Monday, November 27, 2017

පියාපත් - ධනුෂ්කා නිෂාදි කුලරත්න [කවි බූන්දි]

දැලක පැටළුණු අය  මේ අපි කවුරුත්නොගැලවී ඉන්න වෙර දරනවා බත්කූරු යාළුවේ!ගමනමයි ගැලවුමනැවතුනොත්උගුලකට බැඳෙනවා අන්ධකාරේ අතුරුදන් වෙනසතුටු දුවිලි, මතක අළුක්ෂුද්‍ර වැටකඩුළු වී අතරමගඅතරමංවෙන පාර කියනවා නවතින්න හැකිසැබැයිවිඩාවට ඉනාවක් දෙයිසැබැයිපරිස්සම් කරගත්තොතින් යාළුවේ!පියාපත් ජීවිතේ රකිනවා  - ධනුෂ්කා නිෂාදි කුලරත්න htt...
Continue Reading...

Friday, November 24, 2017

නොමැකෙන ඉරි

අහස හිම වී හඬා වැටුනත් නොවැසෙනා ඉරි තැළුම් වේ පොළවේ සයුර බොඳවී ගලා ආවත් තිබේ ගල්පර නොසෙල්වෙන වෙරළේ පතා ආ සේ නොසිදුවූ දා කතාවක් නැති ලෝකයක තනිවී හිතා ගන්නට නොහැකි ඈතක පියාඹන්නටපැතුම් පිබිදේ වී දයාගුණ පිරි සොඳුරු වදනක මහාමේරුවගිලී සැඟවේවී අනත නත නා විලස කිමිදී අමත අමරසදිවග රඳවාවී ...
Continue Reading...

Monday, November 20, 2017

මිස්ටර් අනූ දෙක (දෙක) - බිං ඌර් වල් හාර්

සාමාන්‍ය සුලභතාවය (abundance) සලකා බලන විට, යුරේනියම් මිහිතලය මත දුර්ලභ මූල ද්‍රව්‍යයක් නොවේ. පෘතුවි පෘෂ්ඨය මත රත්තරන් සුලභතාවය කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 0.004 පමණ වන විට යුරේනියම් සුලභතාවය කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 2.7 පමණ වෙයි. එසේ වුනත් මේ ඉලක්කම්, ලියා ඇති විදිහෙන්ම සාමාන්‍ය අගයයන්ය. සාමාන්‍ය අගයයන් ගැන කියනවා නම් හැම එකාගේම වගතුග හොයන...
Continue Reading...

Saturday, November 11, 2017

ජෝශප් වාස් විද්‍යාලය උපැවදි වීම

ලංකාවේ බටහිර වෙරල තීරය දිග කතෝලික පල්ලියක් මුණ නොගැසී ගමන් කිරීම උගහටය. එයිනුත් කතෝලික දේවස්ථාන ඝනත්වය නිසාම පුංචි රෝමය කියා කියැවුනු මීගමුවේ සිට හලාවත දක්වා ඕනෑම ඉරිදා දවසක ගමනක් යන කෙනෙකුට අඩුම ගණනේ මංගල්ලයක් පැවැත්වෙන එක කතෝලික දේවස්ථානයක් හෝ හමුවෙතැයි මට සිතෙයි. ගිං ඔය පාලම පැන්නාම පටන් ගන්නා අපේ අම්මා තාත්තාගේ ගම වූ නයිනමඩමේ...
Continue Reading...

Thursday, November 9, 2017

වෙල්ලස්සේ සැරිසරන ප්‍රේමයේ ආත්මය... [තරුරසී ගේ ‘‘තරු ඇස් රහස්‘‘ ]

වෙල්ලස්සේ සැරිසරන ප්‍රේමයේ ආත්මය... මයිකල් රුද්‍රිගු පිය මතකය බුත්තල, අළුකලවිට ගම්මානයේ කුඩා පැලක දිවි ගෙවමින්, ජනතාව සමඟ එක්ව වැඩකරමින් උන් මයිකල් රුද්‍රිගු පියතුමා මරා දමා මේ ඉල් මහේ 10 වන දිනට වසර 30 කි. අළුකලවිට මයිකල් පියතුමාගේ ගෙපැල සුබසෙත් ගෙදර නම් විය. අදත් එය හැඳින්වෙන්නේ එනමිනි.2004 - 2010 කාලය තුළ බුත්තල කතරගම පාරේ...
Continue Reading...

Friday, November 3, 2017

සපත්තුව බිඳුණා සින්ඩරෙල්ලා...

සපත්තුව බිඳුණා සින්ඩරෙල්ලා මගෙ ඇඟිල්ලත් කැපුණා මේ ගල්පඩි පෙලේ දිගටම වීදුරු කෑලි තිබුණා තාත්තාට කියලා මං ආයෙත් බාල් නැටුමක් නටවන්නම් ඔයා කොහොම හරි එන්න ඕනා එදා වගෙම මා එක්ක නටන්න ඕනා මං නවත්තනවා ඔරලෝසු මකනවා දොලහෙ ඉලක්කම ඒක එලිනොවන රැයක් වෙයි නොනවතින බාලක් වෙයි මට ඒත් විශ්වාස නෑ මේ මාලිගාවේ මං නොදන්න කාමර තියනවා අවිශ්වාස කට්ට්ය ඉන්නවා ඔරලෝසු...
Continue Reading...

නොපිපි මල්...!

දම් පැහැ අහසක - පඬු පැහැ සඳ යට නිදිමත පහනක ඇස් මානේ අප හමුවුදා නොපිපුනු මල් පෙති නොපිපෙනු ඇත කවදාවත් ආයේ අළු දැරියයි ඔබ මහ රෑ මැදියම මායාවෙන් නිදිගැට දුරලූ පලිඟු පා වැසුම මග ඉහිරී ගිය සී සී කඩ විසිරී බිඳුණු සෙව්වන්දිය පෙති තවරා වැසුවත් සුව වෙද සීරුම් කැලැල් මැකී මල සිඹි දා හිත පාරා රිද වූ නටු අග රැඳවුණු වියරු කටු ...
Continue Reading...

Wednesday, November 1, 2017

‘සැතපෙන්න සාමයෙන්...!’

අම්මාත් තාත්තාත් ලොකු නංගීත් අයියාත් වල දැමූ වල ඉහත්තාවේ ඉටි පහන් දැල් වූ චූටි නංගී මා අසල සිටගෙන මුමුණයි“ඔන්න අපි ආවගෙදර කට්ටියව බලල යන්න...”යන්තමින් මුදුනෙන් මෑත් වූ ඉරඅප පසු පසින් පැමිණඅපි දෙන්නාගේ ම හෙවනැලිමිනී වල වැහෙන්නටසළකුණු කර බලා සිටීදැල්වෙන ඉටි පන්දම් සිළුනිවෙන්නට ද නොනිවෙන්නට දහිත හදා ගන්නට නොහැක්කාක් මෙන්සුළඟ සමග ඔට්ටු වෙයිලොකු...
Continue Reading...

චාර්ල්ස් වගේ ලිවීම

අපේ බාප්පා සිංහල පත්තර සඟරා හැම එකම මිලදී ගත්තේය. ඒ කාලයේ මාසිකව පළවූ රසවාහිනි, ශ්‍රී, නවයුගය ආදී හැම සඟරාවකම අළුත්ම පිටපත සීයලාගේ ගෙදර තිබේ. එයිට අමතරව සතිපතා පුවත්පත් සේරමත්, ඉරිදා පත්තර සේරමත් එහේ තිබුණි. ඉරිදා පත්තර නම් අපේ ගෙදරත් තිබුණත්, සඟරා කියවන්නට නම් සීයලාගේ ගෙදරම යා යුතු විය. මේ වායේ පරණ කොපි, පාළු කාමරයක පරණ අල්මාරියක යට...
Continue Reading...

Blogroll

About