හැත්තෑ ගණන් වල දවසක වෙන්නප්පුවෙ පල්ලියෙ ඉස්කෝලෙ නැත්තං ශාන්ත ජෝශප් පිරිමි පාසැලේ හෝල් එකේ ඩෙස්කයක් උඩ හිටගෙනයි හෙන්රිගෙ මකරා බැළුවෙ. මං හිතන්නෙ ඒකෙ ලාන්ස්ලොට්ට ඇන්දෙ ධර්මසිරි බණ්ඩාරනායක.
මට අමතක නොවෙනම කෙනෙක් මකරායි ලාන්ස්ලොටුයි යුද්ධ කරන වෙලේ ඒක බලන්න එකතුවෙන මිනිස්සුන්ට අව් කණ්ණාඩි, මූණ බලන කණ්ණාඩි විකුණන තොරොම්බල් කාරය....
මකරා නොමැරෙන්නෙ ඇයි කියන එක ගාමිණි බස්නායක මෙතන ලියල තියනව මට වඩා හොඳින්.... ඉතා හොඳින්....
මකරා මරා දැමිය යුතුය-ගාමිණි බස්නායක-බූන්දි-16-2-2015
"අප විසින් දශක ගණනාවක් පුරා ගෙවා දමන ලද කාලය දෙස නැවත හැරී බලන විට අප ළඟ සිටිනා මකරා මරා දමා නොමැති බැව් ඉඳුරා පසක් වේ. අප සැම විට ම උත්සාහ දරන්නේ නොපෙනන නොහඳුනන මකරකු හට යටත් වී ජීවත් වීමටයි. ඔවුන්ගේ සුඛවිහරණය සකස් කිරීමයි. නාට්‍ය කරුවාගේ කාර්යභාරය පෙන්වා දීම පමණි. සංවාදයට භාජනය කිරීම පමණි. තීන්දු තීරණ දීමේ හෝ ගැනීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවක් නාට්‍යකරුට තිබිය නොහැකිය. ඒ අර්ථයෙන් නාට්‍යකරුගේ සමාජ කාර්ය ඉටුකර අවසන්න ය. පළමුව හෙන්රි ජයසේනයන් විසින් නිෂ්පාදනය කළ මකරා නාට්‍යයට පසුව ධර්මසිරි බණ්ඩාරනායකනිෂ්පදනය කළ මකරාක්ෂයා ද අප සමාජයක් ලෙසින් ප්‍රේක්ෂකයන් පිරිසක් විසින් නරඹා අවසන් ය. එහෙත් අප සමාජය දිනෙන් දින මකරුන්ගෙන් පිරී යමින් පවතී. පුරපතිලා ද හෙන්රිලා ද කොතෙකුත් ඇත. අපගේ ගැලවුම් කරුවන් වශයෙන් පෙනී සිටින ලන්ස්ලොට්ලා ද ටික කලක දී මකරුන් බවට පත්වන බව අප අත්දැකීමෙන් ම දනිමු. එසේ නම් අප විසින් කළ යුත්තේ මකරා මරා දැමීම හෝ ලන්ස්ලොට් කෙනකු එන තෙක් බලා සිටීම නොවේ. අප ම විසින් අප අභ්‍යන්තරයේ සැඟව සිටිනා මකරුන් මරා දැමීමයි. සමාජය නිවහල් වන්නේ ප්‍රීති දායක වන්නේ එවිටයි. මකරා නාට්‍යයෙන් මතු කරන අර්ථය එයයි.
අප අද මකරා මරා දැමුවා යැයි උදම් අනන්නේ නම් එය වැරැදි සහගතය. මකරා සිටින්නේ අපගේ හදවත් තුළය. ඔහු මරා දමන තෙක් විමුක්තිය උදා නොවෙනු ඇත!"
No comments:
Post a Comment