ජයතිලක කම්මැල්ලවීරයන් ලියූ කතාවක්, සටහනක්, පොතක්, නොකිය වූ, සිංහල පතපොත කියවූවකු සිටීම උගහටය. නූතන සිංහල කෙටිකතාවේ ඉදිරිමග සලකුණු කෙරුවෙකු ලෙසත්, තවමත් ඒ මග මං පෙන්වන්නකු ලෙසත්, අපි බොහෝ දෙනෙක් කම්මැල්ලවීරයන් හඳුනමු.
වන උයනක දෝතින් බදා අල්ලන්නට බැරි, අහසටම ඇස් යොමුකලත්, අගිසි දළුවක නෙත් රඳන්නට බැරි විසල් වෘක්ෂයක් දුටුකල, අපිත් මෙතන උන්නා, අපිත් මෙයාව දැක්කායි කියන්නට, සේ රුවක් සටහන් කරන්නට අපි පෙළඹෙමු. ගිලිහී වියලී වැටුනු පතක් ගෙනවුත් පොතක් අස්සේ දමා තියාගන්නට පෙළඹෙමු. ඒ අපි අපේ අගැයීම පෙන්වනා ආකාරයය. අපේ ආදරය සටහන් කරන්නාවූ ආකාරයය.
මේ පහත වීඩියෝව, සන්නස්ගලයන්, කම්මැල්ලවීරයන්ගේ කළු සපත්තු කියවන, කියා දෙන, විමසන, විචාරණ සටහනකි.
ඊලඟ සබැඳිය, කම්මැල්ලවීරයන්ගේ කෙටිකතාවකට හඬ කවන්නට මා ගත් දුබල උත්සාහයකි.
අවසාන සබැඳිය, කම්මැල්ලවීරයන් හා කල කතාබහක් ගැන කෞශල්‍ය කුමාරසිංහ, බීබීසී වෙබ් අඩවියට ලියූ සටහනකි.
කම්මැල්විර ගේ පොත කියවල නැහැ මම හිතන්නේ . නම් දෙක තුනක් දාන්න . හොන්දනම් ඊළඟ පාර ගන්න පුළුවන් .
ReplyDeletehttps://www.facebook.com/suriyaarachchi/posts/pfbid0vBU9zdeRKEEf6cjA7yTenWugj2h7qk71fkbTK2PMbCikAjtWB2KovYN32Qjmvx2Zl
Deleteඅජිත්ට උත්තරේ ලැබිලනෙ.
Deleteරසිකගෙ ලිස්ට් එක මෙතනත් අවුණනවා.
============================================
Rasika Harischandra Suriyaarachchi is with Jayatilaka Kammallaweera.
April 3, 2024 ·
ඕස්ට්‍රේලියාවේ සිටින හොඳම ජයතිලක කම්මැල්ලවීර රසිකයා මං ද මන්දා?
❤
මෙන්න පොත් ලැයිස්තුව.
නවකතා:
අට අවුරුද්ද,
තාත්තලාගේ කතාව,
ගොදුරු,
පුරා හඳ,
සියොත් තටු සිඳී,
චුම්භන කන්ද,
ප්‍රින්ස්,
චක්‍ර,
සුළු තනි තිත (ස්වයං චරිතාපදානය?),
ඩොල්කි.
කෙටිකතා:
කළු සපත්තු,
තාත්තාගේ මළගම (මිනිස්සු යක්කු සහ දෙවියෝ, තවත් කමලාවියක්),
මාංචු,
අන්තිම කැමැත්ත,
ලේ,
පස්වෙනි ජවනිකාව,
සොබා,
සිහින ඉසව්ව,
එකොළහ,
කැඩපත් දහයක්,
ජීවිතයෙන් උපන් කතා (කෙටිකතා ගැන කතා).
පරිවර්තන: ඉන්දියානු ආදර කතා
කවි: කාගෙද වසන්තය
++++++++++++
ReplyDeleteතුති.
Delete