තනි ලෑල්ලේ, ටිකක් පරිණත භාෂාවෙන් ලියනවා නම් ඒක ඵලක පරිගණක, නැත්තම් single board computer (කෙටියෙන් කියන විට SBC) අළුත් හඳුන්වා දීමක් නම් නොවෙයි. පරිගණකය බොහෝ යන්ත්‍ර සූත්‍රවල මස්තිෂ්කය වීම ඇරඹුණු මුල් කාලයේ සිටම, ප්‍රධාන පරිපථ හා 'චිප්' එක අඩංගු වූ මව් ලෑල්ලකට, දූහිතෘ පරිපථ අවුණා එක් එක් රටාවට ලතාවට එකලස් කල 'පරිගණකය' තනි ලෑල්ලක තනි පරිපථයක් සේ නිපදවීමේ කාර්යය සිදුවෙමින් තිබුණා.
ඩෙක්ස්ටොප් එක ලැප්ටොප් එක වී, ටැබ් එක ලෙස පරිණාමය වීමත්, අනෙක් පැත්තෙන් ජංගමය ස්මාර්ට් වී, පෑඩ් එක වීමත් ආදි වශයෙන් පරිගණක ක්ෂේත්‍රයේ ද්‍රෘඩකාංග වල සිදුවන්නා වූ විපර්යාසකර පරිවර්තන ජාලය අස්සේ එස්.බී.සී. ක්ෂේත්‍රයත් ඉතා සීඝු පෙරළියකට හසුව තිබෙනවා. එයින් වඩාත්ම කසු කුසුවක් ඇති කලේ මෑත කාලයේ හඳුන්වා දුන් අඩු වියදම් රාස්ප්බෙරි පයි පරිගණක පද්ධතියයි. ඩොලර් පහකට මිල නියම වූ රාස්ප්බෙරි පයි ශීරෝ, තාක්ෂණික අධ්‍යාපන උපාංගයක් ලෙස ජනප්‍රිය වූ අතර, අද වනවිට රාස්ප්බෙරි පයි අංගෝපාංග රැසක් වෙළඳපලේ තිබෙනවා.
මේ අංශයේම අනික් හඳුන්වා දීම ආර්ඩියුනෝ පරිගණක තාක්ෂණ පද්ධතියයි. එයටම ආවේණික මෘද්‍රකාංග පද්ධතියකුත් ඇතුළුව නිර්මාණය කෙරුණු ආර්ඩියුනෝ, පරිගණක මොළයකට නොයෙකුත් සංවේදක පිරිද්දීමටත්, ඒ සංවේදකයන් ගෙන් ලැබෙන සංඥා මත යම් යම් ක්‍රියාකාරකම් දියත් කරන්නටත් හැකි මෙවලම් එකලස් කල හැකි උපාංග පද්ධතියක් ලෙසත් හැඳින්විය හැකියි. හුදෙක් විනෝදාංශයක් ලෙස ඉලෙක්ට්‍රොනික මෙවලම් එකලස් කරන්නන් අතර මෙන්ම, එයින් ඔබ්බට ගොස් ප්‍රායෝගික යන්ත්‍රෝපකරණ නිපදවන්නට පර්යේෂණ කරන්නන් අතර ද, අධ්‍යාපනික ක්‍රියාකාරකම් සඳහාද ආර්ඩියුනෝ හා ඒ හා සමාන තවත් පරිගණක පද්ධති කීපයක්ම භාවිතා වෙයි.
ඉතා මෑතක දී නිර්මාණය වුනු, පයින් 64, ඒක ඵලක පරිගණක පද්ධතිය යම් විදිහක කසු කුසුවක් ඇති කලේ එය ඩොලර් පහලවකට මිල නියම කල බිට් 64 සම්පූර්ණ පරිගණකයක් සේ නිර්මාණය වූ නිසායි. කතාව එසේ වුනත් රෑම් මෙගා බයිට් 512 ක් පමණක් අඩංගු ඩොලර් පහලවේ පයින් 64 න් කළ හැකි දේ සීමිත වීම වැලැක්විය නොහැකියි. පයින් 64 ගැන තොරතුරුත් කලහැකි නොහැකි දේත් ගැන ඔවුන්ගේ වෙබ් අඩවියේ දීර්ඝ සවිස්තර විස්තරයක් තිබෙනවා.
පයින් 64 සඳහා ලිනක්ස්, උබුන්ටු මෙහෙයුම් පද්ධති කීපයක් තිබෙන නමුත් මුලින්ම අත් හදා බැළුවේ ගූගල් ඇන්ඩ්‍රොයිඩ්. මේ ලෑල්ලේ බූට් ලෝඩරයක් නැත්නම් බයෝස් (Basic Input Output System) එකක් නැහැ. ඒ නිසා SD කාඩ් එකේ පයින් සඳහාම සකස් කල මෙහෙයුම් පද්ධතියක් නැත්නම් කිසි සද්ද බද්දක් නැහැ. මෙහෙයුම් පද්ධතිය කාඩ් එකට ලියා ගැනීමට ජනෙල්, මැක් හෝ ලිනක්ස් යන්තරයක පිහිට තමයි. හාඩ් එක වෙනුවට ඇත්තේත් කාඩ් එකම තමයි. හැබැයි අවශ්‍යනම් යූ.එස්.බී හරහා හාඩ් එකක්, තවත් කාඩ් එකක් හෝ ස්ටික් එකක් අවුණා දත්ත ගබඩා පරිමාව වැඩි කර ගන්නට පුළුවන්.
පයින් හැට හතර. අළුපාට වයර් එක වයි ෆයි ඇන්ටෙනාවයි. යූ.එස්. බී. එකට අවුණා ඇත්තේ යතුරු පුවරුවේ හා මීයාගේ ඩොංගලයයි. එහා කෙළවරේ නිල් පාට වයරය HDMI කේබලයයි. අනිත් මුල්ලේ විදුලි කේබලය, මයික්‍රො යූ.එස්.බී. සොකට් එක හරහා. විදුලි ඇඩප්ටරය, 5V/2A. ඇම්පියර් දෙකේ ධාරිතාව වැදගත්. සාමාන්‍ය යූ.එස්.බී. ඇඩප්ටර බොහොමයක ධාරිතාව 1A.
ඇන්ඩ්‍රොයිඩ් සක්‍රියයි.... !
යූ. ටියුබ් හා අන්තර්ජාලය හරහා ලංකාවේ රූපවාහිනී ප්‍රචාරයන් නැරඹීම නම් ඉතාහොඳින් සිදුවුනා. මේ කාරිය කරන්නට ඩොලර් හැටකින් පමණ මේ පරිගණකය ඇවිණීම නම් අත්‍යවශ්‍ය දෙයක් නොවෙයි. එක්කෝ කෙලින්ම අන්තර් ජාලයට සම්බන්ධ වන ස්මාර්ට් රූපවාහිනියක් ගන්නට පුළුවනි, නැත්නම් ඩොලර් සියකට පමණ කෙලින්ම රූපවාහිනියේ HDMI ඇවිණුමට සම්බන්ධ වන ස්ටික් පරිගණකයක් ගන්නට පුළුවනි. ඒත් වයර් ඇවිණිමේ සතුට නම් මුදලට ගන්නට බැහැ.
යූ. ටියුබ් හා අන්තර්ජාලය හරහා ලංකාවේ රූපවාහිනී ප්‍රචාරයන් නැරඹීම නම් ඉතාහොඳින් සිදුවුනා. මේ කාරිය කරන්නට ඩොලර් හැටකින් පමණ මේ පරිගණකය ඇවිණීම නම් අත්‍යවශ්‍ය දෙයක් නොවෙයි. එක්කෝ කෙලින්ම අන්තර් ජාලයට සම්බන්ධ වන ස්මාර්ට් රූපවාහිනියක් ගන්නට පුළුවනි, නැත්නම් ඩොලර් සියකට පමණ කෙලින්ම රූපවාහිනියේ HDMI ඇවිණුමට සම්බන්ධ වන ස්ටික් පරිගණකයක් ගන්නට පුළුවනි. ඒත් වයර් ඇවිණිමේ සතුට නම් මුදලට ගන්නට බැහැ.
මයික්‍රො SD කාඩ් එක - ඔව් ඔය අළුයි රතුයි කෑල්ල තමයි.
ස්තූතියි
ReplyDeleteඑකත් නරක ම නෑ
ReplyDeleteඅපොයි ඔව්.... නරක වැඩ කරනවද අපි වාගේ හොඳ ළමයි...? :)
Deleteපයින්64 තවමත් බලන්න බැරිවුනු එකක්. රාස්බෙරි පයි ගැන මගේ ලිපි පෙළක් විදුසර පුවත්පතේ මේ දිනවල පළ වෙනවා. ඔබ පයින්64 බස් ගැන බලල තියෙනවද?
ReplyDelete