ගෙජ්ජි වැලේ සිලි සිලි මල් පින්න මලේ සුද පීදෙන මීදුම් ගුලි ගුලිවෙයි හඳ අපි ගිය ගමන් මතකද ගම් |
හිනාවට
වෙලාවට පිඟානට තුලානට |
වැලි පාරට ගල් ඇතිරී තාර ලොරි බස් වල කළු දුම්මල දුම් ආතුරයෝ බලි මඩුවේ අපි කඩපිල ලඟ අපේ දවස යයි |
පෙවී
පිරවී පේවී පාවී |
කිසිම දෙයක් හැමදා එක ලෙස කලින් කලට යල මහ වුව වෙනස් පෙරළි වලට හිත කළඹා පලක් වැරදි නොවේ අකුරක් බණ පොතේ |
නොවෙතී
වෙතී නැතී ඇතී |
මන්දාරම මෝරා වැහි වැව් තාවුල වැහි වතුරෙන් ඒ ජලකඳ පාර පුරා අපි නැතුවා එතෙර මෙතෙර යනු |
හැළුණාම
පිරුණාම ගැළුවාම කෝම |
උඹෙ අම්මා කිරි දුන්නා මයෙ මගේ පුතේ තරහද නහ අද දවසේ උඹ මා ලඟ නැති පුතේ කියා අමතන්නේ මම |
දූට
විද්දාට වෙන්ට කාට |
මගෙ ඇස් දෙක පියවෙන තුරු පුතේ උඹට සිදුවෙනු නෑ තනි යාළු මිතුරු කළ දේ බෑ හරි අපට හැකිද අපෙ දරු ඇඟ මස් |
නොඇරෙන්න
වෙන්න වෙන්න කන්න |
Tuesday, March 21, 2017
කරත්ත කවි
Subscribe to:
Post Comments (Atom)
Blogroll
About
Designed By Templateism | Seo Blogger Templates
පෙර පව් විලස රෝදය කැරකෙනවානේ
ReplyDeleteගොනු කුර ගෙවේ දවසක් දවසක් ගානේ
මේ ගැල පදින්නෙත් දැන් මං අඩමානේ
සැක නැත ළඟ ළඟම එනවා අවසානේ
රෝදය කරකැවෙයි අදිනා ගොනු හින්දා
ReplyDeleteඉස්සරහටයි පස්සට යනු බැරි හින්දා
ආතල් එකට නැගලා යන අය හින්දා
රෝදෙද ගොනාගෙද කරුමය අනෙ මන්දා