Tuesday, March 21, 2017

කරත්ත කවි

Share it Please



ගෙජ්ජි වැලේ සිලි සිලි මල්
පින්න මලේ සුද පීදෙන
මීදුම් ගුලි ගුලිවෙයි හඳ
අපි ගිය ගමන් මතකද ගම්

හිනාවට
වෙලාවට
පිඟානට
තුලානට

වැලි පාරට ගල් ඇතිරී තාර
ලොරි බස් වල කළු දුම්මල දුම්
ආතුරයෝ බලි මඩුවේ අපි
කඩපිල ලඟ අපේ දවස යයි

පෙවී
පිරවී
පේවී
පාවී

කිසිම දෙයක් හැමදා එක ලෙස
කලින් කලට යල මහ වුව වෙනස්
පෙරළි වලට හිත කළඹා පලක්
වැරදි නොවේ අකුරක් බණ පොතේ

නොවෙතී
වෙතී
නැතී
ඇතී

මන්දාරම මෝරා වැහි
වැව් තාවුල වැහි වතුරෙන්
ඒ ජලකඳ පාර පුරා
අපි නැතුවා එතෙර මෙතෙර යනු

හැළුණාම
පිරුණාම
ගැළුවාම
කෝම

උඹෙ අම්මා කිරි දුන්නා මයෙ
මගේ පුතේ තරහද නහ
අද දවසේ උඹ මා ලඟ නැති
පුතේ කියා අමතන්නේ මම

දූට
විද්දාට
වෙන්ට
කාට

මගෙ ඇස් දෙක පියවෙන තුරු
පුතේ උඹට සිදුවෙනු නෑ තනි
යාළු මිතුරු කළ දේ බෑ හරි
අපට හැකිද අපෙ දරු ඇඟ මස්

නොඇරෙන්න
වෙන්න
වෙන්න
කන්න

2 comments:

  1. පෙර පව් විලස රෝදය කැරකෙනවානේ
    ගොනු කුර ගෙවේ දවසක් දවසක් ගානේ
    මේ ගැල පදින්නෙත් දැන් මං අඩමානේ
    සැක නැත ළඟ ළඟම එනවා අවසානේ

    ReplyDelete
  2. රෝදය කරකැවෙයි අදිනා ගොනු හින්දා
    ඉස්සරහටයි පස්සට යනු බැරි හින්දා
    ආතල් එකට නැගලා යන අය හින්දා
    රෝදෙද ගොනාගෙද කරුමය අනෙ මන්දා

    ReplyDelete

Blogroll

About