Wednesday, October 30, 2024

කඳුළු බිංදුවකට වුනත් ස්වර්ණා

 picture: Designed by freepik   කඳුළු බිංදුවකට වුනත් ස්වර්ණා පුළුවනි දේ දුන්නක් හදන්න... එකතුවෙලා ගලද්දි සුදට දිලිසෙන ආලෝකය පාට පාට වර්ණ වලට කඩලා පාර ජම්බුල ඉඳන් අධෝරක්ත වෙනතුරු දම්පාට, නිල්පාට, කොලපාට කහපාට, තැඹිලි පාට, රතුපාට එළිය තීරු එක එක ලඟින් තියලා කොහේදෝ නැති සතුටක් අරන් ඇවිත් මුළු හිතම පුරවලා උතුරවන මායා කාර...
Continue Reading...

Sunday, October 20, 2024

මේ මොහොත ගෙවී යනු ඇත...

පිච්ච මල් පෙති පිරුණුබන්දේසියකි දොරකඩඋදේ හිරු රැස් ඉසීසීතලට හිනාවෙන... !හිතේ දුක් වල කහටසුසානයෙ සොහොන් මෙන්සුදු හිමෙන් වහන්නටහිම වැටුණ මේ මොහොතහැම මොහොතක්ම මෙන්ගෙවෙනු ඇත මොහොතකින්වියෝවෙන සුසුමක්පෙති හැළුණු පියුමක්මැකීයන පා සළකුණක් වීසිහිනයක් කර සඟවාඅද දකින සිහිනය...ඉතිරි කර මතකය...සොඳුරු යැයි සිතේ නම් සොඳුරු වේමැයි හෙටත් අඳුරු මොහොතක...
Continue Reading...

Wednesday, October 16, 2024

සෙව්වන්දිගෙ වැහි බිංදුව

 සෙව්වන්දිගෙ වැහි බිංදුවසරත් කාලෙ දවසකඒ කියන‍්නෙ මල් පිපෙන කාලෙ අගසීත කලාපෙ රටවල ගස්වල කොළකහ පාට වෙලා රතු පාට වෙලානටු වලින් ගිලිහිලාසුළං රැළි වල දැවටිලාතාලෙට නට නටාපුංචි ළමයි වාගෙඋඩ පැන පැනපාවෙලා යන කාලෙහෙමීට හෙමීටකම්මැලිකමේ ගාට ගාට ආපුමහ විසාල වලාකුලකඅග හරියෙ කෙළවරේදියවෙච්ච පුළුන් රොදක් වගේවිසිරිච්ච ඇඟිල්ලක එල්ලිලාපුංචිම පුංචි වැහි...
Continue Reading...

Saturday, October 12, 2024

එපා කියපු අය....

  Designed by Freepik කොයි තරම් බලාපොරොත්තු ඇතුව පොරොත්තුව, පොරොත්තුව, පොරොත්තුව, හිටියත්, කල් යල් බලා ගිහින්, උදේ පාන්දර නොදන්නා සේ මුලිච්චි වීම, බස් පොලේ, වැඩ පලේ මොකක් හෝ වැඩකට නැති හේතුවක් හොයාන ගිහින්, ඒත් නැත්තං ටවුම මැද්දේ ඔරලෝසු කණුව යටදීම, අතේ ඔරලෝසුව පෙන්නා, වෙලාව ඇහීම, හැන්දෑකරේ ගෙවල් පැත්තේ යන ගමන් ඒ ගෙදර ඉස්සරහාම, බයිසිකලේ...
Continue Reading...

Sunday, October 6, 2024

තුනෙන් දෙකේ අපලය හා දෙකේ පංතියේ තර්ක....

හැත්තෑවේ ඡන්දය තිබුනේ මැයි මාසේ 27 වෙනිදා ය. ඒ ඡන්දයට පහුවදා ලෝකයට අළුත්ම ජීව කොට්ඨාශයක් වූ 28 ශ්‍රී කාරයෝ බිහිවූ හ.  ජාතික ඇඳුම් මහන්නට ‌ ටේලර් සාප්පු වලට ඇනවුම් වැඩි වුනා පමණක් නොව රෙඩි මේඩ් ජාතික ඇඳුම් සාප්පුවලට ආයේද ඒ කාලයේ යැයි සිතමි. එයින් කාලයක් යනතුරු එජාප කෙනෙක් අපේ ගම් පලාත්වල හොයාගන්නා එක දුර්ලභ කාර්යයක් වී තිබුණේ ය.පහුගිය...
Continue Reading...

දම්පාටින් බැසයන සඳ.....

 දම්පාටින් ලා සඳ බැස යනවා දැක්කේත් ඒ පද ටික ලිව්වේත් ලූෂන් ය. ලූෂන් බුලත්සිංහලයන් ය. ගැයුම කපුගේ ගේ හා මාලිනීගේ වුවද, ලූෂන්ම කියන හැටියට, මේ ගීතයේ දම්පාට එන්නේ වෙසක් බලන්නට ගිය දවසකට පහුවදා හිමිදිරියේ මොරටු වැල්ලට ඉහලින් එල්ලී තිබුණු ලා දම් පාට සඳකිනි.  පහත වීඩියෝවේ ලූෂන් ඒ මොහොත ගැන සිය මතකය නැවත අවදි කරනවා අහන්නට පුළුවන.ඒක එහෙම...
Continue Reading...

Monday, September 23, 2024

ජනාධිපති සහෝදරයා....!

 අද අනුර රට බාරගන්නවා මෙන්ම, රට අනුරව බාරගන්නා වූ දවසය කියා මට සිතෙයි.  අද දවසේ හා මොහොතේ ‌‌ඓතිහාසිකත්වය ගැන මෙන්ම අනාගතය ගැන අප බොහෝ දෙනෙක් දකින්නාවූ සිහිනයන් ගේ  දිදුලන තාරකා දිලිසුම් ගැනත් කොතෙක් දේ ලිවිය හැකි වුවත්, මේ මොහොතේ හිතේ මතුවන වැදගත්ම දේ, මා අතින් කැටිකොට ලියැවුනේ 2022 නත්තල් කාලයේ දීය.රජ මැදුරක ඉපදී සිටියා...
Continue Reading...

Tuesday, September 17, 2024

රට අනු රට

 අපේ රටේ මට හරියටම මතක පලමුවෙනි මහ ඡන්දය නවසිය හැට පහය. ඒ කාලේ අපේ තාත්තාවූ බේබි මහත්තයා යූ ඇන්පී කාරයෙකි. එයා විතරක් නොව එයාලාගේ පරම්පරාවම කොළය‍, අලිය‍, ඇත් ගොව්වෝය, අලි බෙටි අහුලන්නෝ සහ පන්දම් අල්ලන්නෝය. අලිම කිව්වත් කොටන් අදින අලි මිස, පෙරහැරේ ගිය අලි නම් නොවේ ය.ඔව්වා ගැන ඉතිහාස කතා මේ බ්ලොග් සටහන් අතර කීපයක්ම ලියවී තිබේ. මට මතක...
Continue Reading...

Monday, September 16, 2024

කොබෙයියනේ වරෙල්ලා - පරෙයියනේ වරෙල්ලා....

 හැත්තෑ ගණන්වල සන්නිවේදනය තිබුණේ, බිත්තිවල හා තාප්පවලය. පාර අයිනේ, බෝඩ් වලය. කඩවල දොර ලෑලිවල ඇලවූ ඩිමයි කොල වලය.පත්තර කියන එව්වා හා ගුවන් විදුලිය රටේ ආණ්ඩුවේ සර්වතෝභද්‍ර පාලනය යටතේ තිබුණු කාලයේ, සන්නිවේදන කලාවේ අළුත්ම භූමිකාව හඳුන්වා දුන්නේ චේ ගුවේරා කණ්ඩායම ලෙස කරලියට පැමිණි ජවිපෙ ය.ඒ එක රැයක් තුල දිවයින පුරාම එකම වචන ටික ලියූ එකම...
Continue Reading...

Friday, August 23, 2024

එන්න මගේ කමලාවෝ.... අපි නාමු විලේ බැස පීනා....

 ඇමරිකානු ඩිමොක්‍රැටික් ජනපති වරම භාර ගනිමින් කමලා හැරිස් අද හවස සිය පාක්ෂිකයින් හා ඇමරිකානු ජනතාව ඇමතුවාය.ඈ කියූ සමහර කරුණු හා පොරොන්දු අතර මේ දවස්වල මාලිමා වේදිකාවේ අනුර කුමාර සහෝ කියන විස්තර කරන දේද අන්තර්ගත නේදැයි සිතුණු වාර ගණන අහම්බයකට වඩා වැඩිය.දෙන්නාටම අපේ සුබ පැතුම්......
Continue Reading...

Thursday, August 22, 2024

තුන්වෙනි කුමාරයාගේ කථාව නොහොත් ගෝඨාභය ගේ ඉරණම...

- පින්තූරය: මාලබේ එක්සත් වෙළඳ සංගමය විසින් 2023 දී ඉදිරිපත් කරන ලද සිරිසඟබෝ ජාතකය රූකඩ  සංදර්ශනයේ සිරි සඟබෝ රජතුමා හිස දන්දෙන දර්ශනය. යූ ටියුබ් සබැඳිය මේ සටහන අග.පසු සටහන:යූ බටයෙන් රටේ ගමේ තොරතුරු අහන දැනගන්න මට මේ හදිස්සියේ මතක්වුනේ, මේ ලබන විසි එක් වෙනිදා අපේ ජනතාව කතිර ගහන්නේ, දෙදාස් දහනවයේ ගෝඨාභය මහත්තයාගේ පත්වීම නීත්‍යානුකූලව වෙනස්...
Continue Reading...

Blogroll

About