මාලතී කල්පනා ඇම්බ්‍රෝස් ගේ "ඔබ ගැඹුරු නින්දක" කාව්‍ය සංග්‍රහය ජනගත කිරීමේ උළෙල, 2016 සැප්තැම්බර් 10 වන සෙනසුරාදා, සවස 3:00 සිට 6:00 දක්වා, කොළඹ මහවැලි කේන්ද්‍රයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි.
දේශන
ලියනගේ අමරකීර්ති
චූලානන්ද සමරනායක
මෙහෙයවීම
ධනුෂ්ක ගනේගොඩ
ඔබ ගැඹුරු නින්දක, සන්ථව ප්‍රකාශනයකි.
----------------------------------------------------------------------------------------------
මාලතී මට හමුවන්නේ 2009 ඔක්තෝම්බරයේ දවසක බූන්දියේ කවි පෙලක් තුලිනි. අවතැන් වූවන්ගේ කඳවුරේ සිටි රාධා, සුන්දරම්ට ලියූ ලියුම.....
දිවිවොතින් ආයෙත්
කටු කමිබි වල පැටළෙයි
බැලුවොතින් නෙත උස්සා
යළි හිස නගනු බැරි වෙයි
ගැළුවොතින් එක කඳුලක්
මුළු පරපුරම අළුවෙයි
ඒ නිසා හිරි වැටී ඉන්නෙම්..
නෑසෙන්න හුස්ම ගන්නෙම්....
ඔබ ඔතැන නිදන තුරු.
මේ,
ඔබේ,
රාධා
http://boondionline.blogspot.com/2009/10/blog-post_3469.html
කියා නවතන මාලතී, ඒ කතාව තවමත් අවසන් නැති වග අපේ සිත් සතන් වලට තට්ටු කර කියන්නට දෝ මේ සැප්තැම්බර දහවෙනිදා අපේ අත පත් වන ඇගේ දෙවන කව් එකතුව නම් කරන්නේ "ඔබ ගැඹුරු නින්දක" නමිනි.
ජීවිතය නම් නැරඹිය යුත්තකි. ජීවිතය නම් විඳිය යුත්තකි. එය නරඹන්නේත් විඳින්නේත් අපම මෙන්ම, රඟපාන්නේත් අපමය. එහෙත් අප බොහෝ දෙනෙක් බොහෝවිට කරන්නේ නම්, ජීවිත රඟහලේ හොඳ අසුනක් සොයමින් එහා මෙහා ඇවිදීම මිස ඇස් ඉදිරිපිට සිත් ඉදිරිපිට දිගහැරෙන දේ නැරඹීම, විඳීම නොවේ. ඒකත් බොහෝවිට කෙරෙන්නේ අප වටා ලෙලදෙන අත්වලින් ඇදෙන නූල් වලින් බැඳුනු අපේ අත් අපේ සිත් ඒ නූල් ඇදෙන ලිහෙන තාලයට ඇදෙන ලිහෙන නිසාම වෙන්නටත් පුළුවන.
කවි හා කතාන්දර මැවී ඇත්තේ එහෙයිනි. අපට මගහැරෙන අපට දකින්නට විඳින්නට අවකාශ නැති වුනු, නැති වන, දැකුම් විඳුම්, නෙතින් අතගා, හිතින් ගලගා, අපේ ආත්මයන් තුලට මුදා හරින්නටය.
ඉතින්, මාලතී ගේ කවිපොත අතට එනතුරු මමත් නොනිදා බලා හිඳිමි.
-ලොකු
මාලතීගේ බ්ලොග් අඩවිය: http://hapifly.blogspot.com
බූන්දියෙන් ඇහිලූ මාලතීගේ තවත් කවි දෙකක් පහල
කවි බූන්දි
ගිළිහෙන ස්මෘතිය, එනම් රික්තයක මතකය
Malathie Kalpana Ambrose | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
බූන්දි, අඟහරුවාදා, මාර්තු 1, 2016 01:08:14
Malathie Kalpana Ambrose | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
බූන්දි, අඟහරුවාදා, මාර්තු 1, 2016 01:08:14
මතකයන් බිඳෙන් බිඳ
ගිලිහෙන විට
කාලයට නමක් දිය යුතු නම්
ශෝකය යයි කියනු මැන
දෙඇස්වල අවසාන එළි පොද
නිවී නො නිවී සිඳි යන විට
ප්‍රේමයට පර්යාය පද අවැසි නැත,
ඉඳහිට වැළඳ ගනු මැන
බෙදා ගත් දිවියක
සදාකාලික මතකය
කිසිවකින් මකනු බැරි බව
නිදාගත් මා හෘදයට
නිරතුරුව සිහිපත් කර දුන මැන
රික්තයක් තුළ නිහඬ ගොළු බව
දරා ගනු බැරි දිනයෙක,
සමු ගැනුම් අවැසි නැත
කිසිත් නොකියා ඉවත යනු මැන
කළු කුහරයක් මැද
අරුත් ගිලිහුණු ස්මෘතිය
කිසිත් නොහැඟෙන ශුන්‍ය දෑසක
ඇස් පියන් යට තබා යනු මැන
හිස්කමක් මිස කිසිත් නො පෙනෙන
අන්ධකාර ම හදක පතුළත
මිදී ඝන වී කියනු බැරි වූ
ආදරය නම් දෙයක් තිබුණෙය,
එයම පමණක් රැඟෙන යනු මැන.
29-02-2016
*ස්මෘතිය අහිමි වීම විසින් එදිනෙදා පුරුදු බොහෝ දේ අමතක කර දමයි. ඇතැම් විට මනස හිස්වෙයි-හුරුපුරුදු කිසිවක් සිහියට නඟා ගනු බැරිවෙයි.
ගිලිහෙන විට
කාලයට නමක් දිය යුතු නම්
ශෝකය යයි කියනු මැන
දෙඇස්වල අවසාන එළි පොද
නිවී නො නිවී සිඳි යන විට
ප්‍රේමයට පර්යාය පද අවැසි නැත,
ඉඳහිට වැළඳ ගනු මැන
බෙදා ගත් දිවියක
සදාකාලික මතකය
කිසිවකින් මකනු බැරි බව
නිදාගත් මා හෘදයට
නිරතුරුව සිහිපත් කර දුන මැන
රික්තයක් තුළ නිහඬ ගොළු බව
දරා ගනු බැරි දිනයෙක,
සමු ගැනුම් අවැසි නැත
කිසිත් නොකියා ඉවත යනු මැන
කළු කුහරයක් මැද
අරුත් ගිලිහුණු ස්මෘතිය
කිසිත් නොහැඟෙන ශුන්‍ය දෑසක
ඇස් පියන් යට තබා යනු මැන
හිස්කමක් මිස කිසිත් නො පෙනෙන
අන්ධකාර ම හදක පතුළත
මිදී ඝන වී කියනු බැරි වූ
ආදරය නම් දෙයක් තිබුණෙය,
එයම පමණක් රැඟෙන යනු මැන.
29-02-2016
*ස්මෘතිය අහිමි වීම විසින් එදිනෙදා පුරුදු බොහෝ දේ අමතක කර දමයි. ඇතැම් විට මනස හිස්වෙයි-හුරුපුරුදු කිසිවක් සිහියට නඟා ගනු බැරිවෙයි.
හේමමාලි | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
[බූන්දි| ඉරිදා, අගෝස්තු 26, 2012]
රත්න ශ්‍රී විජේසිංහගේ පිය බිරිඳ ඊයේ සමු නොගෙන ම ලොවෙන් නික්ම ගොස් තිබුණි.
ඈත ලේන කුලයේ සිට පෙරුම් පුරා
දෑත නො හැර ළඟ හිටියේ කඳුළු දරා
සේම අහස දිය දී සෙනෙහස වපුරා
හේමමාලි වී ඉපදුණ යසෝදරා
තුන් යම බුදු පහන වෙවී ඇවිලෙන්නේ
ඒ එළියයි කවියට විවරණ දුන්නේ
ගේ මැද ගේ කුරුල්ලනි ඇයි නො කියන්නේ
හෙවණැල්ලක් කොහොමද සමු ගෙන යන්නේ
දුරු අරණේ මල් නො පිපුණ හවස් කල
දරු පැටවුන් රැක නො නිඳා පහන් කළ
තටු ඇවිදින් උන් ඉගිළුණු දවස්වල
තටු විහිදා මා රැකගත් කිරිල්ලිය
රාත්‍රියක වැළපෙන ගුරු තරුව අරා
බේත් පොවා ළය අත ගා වරින් වරා
පිටත් වුනේ අල්ලා ගත් අත නොහැරා
මටත් කලින් බුදු වෙන්නද යසෝදරා
පේන පේන පඳුරේ මල් පූදින්න
රෑන රෑන ආ ගිරවුනි නාඬන්න
හීන හීන නොමවී හෙට එළි වෙන්න
හේමමාලි එක පාරක් යළි එන්න
[බූන්දි| ඉරිදා, අගෝස්තු 26, 2012]
රත්න ශ්‍රී විජේසිංහගේ පිය බිරිඳ ඊයේ සමු නොගෙන ම ලොවෙන් නික්ම ගොස් තිබුණි.
ඈත ලේන කුලයේ සිට පෙරුම් පුරා
දෑත නො හැර ළඟ හිටියේ කඳුළු දරා
සේම අහස දිය දී සෙනෙහස වපුරා
හේමමාලි වී ඉපදුණ යසෝදරා
තුන් යම බුදු පහන වෙවී ඇවිලෙන්නේ
ඒ එළියයි කවියට විවරණ දුන්නේ
ගේ මැද ගේ කුරුල්ලනි ඇයි නො කියන්නේ
හෙවණැල්ලක් කොහොමද සමු ගෙන යන්නේ
දුරු අරණේ මල් නො පිපුණ හවස් කල
දරු පැටවුන් රැක නො නිඳා පහන් කළ
තටු ඇවිදින් උන් ඉගිළුණු දවස්වල
තටු විහිදා මා රැකගත් කිරිල්ලිය
රාත්‍රියක වැළපෙන ගුරු තරුව අරා
බේත් පොවා ළය අත ගා වරින් වරා
පිටත් වුනේ අල්ලා ගත් අත නොහැරා
මටත් කලින් බුදු වෙන්නද යසෝදරා
පේන පේන පඳුරේ මල් පූදින්න
රෑන රෑන ආ ගිරවුනි නාඬන්න
හීන හීන නොමවී හෙට එළි වෙන්න
හේමමාලි එක පාරක් යළි එන්න
ස්තූතියි ලොකූ....
ReplyDeleteඅපි නම් පොත ගත්තා. දැන් කියවන්නයි හදන්නේ.
ReplyDeleteකියෙව්වා ද?
Deleteඅපි නම් පොත ගත්තා. දැන් කියවන්නයි හදන්නේ.
ReplyDelete