Thursday, February 16, 2017

වැහි බිඳුවකි ආදරේ...!

Share it Please

ඇවිත් ගිහින් ගිහින් ඇවිත් යලි යලිත් ඇවිත්
වළා පොකුරු පොළව තෙමයි වැහි අරන් ඇවිත්
නිදා සිටිය ලිලී මලට පිපෙන්නට යලිත්
කඳුළු හෙලයි අහස යලිත් ආදරේ ගෙනැත්

පිරුණු විලක දිය මතුපිට නටන ඉරි වගේ
හෙමින් හෙමින් සුසුම් හෙලයි ආදරේ ගඟේ
කැටක් වැටුණු කලට දියට කැළඹිලා නැගේ
සුළං පොදට රහස් කියන පහන් සිල වගේ

කවුළු පියන් අරින වහන සුලඟ හා ඇවිත්
සිනා මලක් රඳවා යයි තොල් අගින් යලිත්
උදාසනේ ඉර එළියට දිලිසුනා වුනත්
රැයේ සදේ එළිය තමයි දෙනෙත් අග තවත්

කඳුලු පිරුණු වලාකුලෙන් හැලෙන ආදරේ
කඳුර දිගේ කොඳුර කොඳුර ගලන ආදරේ
මල් පෙත්තක බිංදු බිංදු රැඳෙන ආදරේ
ගඟක් වගේ ගලා ගිහින් ගිලෙයි සාගරේ

===''===

8 comments:

  1. තාල ගැළපුණු ලස්සන කවියක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. 😁 දැණුනා නේද? සතුටුයි සතුටුයි....!

      Delete
  2. එහෙත් මෙහෙත් යලිත් වරක් වැසිත් තියෙත් ඇවිත්
    මලුත්, දළුත්, කොලත් බරක් නොවෙත් ගසුත් කියත්

    ReplyDelete
  3. මම හැමදාම හිතුවෙ වැස්ස කියන්නෙම අහස අඬන එකට කියලා !! මේ කවිය හොඳටම ලස්සනයි !!!

    " කඳුලු පිරුණු වලාකුලෙන් හැලෙන ආදරේ
    කඳුර දිගේ කොඳුර කොඳුර ගලන ආදරේ
    මල් පෙත්තක බිංදු බිංදු රැඳෙන ආදරේ
    ගඟක් වගේ ගලා ගිහින් ගිලෙයි සාගරේ "

    (Y)

    ReplyDelete
  4. ලස්සන කවි පෙළ

    ReplyDelete

Blogroll

About