ඇවිත් ගිහින් ගිහින් ඇවිත් යලි යලිත් ඇවිත්
වළා පොකුරු පොළව තෙමයි වැහි අරන් ඇවිත්
නිදා සිටිය ලිලී මලට පිපෙන්නට යලිත්
කඳුළු හෙලයි අහස යලිත් ආදරේ ගෙනැත්
පිරුණු විලක දිය මතුපිට නටන ඉරි වගේ
හෙමින් හෙමින් සුසුම් හෙලයි ආදරේ ගඟේ
කැටක් වැටුණු කලට දියට කැළඹිලා නැගේ
සුළං පොදට රහස් කියන පහන් සිල වගේ
කවුළු පියන් අරින වහන සුලඟ හා ඇවිත්
සිනා මලක් රඳවා යයි තොල් අගින් යලිත්
උදාසනේ ඉර එළියට දිලිසුනා වුනත්
රැයේ සදේ එළිය තමයි දෙනෙත් අග තවත්
කඳුලු පිරුණු වලාකුලෙන් හැලෙන ආදරේ
කඳුර දිගේ කොඳුර කොඳුර ගලන ආදරේ
මල් පෙත්තක බිංදු බිංදු රැඳෙන ආදරේ
ගඟක් වගේ ගලා ගිහින් ගිලෙයි සාගරේ
===''===
තාල ගැළපුණු ලස්සන කවියක්.
ReplyDeleteජයවේවා!!!
😁 දැණුනා නේද? සතුටුයි සතුටුයි....!
Deleteඑහෙත් මෙහෙත් යලිත් වරක් වැසිත් තියෙත් ඇවිත්
ReplyDeleteමලුත්, දළුත්, කොලත් බරක් නොවෙත් ගසුත් කියත්
හා හා ඔහෙත් එහෙමෙයි....?
Deleteමම හැමදාම හිතුවෙ වැස්ස කියන්නෙම අහස අඬන එකට කියලා !! මේ කවිය හොඳටම ලස්සනයි !!!
ReplyDelete" කඳුලු පිරුණු වලාකුලෙන් හැලෙන ආදරේ
කඳුර දිගේ කොඳුර කොඳුර ගලන ආදරේ
මල් පෙත්තක බිංදු බිංදු රැඳෙන ආදරේ
ගඟක් වගේ ගලා ගිහින් ගිලෙයි සාගරේ "
(Y)
තුති නවී...!
Deleteලස්සන කවි පෙළ
ReplyDeleteතුති අජිත්.
ReplyDelete