Wednesday, July 24, 2024

අසූ - තුන....!

Share it Please




මේ ජුලි විසිතුන්වෙනිදා  පාර්ලිමේන්තුවේදී ‌රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා බන්ධනාගාරවල සිරකරුවන්ගේ ශාරිරික පරීක්ෂාවන් ගැන කල ප්‍රකාශයකින් කැළඹුණු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා, සිය කතාව අතරතුර මෙසේ දෝෂාරෝපණයක් කලේය,

"මට තේරෙන්නෙ නෑ එතුමට බන්ධනාගාරය කියන වචනෙ තේරුම දන්නවද කියල. මේක රටක් විදිහට අපි බලන්නෝන. දේශපාලනික වශයෙන් අන්ධ වෙලා පටු වාසි ගන්න මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න හොඳ නෑ. වගකීමෙන් කටයුතු කරන්න. මේ ප්‍රකාශය තුල ගරු සභාපති තුමනි, සමස්ත බන්ධනාගාරයෙ ඉන්න සියළුම ජනතාවට විශාල අපහාසයක් අවමානයක් කරන්නෙ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙ සියළුම නිලධාරින්ට විශාල අපහාසයක් අවමානයක් කරන්නෙ. සමස්ථයක් විදිහට ගත්තම රටක් විදිහට මහා ම්ලේච්ඡ මිනිස්සු ජීවත්වෙන සමාජයක් තියන රටක් කියල ශ්‍රී ලංකාව මේ මුළු ලෝකෙටම අඬගහල කියනව...."

අවුරුදු හතලිස් එකකට පෙර අද දවස ගැනත් ඒ ලෙසින්ම විජයදාස රාජපක්ෂ අමාත්‍ය වරයාගේ මුවින් පැවසේවිදැයි සිතනු වටී.




මේ කතාවන් අතරතුරේ බොරැල්ලේ කනත්ත ඉදිරිපිට නුග ගස යට පහන් දැල්වීමක් සිදු විය. ඒ අසූ තුනේ ජූලි විසිතුනෙන් ඇරඹුනු, ‌මුළු මහත් ලෝකයටම අපේ ජන සමාජයේ නොව, අපේ පාලක පෙලැන්තියේ මලේච්ඡත්වය හා කෲරත්වය හඬගා හුවා දැක්වූ ද, තිස් අවුරුදු යුද්ධයේ ආරම්භය සනිටුහන් කලා වූ ද සිද්ධින් සමුදාය සිහිපත් කරවන්නට ය.





මෑත ඉතිහාසයේ දී, අපේ රටේ රාජ්‍ය අනුග්‍රහයෙන් හා නොමසුරු සහභාගිත්වයෙන් සිදු කල මලේච්ඡ හා කෲර මිනිමැරුම් හා අපරාධයන් ගේ සංවිධානාත්මක ආරම්භයක් සටහන් කල කළු ජූලිය ඇත්තෙන්ම ඉතිහාස කතාවක් නොවිය යුත්තේ ය. එය අප නැවත නැවතත් ගෙවදින හදාරන හා අපේ අනාගතයට නොකල යුතු හා නොවිය යුතු දෑද, අප කිසිදිනක අවතීර්ණ නොවිය යුතු මාර්ගයන් ද පැහැදිලි කර මග පෙන්වන මං සලකුණක්ම විය යුත්තේ ය.

ඉතින් මේ සිදුවීම් පිළිබඳව මෑත යුගයේ දී ලියැවුනු කියවුනු දේ පහත ගොනු කරමි.















මේ අවසාන වීඩියෝව ගිය අවුරුද්දේ අපේ දේශප්‍රේමී ජනතාව කළු ජූලිය සැමරූ ආකාරය පෙන්වයි.












5 comments:

  1. 2022 මැයි 9 කෝලාහලයත් කලු ජූලිය වගේම දෙයක්.

    ReplyDelete
  2. කලු ජූලිය කියන සුලු කෝලාහලය ට පසුබිම්වන තත්වය සැලකිය යුතුයි.
    චෙල්වනායගම් මූලිකත්වයෙන් වඩුගොඩ සම්මේලනය කියලා එකක් හදාගෙන දෙමළ සහ මුස්ලිම් පක්ෂ එකතුවෙලා වෙනම රාජ්‍යයකට සිතියමක් හදාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න එකඟ වුනා. ඒ වගේම ඒ නිජ භූමිය තුල සිටින සිංහලයන්ට හිරිහැර කිරීම් දිගටම සිදුවුනා.
    https://www.youtube.com/watch?v=-BAuaBDsXCY&t=2s

    මේක හරියට සහරාන් බෝම්බෙ පුපුරවන්න කලින් මුස්ලිම්වරු හැසිරුන විදිය මකත් කර ගන්න. බෝම් බෙන් පස්සෙ එනම් මුස්ලිම් වරු සෑහෙන පිරිසක් තම වැරදි තේරුම් ගත්තා

    ReplyDelete
    Replies
    1. එම අවස්ථාවෙදි දෙමළ මිනිස්සුන්ට තෝරා ගැනීම් දෙකක් තියෙනවා.
      1. ඊලාම් ව්‍යාපාරයට එකතු වීම
      2. සිංහල ජාතියට එකතු වීම.
      ඒත් උන් කලේ සිංහලයෝ එක්ක ඉන්න අතරම අමුතු සත්තු වගේ ජීවත්වීම.
      උන් හිතන්න ඇති සිංහලයොත් පොන්නයෝ වගේ ඉඳයි කියලා. එහෙම හිටපු එවුන්ට තමයි හිරිහැර වුනේ. මම සිංහලයෙක් විදියට කලු ජූලිය ගැන පසුතැවෙන්නේ නෑ. බෝම් බෙන් පස්සෙ එනම් මුස්ලිම් වරු සෑහෙන පිරිසක් තම වැරදි තේරුම් ගත්තා. ඒත දෙමලු තාමත් තමන්ගේ වැරැද්ද තෙරුම් අරන් නෑ.

      Delete
    2. ඔයැයිගේ නම විසල වෙන්නෝනා නේ ද?

      Delete
    3. ඒකට කියන්නේ වඩුක්කොඩෙයි ගිවිසුම. යාපනේ උන් එහෙම කලාය කියල 83 දෙමල මිනිස්සු මරන්න අවශ්‍ය නැහැනේ. 1977 උන්ව මැරුව, 1958 දී මැරුව. සුද්දා යනකොට ඒ මිනිසුන්ට වැඩි බලයක් දීපු එක ඇත්ත සිවිල් සේවයේ. ඒවා ගන්නවා ඇරෙන්න මරන්න පණ න පිටින් ගිනි තියන්න වගේ අමු මරුමුස් මෝඩ වැඩ කරලා ඊට පස්සේ උන්ව පිට රටවලට යවලා නා ගත්තේ අපිමයි. තවමත් මේක තේරෙන්නේ නැති අය ඉන්න එක රටේ අවාසනාවක්

      Delete

Blogroll

About