හඬක් නොනැගෙන නිහඬ නිසසල
සතුටු සිතිවිලි රොක්වෙලා
සයුරු ගැබ බෙල්ලකුගෙ කුස තුල
සැඟව හිනැහෙන සුසුදු සුදු මුදු
මුතු කැටක් සේ සිනා සේ
අහස් ගඟ ඉම තාරකා වැලි
අතර විසිරුණු සිහින තිමිරය
පාවෙලා විත් නැවතිලා
මා දෙපා ලඟ දැවටිලා
පියාඹන පලසක් වෙලා
ඇඟිලි තුඩු අග කිති කවා මට
කියයි එන්නට යන්න නැගිලා
සමනළුන් හා පියඹලා
සිරීපාදේ ඉමේ ලතැවෙන
හිරුමලේ පෙති ඇහැරිලා
කඳු මුදුන් වල තියුණු කඩු තුඩු
රත් වනින් දල්වා දවා
දිමුතු මුතු මල් නගන හසරැල්
ඉතිර ගලනා ලපැටි මුහුණක
ආදරේ මල් පොකුරු පීදුනු
සිතුවමක් දුර වලා වියනක
අඳියි අරුණළු සයුරු පෙණමල්
පාට පාටින් තවරලා
පියාඹා යන පලස මත හිඳ
දෝත දිගුකර කපොලු පිරිමැද
විඩාබර මල් කැකුළු පිබිදුනු
දෙනෙත් සිඹගමි මා නෙතින්
උරාගමි මම ඇගේ සුසුමන්
පුරාගමි මා ළය පුරා
ඉතිර ඉපිලී පිපී පීදී
සුවඳ විහිදන ආදරේ...!
May 28, 2014
කොළඹ යුගයේ කවියක්
ReplyDelete(I mean Colombo Uni days)
;-)
අර කවුද කිව්වා නේ ද, ඉගෙන ගන්න තියන හැම දේම මොන්ටිසෝරියෙදි ඉගෙන ගත්තා කියල....
DeleteDont think it is from Colombo Uni. Days. Sounds like it is from the good old montissori days.
Deleteමේ වචන ගැළපීමනම් මරු ලොකූ...
ReplyDeleteජයවේවා!!!
තුති දුමින්ද.
Deleteගැලපෙන දේවල් කිට්ටුවුනාම නොදැනිම ගැලපෙනවා.