Monday, April 17, 2023

ක්වන්ටම් හා සංස්කෘතික එන්ටැන්ගල්මන්ට්ස්

Share it Please

 


නවීන විද්‍යාත්මක චින්තනයේ යුග පෙරලියක් සනිටුහන් වූ අවස්ථාවක් යැයි ගිණිය හැකි, ක්වන්ටම් ‌භෞතික විද්‍යාවෙහි ‌අපැහැදිලි අන්තයක් ලෙස සටහන් ව තිබූ, පටලැවුනු (entangled) ඉලෙක්ට්‍රෝනවල බැමුම් (spin) අතර සබැඳියාව පර්යේෂණාත්මකව ඔප්පු කරන්නට සමත්වීම, පසුගිය 2022 ‌‌භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගයෙන් සම්මානයට බඳුන් වුනි. 

ඇලෙයි ඇස්පෙක්ට්, ජෝන් ක්ලවුසර් සහ ඇන්ටන් ෂ්යිලින්ගර්, ගේ පර්යේෂණාත්මක ඔප්පු කිරීම් පිළිබඳව පිරිනැමුණු මේ ත්‍යාගයත් සමග  ක්වන්ටම් ‌‌‌‌‌‌භෞතික විද්‍යාව හා ආසියාතික දර්ශනවාදී සංකල්ප අතර සබඳතාවය පිළිබඳව පිරික්සීම නව මානයකින් ඇරඹී තිබේ. හින්දු වේදාන්ත හා භගවත් ගීතා ලියවිලි මෙන්ම, ‌‌කර්ම සංකල්පය ද මේ නව දැනුම ඇසුරින් විග්‍රහ කෙරෙනු, අන්තර්ජාල සටහන් තුල දැකිය හැකිය.

පහත සබැඳිය, 2022‌ නොබෙල් ත්‍යාගය සහ කර්මය විද්‍යාත්මකව ඔප්පු කිරීම මැයින් රුචිර වි‌ජේසේන, සිය 'Science with Ruchira' යූබට චැනලයේ පලකල වීඩියෝ සටහනයි.


මේ විද්‍යාත්මක තොරතුරු කියවාගෙන යද්දී මතුව ආ එක් ආකාරයකින් ක්වන්ටම් ‌භෞතික පටලැවිල්ලක්ම යැයි විග්‍රහ කරන්නටත් පුළුවන්, සන්නස්ගලයන්ගේ වීඩියෝවක් මෙතන අවුණන්නටම හිත කියයි.


පහත සබැඳි අතරින් මුල් ත්‍රිත්වය, නොබෙල් ලාභීන් සිය ත්‍යාගය භාරගනිමින් කල කථා තුනෙහි, වීඩියෝ සටහන්ය. ඉතිරිවා වෙබ් අඩවි වලටය.









නොබෙල් වෙඩ් අඩවියට සබැඳි:

https://www.nobelprize.org/prizes/physics/2022/press-release/

https://www.nobelprize.org/uploads/2022/10/popular-physicsprize2022-3.pdf

https://www.nobelprize.org/uploads/2022/10/advanced-physicsprize2022-3.pdf

4 comments:

  1. මල්ලියා වෙන්නපුවේ අර්නි අයියා දන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. දන්නවා... කියන්නෙ නෑ... වගකීමෙන් කියන්නෙ. කියන්නෙම නෑ.

      Delete
  2. ඒක හොඳ වීඩියෝ එකක්. මම ෆේස්බුක් එකෙත් පහුගිය දවසක ෂෙයාර් කළා

    ReplyDelete

Blogroll

About