ්‍යාමිතික රටාවකට ගොඩ ගැසීමක්, ස්ථානගත කිරීමක් යැයි පැහැදිලි කල හැකිය.
මහාචාර්ය රෝසා කියන විදිහට, බැළූ බැල්මට නම්, රුසියානු රොසැටොම් සමාගම යෝජනා කරන්නේ එක් ආකාරයකින් පරිපූර්ණ වූ විසඳුමකි. මෙතැන 'පරිපූර්ණ' ය කිව්වේ, බලාගාරය සාදා ගෙනැවිත් ස්ථාපනය කිරීමත්, එයට අවශ්‍යය ඉන්ධන සැපයීම හා නැවත පිරවීම වැනි සේවාවනුත්, බලාගාරය ක්‍රියාත්මක කරවීම හා එයට අවශ්‍යය සේවක සේවිකාවන් පුහුණු කිරීමාදී කටයුතුත් ආදී, සියල්ල පිළිබඳ වගකීම එයාලා බාරගන්නාකාරයේ යෝජනාවක් බැවිනි.
රොසැටොම්ලාගේ නම ඉංග්‍රීසියෙන් ලිව්වාම ROSATOM හින්දා රෝසා-ටොම් යැයි වහරන්නටත් පුළුවන් මුත්, එයාලාගේත් මෙයාගේත් අතර කිසියම්ම හෝ ආකාරයක නෑ සබඳතාවයක් නැති බව නම් වගකීමක් ඇතිව මට කියන්නට පුළුවන.
නැංගුරම් ලෑ නැවක හෝ අංගනයක ඉදිකල න්‍යෂ්ඨික බලාගාරයක් යනු පෙර නිමවුමක් ලෙස නිමවා ගෙනැවිත් ඉදිකරන්නක් හෝ, තැන්පත් කරන්නක් හෝ, වන බැවිනුුුත්, මේ බලාගාරය යනු, සැලසුම් කර නිපදවා, අටවා, කාලයක් තිස්සේ ක්‍රියාත්මක කර අත්දැකීම් ඇති, බලාගාරයකම අනුරුවක් වන බැවිනුත්, ආකෘතිය හෝ නිෂ්පාදනය හෝ ගොඩනැගීම හෝ පිළිබඳව ඇතිවිය හැකි සංකූලතා, ව්‍යාකූලතා හා ගැලපීම් නොගැලපීම් අවම විය හැකියැයි උපකල්පනය කිරීම අසාධාරණ නොවේ.
ගිවිසුම් ගැසීම, ගිවිසුම් ගසා ගැනීම, ඩීල් දැමීම, නෝඩීල් කිරීමාදී සකල විධ ගනු දෙනු පමනක් නොව නොදී ගනු හා ගෙන නොදෙනු ආකාර කාර්යයන්හි මනා පරිචයක් ඇති පිරිසක් අපේ රට පාලනය කරන බැවින්, මගේ මේ පුංචි සටහන, දන්නා පමණින් මේ රෝසාටොම් බලාගාරයේ තාක්ෂණික සංයුතිය සම්බන්ධව සොයා දැනගත් කරුණු වලට සීමා කිරීම ඇඟට සුවදායක බව සිතමි.
පාවෙන බව පැහැදිලි නමුත් මේ ඉදිකිරීමේ න්‍යෂ්ඨික ප්‍රතික්‍රීයක රැඳවුම (RPV - Reactor Pressure Vessel) තියෙන්නේ නම් මුහුදු යටය. එය ඉදිකිරීමේ ස්ථායිතාව රැක ගැනීමේ අවශ්‍යයතාවයක් වන්නා සේම, එක් අතකින් ආරක්ෂක උපක්‍රමයක් ලෙසද වැදගත් වෙයි.
යුරේනියම් සමස්ථානික අතුරින් මෙවන් න්‍යෂ්ඨික ප්‍රතික්‍රීයකයක විඛණ්ඩන කාර්යය සඳහා දායක විය හැකි ගතිගුණ ඇත්තේ U235 සමස්ථානිකයට පමණි. මහ පොළව හාරා, රසායනිකව පිරිපහදු කර ලබා ගන්නා ස්වභාවික යුරේනියම් සාම්පලයක අඩංගු U235 ප්‍රතිශතය, 0.7 ක් පමණ වෙයි. ඉතිරි බහුතරය දාම ප්‍රතික්‍රියාවකට දායකත්වයක් නොදෙන U238 සමස්ථානිකය. මේ ඉලක්කම් අනුව, ස්වභාවික යුරේනියම් පරමාණු දහසක, U235 පරමාණු හතක් පමණ අඩංගු වෙයි.
RITM-200 Reactor Unit
යෝජිත බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක විය හැකිය සැලකෙන RITM 200 සඳහා යොදා ගැනේය සැලකෙන ඉන්ධන ගොනු සටහනක් පහත පින්තූරයේ දැක්වෙයි.
ආශ්‍රිත:
Floating Nuclear Power Buoyant on New Prospects (powermag.com)
http://www.niiar.ru/sites/default/files/safety20/62_prezentaciya_asmm_niiar-zaharychev_eng.pdf
Tuesday, April 11, 2023
Monday, April 3, 2023
නිහඬබව හැර එන්න
හැර එන්න නිහඩ බව හැර එන්න කන් දෙන්න හදවතට කන් දෙන්න අලුත් මිනිසෙකු වන්න. වැරදි තැන නැගිටින්න. මිනිස් වග පුබුදන්න .සිහිනයට පණ දෙන්න යස ඉසුරු සුරසැපම නොවෙයි මේ ජීවිතය. සතුට සැනසුමම තමයි ඉරණමක මල් සමය. අඳුරු සමයක ගොදුර නිදහසයි නොනිදන්න අගුලු ලන්නට කලින් පියාපත් විහිදන්න. මහ පොලොවෙ තුරු විමනෙ උරුමයයි ආදරය.. ඒ හැමට ලංසු තියනා සතුරු පිරිවරය. මිනිසුන්ට මිනිසෙකුව විසීමට වින කටින සැහැසිකම් පරදවන තැන තමයි නව අරුණ, නිලාර් එන් කාසිම් Melody and singing - Mohan Dee Weerasingha https://www.facebook.com/mohandarshana Mix & mastering- Gayan C bentharsge ( C Age Recording)