Monday, April 3, 2023

නිහඬබව හැර එන්න

Share it Please

 







හැර එන්න නිහඩ බව හැර එන්න කන් දෙන්න හදවතට කන් දෙන්න අලුත් මිනිසෙකු වන්න. වැරදි තැන නැගිටින්න. මිනිස් වග පුබුදන්න .සිහිනයට පණ දෙන්න යස ඉසුරු සුරසැපම නොවෙයි මේ ජීවිතය. සතුට සැනසුමම තමයි ඉරණමක මල් සමය. අඳුරු සමයක ගොදුර නිදහසයි නොනිදන්න අගුලු ලන්නට කලින් පියාපත් විහිදන්න. මහ පොලොවෙ තුරු විමනෙ උරුමයයි ආදරය.. ඒ හැමට ලංසු තියනා සතුරු පිරිවරය. මිනිසුන්ට මිනිසෙකුව විසීමට වින කටින සැහැසිකම් පරදවන තැන තමයි නව අරුණ, නිලාර් එන් කාසිම් Melody and singing - Mohan Dee Weerasingha https://www.facebook.com/mohandarshana Mix & mastering- Gayan C bentharsge ( C Age Recording)

7 comments:

  1. ලොකු මල්ලියා කාලෙකින්.

    මම හිතුවා මල්ලියාව ඇතුලට දාලද කියලා ත්‍රස්ත පනත යටතේ.

    ReplyDelete
    Replies
    1. මල්ලියා ඇතුලට දැම්මා කියලා සතුටු හිතුනේ නැහැ. දුක හිතුනේ

      Delete
    2. හේම නං කමක් නෑ අප්පා..

      Delete
  2. අවාසනාවක මහත, පීදෙන පීදෙන (කිතුල්) මල කපා, තලා රා මුට්ටියම බාගැනීම වරක්, දෙවරක් නොව නැවත නැවතත් සිදුවීම දුකක්

    ReplyDelete
    Replies
    1. මා එම් ඩීන් මල්ලියා
      රා ටික ගහමු මල්ලියා
      ගල් මල් කපමු මල්ලියා
      සුර සැප විදිමු මල්ලියා

      Delete
  3. ලොකු මල්ලියා එක්සත් ජාතික පක්ෂයෙන් කැඩිලා වෙන් ඔන්න සජබේ පක්ෂයේ කොන්තරාත්කරුවෙක්.

    කැතයි. කක්කි වැඩ කරන්ඩ එපා මල්ලියා

    ReplyDelete

Blogroll

About