Tuesday, February 21, 2017

චෝචි මිච්චං

Share it Please

හඬක් නොනැගෙන නිහඬ නිසසල
සතුටු සිතිවිලි රොක්වෙලා
සයුරු ගැබ බෙල්ලකුගෙ කුස තුල
සැඟව හිනැහෙන සුසුදු සුදු මුදු
මුතු කැටක් සේ සිනා සේ

අහස් ගඟ ඉම තාරකා වැලි
අතර විසිරුණු සිහින තිමිරය
පාවෙලා විත් නැවතිලා
මා දෙපා ලඟ දැවටිලා
පියාඹන පලසක් වෙලා
ඇඟිලි තුඩු අග කිති කවා මට
කියයි එන්නට යන්න නැගිලා
සමනළුන් හා පියඹලා

සිරීපාදේ ඉමේ ලතැවෙන
හිරුමලේ පෙති ඇහැරිලා
කඳු මුදුන් වල තියුණු කඩු තුඩු
රත් වනින් දල්වා දවා

දිමුතු මුතු මල් නගන හසරැල්
ඉතිර ගලනා ලපැටි මුහුණක
ආදරේ මල් පොකුරු පීදුනු
සිතුවමක් දුර වලා වියනක
අඳියි අරුණළු සයුරු පෙණමල්
පාට පාටින් තවරලා

පියාඹා යන පලස මත හිඳ
දෝත දිගුකර කපොලු පිරිමැද
විඩාබර මල් කැකුළු පිබිදුනු
දෙනෙත් සිඹගමි මා නෙතින්
උරාගමි මම ඇගේ සුසුමන්
පුරාගමි මා ළය පුරා
ඉතිර ඉපිලී පිපී පීදී
සුවඳ විහිදන ආදරේ...!

May 28, 2014

5 comments:

  1. කොළඹ යුගයේ කවියක්

    (I mean Colombo Uni days)
    ;-)

    ReplyDelete
    Replies
    1. අර කවුද කිව්වා නේ ද, ඉගෙන ගන්න තියන හැම දේම මොන්ටිසෝරියෙදි ඉගෙන ගත්තා කියල....

      Delete
    2. Dont think it is from Colombo Uni. Days. Sounds like it is from the good old montissori days.

      Delete
  2. මේ වචන ගැළපීමනම් මරු ලොකූ...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තුති දුමින්ද.
      ගැලපෙන දේවල් කිට්ටුවුනාම නොදැනිම ගැලපෙනවා.

      Delete

Blogroll

About