Thursday, September 1, 2016

අපේ ලෝකයට ඉර පායපු හැන්දෑව.....

Share it Please
අදත් සැප්තැම්බර පළමුදාවකි. හැම සැප්තැම්බර පළමුදාවක්ම අපේ හිත් අරගෙන යන්නේ එකම එක දවසකටයි. ඒ අපේ කුළුඳුලා උපන්, අපේ මානෙල් අම්මෙක් වූ දවසටයි.

ඒ කොල්ලාගේ නම සුමුදු ප්‍රියකාන්තය. ඉතින් මා තාත්තෙක් වූ දවස හැමදාම හිතට එන්නේ කියන්නට බැරි තරම් සතුටකිනි. 

සුබ උපන්දිනයක් සුමුදු පුතා. 



මට මේ දවස හැමදාමත් මානෙල්ගේ දවසයි.

පහත ඇවිනෙන්නේ අද වගේ දවසක ගිය අවුරුද්දක තැබූ සටහනකි.

---------------------------------------------------------------------------

මල්ලිලා පස් දෙනෙකුට අක්කාව උපන් ඕ එදත් අදත් හෙටත් මටත් කොල්ලන්ටත් අම්මාම වන්නී ය. 


අම්මෙක් දරුවකුට ජීවිතය දෙනවායි කියන්නේ නව මසක් කුස දැරීමටත්, ලේ කිරිකර පෙවීමටත්, කවාපොවා ඇති දැඩි කිරීමටත් ආදී මේ සියල්ලෙනුත් එහා ගිය සදාකාලික වැය වීමක් බව මට කියා දුන්නී ද ඕ මය.

අප‍ේ ලෝකයට ඉර පෑව්වේ 1984 සැප්තැම්බර පළමුදා හවස හයකුත් ගාණටය. සුමුදු ප්‍රියකාන්ත උපන්නේ ගිම්හානය සරතයට අත පාමින් තිබූ, හැන්දෑ ඉරේ දීප්තියෙන් සූතිකාගාරය‍ේ විසල් වීදුරු කවුළුව දිදුලු දුන් ඒ සවස් වරුවේය. 

මා අතින් මේ වචන ටික ලියැවුනේ ඒ කොල්ලා ලොකු මහත් වී විශ්ව විද්‍යාලයට යන්නට අර අදින සමයේය. 

ඒ වචන හරි බරි ගස්සා තනුවකට ගොනු කලේත් සංගීතය මුසුකරවා හිතට දැනෙන හැඟීමක් කලේත් බිබිලදෙණියේ මහානාම හාමුදුරුවෝ ය.

ගයන්නී නම් මානෙල් කුසුම් රේණුකා වූ ඕ මය. 


අහන්න ----සත්පියුම්-----

2 comments:

  1. ඒකෙන් මේකෙන් මම කල ලොකුම සොයාගැනීම මානෙල් ආන්ටිගේ නමට 'කුසුම් රේණුකා' කෑල්ලක් තියෙන බවයි. මලක්ම තමයි නේද?

    සින්දුව අහන්න ඕනේ ගෙදර ගිහින්.

    මගෙ උපන්දිනේටත් මෙහෙම ලියන්න කෙනෙක් හිටියානම්..... ඔන්න මට සුමුදු ගැන ඉරිසියාවක් හිතුනා.

    ReplyDelete
    Replies
    1. පිපී පිපී රේණු නටන විලේ මලක්....!

      Delete

Blogroll

About